Tuesday, 19 September 2023

හමුදාව පජාත කළ විනයාරක්ෂාධිපති ලක්ෂ විස්සක් මාටියා ගහලා..! ඉතාලි කාන්තාවකගෙන් පැමිණිලි..! ඔහුට එරෙහි චෝදනා පත්‍රය මෙන්න..!

-සොල්දාදු උන්නැහේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.19, ප.ව.10.30) ශ්‍රී ලංකා යුද හමුදාව දවසට දෙකට පජාත කර  දැමූවන් අතර අග්‍රස්ථානය හිමිවනුයේ වර්තමාන  විනයාරක්ෂාධිපති අති දූෂිත කුප්‍රකට මේජර් ජෙනරාල්  ක්ලිෆර්ඩ් සොයිසා හට  බැව් යථාර්ථයක් වී අවසන්ය.

පිළිකුලකින් හිරිකිතකින් තොරව දූෂණයේ යෙදෙමින් මහජන මුදල් කාබාසිනියා කර විලිලැජ්ජාවක් නොමැතිව විනය ආරක්ෂා අධිපති බලතල ද අවභාවිතා කරමින් තමන්ගේ පශ්චාත් භාගය ලෙවකන  සට්ටැඹියන්ගේ නීති විරෝධී ක්‍රියා සියල්ල යට ගසමින් තමාට විරුද්ධ වන්නන් හට බොරු චෝදනා නගමින් නීතිය නැවීම කලාවක් නම් එහි පිකාසෝ  "බිංදු" ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නේ මේ  මෙම මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා ය

යුද හමුදා පොලිසියේ ඇත්තෝ ම මොහුව " බිංදු " යන අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලබන්නේ එදා මෙදා තුර යුද හමුදා පොලිසියේ ඔහුගේ මැදිහත් වීමෙන් සිදුකරනු ලැබූ විමර්ශනයන් සියල්ලම අසාර්ථක වීම සහ අවසාන ප්‍රතිඵලය බින්දුවක් ලෙස නිගමනය වීම නිසා ය.

සිහින දකින ප්‍රොරෝමාෂල්...

පසුගියදා පැවැත්වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟය පරයා උණුසුම්ව නැගෙන හමුදාපති සටන කරට අරන් ක්‍රියා කරන්නන් අතර ඉදිරියෙන්ම සිටින මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් තමාට හිතවත් අයකු යුද හමුදාපති  කරවීමේ  සටනේ යටිකූට්ටු කුමන්ත්‍රණ  දියත් කරමින් සිහින හමුදාපතිවරු බිහිකිරීමට කොන්දේසි විරහිතව කඩේ යමින් සිටී.

වර්තමාන යුද හමුදාපති අපහසුතාවයට ලක් වූයේ මූලිකවම මොහුගේ සටකපට  දෙබිඩි වැඩවලිනි. මෑතකදී යුද හමුදාපති සහභාගිත්වයෙන් යුද හමුදා පොලිස්  වර්ණ රාත්‍රී අවසන්ව නිලධාරී  නිවාසයේදී පවත්වනු ලැබූ  සාදය ඉන් එකකි. තම යුද හමුදාපතිවරයා  තමාගේ වහලය යට දී ආරක්ෂා කරගත නොහැකි වූ දෙකයි පනහේ විනයාරක්ෂාධිපති කෙනෙක් යටතේ යුද හමුදාවේ විනය ගැන කුමන කතාද ?

වැන්දඹු පවුල මාකට් කරලා සල්ලි ගරලා....  

දෙවන යුධ හමුදා පොලිස් හේවා  බලකායේ මියගිය සෙබළකු වූ  කෝප්‍රල් අබේරත්නගේ බිරිඳ වන දිලිනි ප්‍රියශාන්ති අබයරත්න නැමැති වැන්දඹුව හට අඟුරුවැල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිකර දීමට යැයි පවසමින් අගතියට පත් වැන්දඹු  බිරිඳ සහ දරු දෙදෙනාගේ ඡායාරූප පෙන්වමින් පරිත්‍යාගශීලී කාන්තාවන් රැසක් නොමඟ යවමින් පරිත්‍යාග මුදල් විශාල ප්‍රමාණයක් මේ අපූරු විනයාරක්ෂාධිපති යටි මඩි ගසා තිබේ.

