රාජපක්ෂ හැතිකරේ හොරෙක් එවූ රෝස මල් නිදහස් කරන්නැයි රනිල්ගේ ඇම්බැට්ටයන්ගෙන් රේගුවට බලපෑම්...!
-සන්ඩේ අයිලන්ඩ් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.13, ප.ව.4.10) ඉන්දියාවේ සිට ව්යාපාරික තිරුකුමාර් නඩේසන් විසින් රැගෙන එන ලද රෝස මල් කූඩ 20 ක් මෙරටට මුදා හැරීම නැවැත්වීම නිසා අලි-පොහොට්ටු ආණ්ඩුවේ උදහසට ගොදුරු වනු ඇතැයි බියෙන් සිටින ශාක නිරෝධායන ඒකකයේ නිලධාරීන්ට සහාය පළ කරමින් වෘත්තීය සමිති නායකයින් රැස්වීමක් පැවැත් වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සන්ඩේ අයිලන්ඩ් සමග පැවසීය.
එම මල් භාණ්ඩ තොගය මුදා හැරීම ශාක නිරෝධායන නිලධාරීන් විසින් අඟහරුවාදා (8) නතර කර ඇත. පසුව ඔවුන් රෝස මල්වල කෘමීන් සිටින බව හඳුනා ගෙන ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.
පසු ගිය බදාදා කොළඹ දී පැවැත්වීමට නියමිත පූජාවකට යොදා ගැනීම සඳහා මෙම රෝස මල් ගෙනැවිත් තිබූ බව ආරංචි මාර්ග පවසයි.
භාණ්ඩ නිදහස් කර ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ඇතැම් නිලධාරීන් විසින් බොහෝ ඇමතුම් ලබා දී තිබුණි. කෙසේ වෙතත් ගුවන් තොටුපළ බලධාරීන් විසින් එම බලපෑම්වලට යට නොවී මල් කූඩ මුදා හැරීම ප්රතික්ෂේප කර තිබේ.
ශාක නිරෝධායන පනතේ සහ වන සත්ව හා වෘක්ෂ ලතා ආඥා පනතේ විධිවිධාන යටතේ මෙම මල් තොගය විනාශ කරන බවත්, එසේ විනාශ කරන අවස්ථාවේ දී ගුවන් තොටුපළට පැමිණ පෙනී සිටින ලෙස නිලධාරීන් විසින් ආනයනකරුට දන්වා ඇති බවත් ගුවන් තොටුපළ ආරංචි මාර්ග ප්රකාශ කළේය.
කිසිදු නියෝජිතයෙකු නොපැමිණි බැවින්, සිකුරාදා සවස වන විටත් මෙම රෝස මල් තොගය ගුවන් තොටුපළේ භාණ්ඩ ප්රවාහන අංශයේ තිබූ බව ආරංචි මාර්ග පවසයි.
තිරුකුමාර් නඩේසන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක නමැති පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත
- 2023 අගෝස්තු 13 වන දින Sunday Island වෙබ් අඩවියේ පළ වූ, “Roses for pooja held at BIA by plant quarantine officers” නම් ප්රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ
- ආනන්ද
https://www.lankaenews.com/category/68

වසර ගණනාවකට පෙරල ලංකාවේ පොල් ගස්වලට පැතිරී විශාල හානියක් සිදුකළ Cumingi කියන රෝගයත් ආරම්භ කළෙ ඇන්තූරියම් පැලවලින් නේද? තව මගුලක් රටට ගේන්න හදනවා ද? නැත්තම් නිකම් ඔලුව දාල බලවා ද ප්රතිචාරය දැනගන්න! කොහොමටවත් ඉඩදෙන්න එපා.
ReplyDeleteAll these idiots are in the same boat, still no legal action re the Pandora Papers
ReplyDelete