යුධ හමුදා පිළිවෙතට අනුව යුධ හමුදා ක්‍රියාකාරකම් සඳහා සිවිල් ජනතාව විසින් ලබා දෙනු ලබන සියලුම  මුදල් ආධාර  යුධ  හමුදාපති අරමුදල හරහා ද, භාණ්ඩ යුධ හමුදා විධායක ජෙනරාල් ශාඛාව  වෙතින් ලබාගන්නා  අවසරයකට යටත්ව පමණක් ලබාගත හැකිමුත් මෙම මේ විනයාරක්ෂාධිපති විසින් යුධ හමුදා මූල්‍ය අණ පනත් මුදල් රෙගුලාසි තුළින් සූක්ෂමව රිංගා යමින් යුද හමුදා පිලිවෙත පරිබාහිරව ඉහත කී ඉහත කී මුදල් වංචා කර තිබේ.

සමනල ගැටයට අසුවුණු  කාන්තාවන් අතර චමිලා මහත්මිය..

මොහුගේ මෙම සමනල ගැටයට අසුවුණු  කාන්තාවන් අතර කැනඩාවේ පදිංචි  චමිලා ජයතිලක මහත්මිය මුල් තැනක් ගන්නා අතර ඇයගෙන් ලක්ෂ 30 ක මුදලක්  මෙම නිවස ඉදිකිරීමට යයි පවසමින් ලබාගෙන තිබූ අතර එම මුදලින්ද කොටසකට   වගකී මේ විනයාරක්ෂාධිපති ඉතුරු කොටසෙන් නිවසේ වැඩ අඩක් නිමකර ඡායාරූපගත කර පරිත්‍යාගශීලීන් විශාල ප්‍රමාණයකට එම ඡායාරූප යවමින් ලබාගත් මුදල් අදටත් ගිණුම්කර නොමැත. අඩක් නැංවූ බිත්ති ද එම ප්‍රමාණයෙන්ම පැවතුණේ  වින්දිත දරු පවුල කබලෙන්  ලිපට දමමිනි.

ලක්ෂ 20 මාටිය ගැහිල්ල....

එක තැනම වැඩ නැවතුනු නිවසට වඩා මාටියා ගැහිල්ල  දිනෙන් දින ඉහළ මට්ටමක  පැවතීම නිසා නිවසේ වැඩ දවසෙන් දවස අඩාල වන්නට විය. ඒ අනුව තවත් පරිත්‍යාගශීලීනියක් ඇමට ඡායාරූප යවා  බිලී බාගැනීමට මේ විනයාරක්ෂාධිපතිට  හැකිවිය.

ඉතාලියේ පදිංචිව සිටින එකී කාන්තාව අසරණ වූ  සෙබල පවුල සහ අඩක් නිමවූ නිවසේ ඡායාරූප  දැක රුපියල් ලක්ෂ 20 ක මුදලක් මෙම නිවසෙහි ඉදිරි වැඩ නිමකිරීම සඳහා යුද හමුදා විනයාරක්ෂාධිපති සොර දෙටුවා වෙත ලබා දී තිබේ.

හිරිකිතකින් තොරව එම සියළුම මුදල තමන් ඇතුළු තම පවුලේම පංචස්කන්ධ පිනවීම සඳහා අපයෝජනය කළ  මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා අසරණ වූ සෙබළ දරු පවුලේ විලාපය නෑසුනා සේ කල් ගෙවීය.

ලක්ෂ 20 ගැන හොයන්න ඉතාලි කාන්තාවගෙන් හමුදාපතිට පැමිණිල්ලක්...

බොරුවට ආයුෂ නැත. තමා දුන් මුදලට සාධාරණයක් ඉෂ්ඨ වූයේ දැයි ඉතාලි කාන්තාව දිගින් දිගටම සොයා බැලීමේදී එම මුදල වින්දිත වැන්දඹුව හෝ ඇගේ පවුල වෙත ලැබී නොමැති බව මෙන්ම අඩක් නිමවූ නිවස ඒ අයුරින්ම පවතින බව දැන ගෙන තිබේ.

තමා දුන් මුදල් කුප්‍රකට මේජර් ජෙනරාල්  ක්ලිෆර්ඩ් සොයිසා විසින් හිරිකිතයකින් තොරව යටි මඩි ගසා ඇති බව සාක්ෂි ඇතිව සොයා ගත් කාන්තාව මේ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස යුද හමුදාපති වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇත

ඉල්ලීමක් පමණක්  කර බලා නොසිටි එම කාන්තාව දිගින් දිගටම  මෙම මුදල් වලට සිදු වූ දේ පිළිබඳව විනයාරක්ෂාධිපති ක්ලිෆර්ඩ් සොයිසා ගෙන් ප්‍රශ්න කරන්නට ද වූවා ය.

වැඩේ නන්නා පෝල් වෙන්න යන්නේ...

වැඩේ නන්නා පෝල් වීමට යන බව දැනගත් සොයිසා නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතිය භාරව සිටි  ගිරිතලේ දෙවන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලූතිනන් කර්නල්  නේරංගමට සොරාගත් මුදලෙන් කොටසක් ලබාදී  කාන්තාවගේ ලක්ෂ 20 පරිත්‍යාගය පිළිබඳව කෙල බිඳක් නොහෙලන ලෙස ඇවිටිලි කර ඇත. තවද ඔහුව කොළඹට ගෙන්වා දෙන බවට පොරොන්දු වූ විනය ආරක්ෂාධිපති සිය පොරොන්දුව ඉෂ්ට කරමින් පොලිස් හේවා බලකා මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඔහුට ස්ථාන මාරු වීමක් ද ලබා දුන්නේ ය.

ලිඛිතව මෙන්ම වාචිකව මේ පිළිබඳව පැමිණිලි ගලා එද්දී කර කියා ගත දෙයක් නොමැති වූ මේජර් ජෙනරාල්  ක්ලිෆර්ඩ් සොයිසා තම බලකාදිපති ධූරය අවභාවිතා කරමින් තමා යටතේ ඇති යුද හමුදා පොලිස් හේවා බලකා ඒකක 7 වෙත නිවසේ වැඩ නිම කර දීමේ වගකීම භාර කළ අතර ඒකකයන් හතෙහි අණදෙන නිලධාරීවරුන් මේ යක්ෂයාගේ නැසී ගිය මව මතක් කරමින් තමන්ගේ ඒකකයන් නඩත්තු කිරීමට ඇති මුදලින් නිවසේ වැඩ නිම කිරීමේ  නිරත වූහ.

කෙසේ වෙතත් අවසානයේ ඉහත කී ප්‍රශ්නගත නිවස ඉදිකිරීම් අවසන්ව එම නිවස මියගිය සෙබළාගේ පවුලේ අයට භාරදීමට සිදුකරනු ලැබූ ආරාධනාව බාර ගැනීම හමුදාපතිවරයා ප්‍රතික්ෂේප  කර තිබිණ. මන්ද යත් ඔහුට සිද්ධියේ දූෂනය වාර්තා වී තිබූ නිසා ය. නමුත් ක්ලිෆර්ඩ් සහ බිරිඳ කිසිවක් සිදු නොකළා සේ ඉදිකළ නිවස ඉදිරිපිට සිට ඡායාරූප නම්  ගත්තෝය. ඡායාරූප ගත්තේ නම් හොඳකට නොව නිවස ඉදිකිරීමට යයි පවසා මුදල් ගත් අන් අයට  නිවස ඉදිකර භාරදුන් බවට පෙන්වීමට සහ තවත් කාන්තාවන් අන්දා හෝල්සේල් පරිත්‍යාග ලබා ගැනීමට ඇමට භාවිතා කිරීමට ය.   

ඉතාලියේ වෙසෙන කාන්තාව විසින් හමුදාපති වෙත එවන ලද ලිපිය සබැඳිව යුද හමුදාපතිවරයා මෙම දූෂනය යට නොගසා ලක්ෂ 20 ක් හොරා කෑ මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා  බලකාධිපති සහ විනයාරක්ෂාධිපති තනතුරුවලින් ඉවත් කොට පරීක්ෂනයක් පැවැත්විය යුතුය. නොඑසේ නම් ඒ ලක්ෂ 20 ගසා කෑමේ දූෂනයට හමුදාපතිවරයා ද අලගුවක් වනු ඇත.  

හමුදාපතිට අභියෝගයක් සහ හමුදා මාධ්‍ය ප්‍රකාශකට ප්‍රශ්න පත්තරයක්.....

1. ඉතාලියෙහි පදිංචි කාන්තාවකගෙන් මෙම නිවස ඉදිකිරීම සඳහා ලක්ෂ 20ක මුදලක් ලබා ගෙන තිබේද ?
2. ලබාගෙන තිබේ නම් මුදල් ලබා ගැනීම හමුදා නීතියට අනුකූලව සිදු කර තිබේ ද ?
3. ලබාගත් මුදල් ගිණුම් ගත කර තිබේද ?
4. එම මුදල් ඉහත කී නිවස ඉදිකිරීම සඳහා භාවිතා කර තිබේද ?
5. තමා විසින් ලබාදුන් ලක්ෂ 20 ක මුදල නිසියාකාරව ඒ නිවෙස ඉදිකිරීමට යොදා ගෙන නැති බවට සහ මුදල් වලට සිදු වූ දේ පිළිබඳව සොයා බලන ලෙසට ඉතාලියේ පදිංචි කාන්තාව විසින් යුධ හමුදාපතිට හෝ යුද හමුදාවේ වෙන යම් ආයතනයකට ලිඛිත පැමිණිල්ලක් සිදුකර තිබේද?
6. මේ වන විට එම ලිඛිත පැමිණිල්ල යුද හමුදාවේ කවුරුන් සතුව තිබේද ?
7. එම ලිඛිත  පැමිණිල්ල සඳහා ගත් ක්‍රියාමාර්ගය කුමක්ද ?

ක්ලිෆර්ඩ් සොයිසාගේ බිරිඳ ප්‍රියන්තිකා සොයිසාට ද දැඩි අප්‍රසාදය....

දූෂනයට නම ගිය ක්ලිෆර්ඩ්  සොයිසාගේ භාර්යාව ප්‍රියන්තිකා සොයිසා ද ඊට  නොදෙවැනි වීම දෛවයේ සරදමකි. කිරුළපන මහාමාත්‍ය විද්‍යාලයේ ගුරු වෘත්තියේ යෙදෙන බවට පෙනී සිටී. සමස්ත යුද හමුදා සේවා වනිතා  පද්ධතියම බල්ලාට  දමමින් ඇය යුද හමුදා පොලීසියේ සේවාවනිතා සභාපතිනිය ලෙස  පත්කෙරිණ.

ඇය විසින් මූලාසනය හෙබවූ එම සේවා වනිතා ඒකකයේ විසිදෙවන මහා සභා රැස්වීම පසුගිය  16 වන දින පොල්හේන්ගොඩ යුධ හමුදා කඳවුරෙහි පැවැත්වුවද ඇයට විරෝධය දක්වමින් බොහොමයක් වනිතාවෝ එදින නොපැමිණියහ. තමාගේ නායිකාව ලෙස දූෂණයේ යෙදෙන තැනැත්තියක් කිසිසේත් පිළිනොගන්නා උගත් බුද්ධිමත් කාන්තාවන් 200 ක් පමණ ඇයව අමු අමුවේ ප්‍රතික්ෂේප කළහ. කොටින්ම කියනවා නම් මැනිං ටවුන් නිලධාරී නිවාස වල සිටි නිලධාරී වරුන්ගේ බිරින්දෑවරුන් පවා අවස්ථාවට සහභාගි වූයේ නැත.

විනය ආරක්ෂාධිපතිගෙන් ව්‍යාජ ෆේස්බුක් කමෙන්ට් බලකායක්....

තමන් මහ දවල් සිදුකරනු ලබන වංචා, දූෂණ, අක්‍රමිකතා, යුධ හමුදා අනපනත් උල්ලංඝනය කිරීම්, නීතිය නැවීම්, දිගින් දිගටම  සමාජ මාධ්‍ය මගින් අනාවරණය  වීම නිසා ඊට පිළිතුරු සැපයීම සඳහා  සට්ටැඹි පරිවාරකයන්  සහ යුද හමුදා පොලිසියේ විශ්‍රාමික සංගමයේ සාමාජිකයන් ලවා එම සාමාජිකයන්ගේ මෙන්ම ව්‍යාජ ෆේස්බුක් ගිණුම්  භාවිතා කරමින් සිටී.  අප සහ අනිකුත් සමාජ  මාධ්‍යන් ද කරනු ලබන අනාවරණයෙන් අසත්‍ය බවටත් යුදහමුදාව ඉලක්ක කරගනිමින් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවටත් පශ්චාත් භාගයෙන් හිනායන ෆේස්බුක් කොමෙන්ටු දමන්නේ ඔවුන් ය.

විනයාරක්ෂාධිපති මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසාගේ පෙර වැරදි...

1.  2004 වර්ෂයේදී යුද හමුදා විශේෂ විමර්ශන ඒකකයේ කටයුතු කරනු ලැබූ සමයේ ඔබේසේකරපුර සුප්‍රසිද්ධ ඔබේසේකර වලව්වේ ෆෙඩ්රික් හාමුගේ සහකරු සරත් වීරසේකර යන අයගෙන් කප්පම් මුදල් ලබාගෙන එම මුදල් වලින් හෝමාගම ප්‍රදේශයේ සුවිසල් නිවසක් ඉදිකිරීම සහ එම ලබාගත් මුදල් සාධාරණ බව පෙන්වීම සඳහා කිසිදු වරදක් නොකළ යුධ හමුදා මේජර්වරයෙකු වන නෙල්සන් නැමැත්තෙකු අනීතිකව දින තුනක් සිරගත කර තබා ගැනීම.

2. පසුගිය දිනක යුද හමුදා පොලිස් හේවා රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් ඉදිරියේ නිලධාරී නිවස්නයේදී එම බළකායේම බ්‍රිගේඩියර් වරයෙකු වන සලේ  (මේජර් ජෙනරාල් සලේගේ සහෝදරයා) හට බීමතින් පහර දී විනයාරක්ෂාධිපති ධූරයට නොගැලපෙන අයුරින් හැසිරීම.

3. ඔහුගේ බිරිඳ ගුරු වෘත්තියේ නියැලෙන කිරුළපන මහාමාත්‍ය විදුහලේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියාවට, වැසිකිලි සුද්ද කිරීමට සහ වෙනත් පිරිසුදු කිරීමේ ක්‍රියා සඳහා පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරෙන් හමුදා පොලිස් සාමාජිකයන් යෙදවීම.

4. වාහන හයක් සහ මසකට මිලියන ගණනක තෙල් අවභාවිතා කිරීම.

යු.හ. 17046 මොන්ටෙරෝ ජීප් රථය සඳහා, මාසිකව ඉන්ධන ලීටර්  625 ක් ලබා ගනී.
යු.හ 51375 සුදු කයිරෝන් ජීප් රථය සඳහා මාසිකව ඉන්ධන ලීටර් 525 ක් ලබා ගනී.
යු.හ 50018 කයිරෝන් ජීප් රථය සඳහා මාසිකව ඉන්ධන ලීටර් 525 ක් ලබා ගනී.
යු.හ 51278 KDH වෑන් රථය සඳහා ඉන්ධන සීමාවකින් තොරව ලබා ගනී.  
යු.හ 10281 ටොයෝටා කාර් රථය සඳහා ඉන්ධන ලීටර් 625 ක් ලබා ගනී.
යු.හ 16154 සුසුකි කාර් රථය සඳහා ඉන්ධන සීමාවකින් තොරව ලබා ගනී.

5. ආරක්ෂක ලේකම්වරයාගේ භාර්යාව යටතේ රාජකාරි කළ මේජර් තාරක  ගණේෂ් ලේකම් නිවසේ පෞද්ගලික ප්‍රශ්නයක් මුල් කරගෙන දින දහයක් සිරකුටියක රඳවා ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම.

6. ඔහුගේ භාර්යාව වන මහාමාත්‍ය විද්‍යාලය ගුරුවරියක් ලෙස කටයුතු කරන  ප්‍රියන්තිකා ද සොයිසා නැමැත්තිය සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ යැයි කියා ශ්‍රී ලංකාවේ යුධ හමුදා පාබල රෙජිමේන්තුවේ මේජර් වරයෙක්  අසත්‍ය චෝදනා නගා අනීතිකව අත්අඩංගුවට ගැනීම.

7.  ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ රූමත් සෙබලියන් තම පෞද්ගලික කාර්ය සහායිකා ලෙස තබාගනිමින් වාචික සහ ශාරීරික ලිංගික හිංසනයන් සිදු කිරීම.

8. යුද හමුදාව තුළ  හමුදා නීතිය නවමින් නිවැරදි කරුවන් වැරදිකරුවන් කර වැරදිකරුවන් නිවැරදි ලෙස පෙන්වාදෙමින් හමුදා  සාමාජිකයන් දේශපාලන සහ පෞද්ගලික පළිගැනීම්වලට ලක් කර  සමස්ත රණවිරු ඡන්ද ලක්ෂ 40 ක ප්‍රමාණයක් ඉදිරි මැතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව භාවිතා  කිරීමේ කුමන්ත්‍රණයේ කොටස් කරුවෙකු වීම.

9. තමාගේ දූෂණ සහ එතුලින් හමුදාවට විය හැකි හානිය විද්‍යුත් මාධ්‍ය ධාරාවන්ට මාධ්‍ය සාකච්ඡා පවත්වා හෙළි කළ එක්සත්  රණවිරු සංවිධානයේ කැඳවුම්කරු අසේල ධර්මසිරි නමැත්තාගේ අතිශය පෞද්ගලික තොරතුරු යුධ හමුදා ලිපිගොනු තුළින් නීතිවිරෝධීව ලබාගෙන යුධ හමුදා මූලස්ථානයේ සේවය කරන මොහුගේ  සට්ටැඹියෙක් වන  මේජර් චරිත සූරියබණ්ඩාර නැමැත්තා හරහා සමාජ මාධ්‍යට මුදා හැරීම (මේ සබැඳිව අගතියට පත් පාර්ශවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ හමුදාපතිට පැමිණිලි කර ඇති අතර කොළඹ අලුත්කඩේ උසාවි අංක එකේ නඩුවක්ද ගොනු කර ඇත)

10.  ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ලෙස කටයුතු කරන සමයේ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට මානසික පීඩන එල්ල කරමින් පලිගැනීම් වල නිරතවීම සබැඳිව සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට හමුදාපතිවරයාට එවන ලද ලිපි තම කැඩෙට් නිලධාරී පාඨමාලා සගයා වන යුද ලේකම් මාර්ගයෙන් අස්ථානගත කිරීම.

11. යුද හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති ධූරය අවභාවිතා කරමින් යුධ හමුදා මූල්‍ය පනත රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය කරමින් වර්ණ  යැයි පවසමින් රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ ඇති ඒකකයන් හතෙහි සෙබළුන් හිඟමනේ යවා  ලක්ෂ 35 ක මුදලක් එකතු කර එම මුදල් වලින් ලක්ෂ 25 ක මත්පැන්  සාදයක් සහ ලක්ෂ 5 ක තේ පැන් සංග්‍රහයක් පවත්වා මුදල් එකතු කර සෙබලුන් හට ප්ලේන්ටියක් පමණක් ලබාදීම.

12. පොල්හේන්ගොඩ මිලිටරි කඳවුර වධකාගාරයක් ලෙස පවත්වාගෙන යමින් යුද හමුදා සෙබළුන්ගේ හා නිලධාරීන්ගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කිරීම (මෙය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ ද නිරික්ෂණයට සහ අවධානයට ලක් වී තිබේ)

-සොල්දාදු උන්නැහේ

6 comments:

  1. දයාබර යුදහමුදා පති තුමා වෙත,

    හිතවත් යුද හමුදාපති තුමනි බිම පයගසා සිටින ඔබගේ නිරහංකාර සරල චරිතය අප හොඳින් දන්නෙමු යුද හමුදාව සහ සිවිල් සමාජය තුළ ඔබගේ චරිතයට යම්කිසි හානියක් වූයේ නම් එය හුදෙක් දූෂණයෙන් අදක්ෂයින් ස්ත්‍රී දූෂකයන් හමුදාවේ ඉහල තනතුරු වලට පත් කිරීම නිසාවෙන් මිස ඔබගේ අඩුපාඩුවකින් නොවන බව සක්සුදක්සේ දනිමු. ඔබගේ පූර්ණ විරුද්ධත්වය මත පත්වීම් ලැබූ මේජර් ජෙනරල් මෙත්තානන්ද සිදු කරනු ලැබූ සියලුම දූෂණ වංචා ස්ත්‍රී දූෂණ වල බලපෑම සමස්ත යුද හමුදාවට මෙන්ම ඔබට ද දැඩි ලෙස බලපෑ බව තවදුරටත් වසන් කළ නොහැක. ඔබට බලපෑම් කරමින් එම අනීතික පත් කිරීම සිදුකරනු ලැබූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඒ සබැඳිව වගකිවයුතු නමුත් අද වන විට මේජර් ජෙනරාල් මෙත්තානන්ද ගේ ක්‍රියාකලාපයන් නිසා දැඩි ලෙස චරිත සෝදාපාළුවට ලක් වී තිබෙන්නේ ඔහු නොව ඔබ බව ද තවදුරටත් වසන් කර නොහැකි පරම සත්‍යයකි.

    හමුදාපති තුමනි තවදුරටත් මෛත්‍රිය කරුණාව වඩා හොරුන් දූෂකයින් වගකිවයුතු තනතුරු තානාන්තර වල තබා ඔවුන් හට කිරි පෙවීමෙන් වනුයේ ඔහුන්ගේ අමන ක්‍රියාකාරකම් හේතුවෙන් ඔබගේ චරිතයට තවදුරටත් හානි සිදුවීමය. ඒ පිළිබඳව ගැඹුරින් සිතා දූෂිතයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගනීවි යැයි අපේක්ෂා කරන මුත් ඔබතුමාගේ පෙර කියවීම අනුව එය එසේ වේවි කියා සැබවින්ම අපට සිටිය නොහැක. මක්නිසාදයත් කොතරම් දූෂිතයෙකුගේ ව්වද හිත රිදවීමට ඔබට ධෛර්යයක් නොමැති බව අප හොඳාකාරවම දන්නා බැවිනි.

    එසේ හෙයින් පින් සිද්ද වෙයි කරුණාකර මෙම ඊ නිව්ස් අනාවරණය හි ඔබතුමා වෙත එල්ල කරන ලද අභියෝගාත්මක ප්‍රශ්න 7ට පිළිතුරු සෙවීමට ස්වාධීන කමිටුවක් පත් කරන මෙන් ඉල්ලා සිටින අතර එම කමිටුව විනිවිදභාවයකින් බලපෑමකින් තොරව සිදු කරගෙන යෑමට චෝදනා ලාභී යුද හමුදා විනය ආරක්ෂාධිපති තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කර කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු

    එකී අභියෝගාත්මක ප්‍රශ්න 7 පරයා යමින් තවදුරටත් ඊ නිව්ස් සිදුකරන ලද මෙම අනාවරණය පරිදි ඉතාලිය පදිංචිව සිටින යම් තැනැත්තියක් විසින් රුපියල් ලක්ෂ 20ක මුදලක් අදාළ නිවසේ ඉදිකිරීම් සඳහා ලබාදී ඇතිද ? එම තැනැත්තියට තමාගේ පරිත්‍යාග මුදල හරියාකාරව අදාළ නිවස ඉදිකිරීම සඳහා යොදා නොමැති බවට සැලවීමෙන් අනතුරුව යම්කිසි ලිපියක් ඔබතුමා වෙත හෝ යුද හමුදාවේ වගකිවයුතු පාර්ශවයක් වෙත ගෙවා තිබේද ? ඒ සබන්ධව චෝදනා ලාභී මේජර් ජෙනරාල් සොයිසා දැනුවත්ව සිටී ද ? එසේනම් අද වෙනතුරු එම රුපියල් ලක්ෂ 20 අවභාවිතාව පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වූයේ නැත්තේ මක්නිසාද ? යන බව පාඨකයන් වශයෙන් අපට ද දැන ගැනීමේ අයිතියක් ඇති බව විශ්වාස කරමු

    ඔබතුමා මේ පිළිබඳව ක්‍රියාමාර්ග නොගන්නා තාක් අපොහොසත් වන තාක් ඔහුගේ දූෂණ වංචා සහ අනීතික ක්‍රියා වලට එරෙහිව නැගෙන සමාජ විරෝධය හමුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය ඔබගේ චරිතයටද හානිදායක වන බව නොඅනුමානය.

    ReplyDelete
    Replies
    1. දයාබර යුදහමුදා පති තුමා වෙත,

      හිතවත් යුද හමුදාපති තුමනි බිම පයගසා සිටින ඔබගේ නිරහංකාර සරල චරිතය අප හොඳින් දන්නෙමු යුද හමුදාව සහ සිවිල් සමාජය තුළ ඔබගේ චරිතයට යම්කිසි හානියක් වූයේ නම් එය හුදෙක් දූෂණයෙන් අදක්ෂයින් ස්ත්‍රී දූෂකයන් හමුදාවේ ඉහල තනතුරු වලට පත් කිරීම නිසාවෙන් මිස ඔබගේ අඩුපාඩුවකින් නොවන බව සක්සුදක්සේ දනිමු. ඔබගේ පූර්ණ විරුද්ධත්වය මත පත්වීම් ලැබූ මේජර් ජෙනරල් මෙත්තානන්ද සිදු කරනු ලැබූ සියලුම දූෂණ වංචා ස්ත්‍රී දූෂණ වල බලපෑම සමස්ත යුද හමුදාවට මෙන්ම ඔබට ද දැඩි ලෙස බලපෑ බව තවදුරටත් වසන් කළ නොහැක. ඔබට බලපෑම් කරමින් එම අනීතික පත් කිරීම සිදුකරනු ලැබූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඒ සබැඳිව වගකිවයුතු නමුත් අද වන විට මේජර් ජෙනරාල් මෙත්තානන්ද ගේ ක්‍රියාකලාපයන් නිසා දැඩි ලෙස චරිත සෝදාපාළුවට ලක් වී තිබෙන්නේ ඔහු නොව ඔබ බව ද තවදුරටත් වසන් කර නොහැකි පරම සත්‍යයකි.

      හමුදාපති තුමනි තවදුරටත් මෛත්‍රිය කරුණාව වඩා හොරුන් දූෂකයින් වගකිවයුතු තනතුරු තානාන්තර වල තබා ඔවුන් හට කිරි පෙවීමෙන් වනුයේ ඔහුන්ගේ අමන ක්‍රියාකාරකම් හේතුවෙන් ඔබගේ චරිතයට තවදුරටත් හානි සිදුවීමය. ඒ පිළිබඳව ගැඹුරින් සිතා දූෂිතයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගනීවි යැයි අපේක්ෂා කරන මුත් ඔබතුමාගේ පෙර කියවීම අනුව එය එසේ වේවි කියා සැබවින්ම අපට සිටිය නොහැක. මක්නිසාදයත් කොතරම් දූෂිතයෙකුගේ ව්වද හිත රිදවීමට ඔබට ධෛර්යයක් නොමැති බව අප හොඳාකාරවම දන්නා බැවිනි.

      එසේ හෙයින් පින් සිද්ද වෙයි කරුණාකර මෙම ඊ නිව්ස් අනාවරණය හි ඔබතුමා වෙත එල්ල කරන ලද අභියෝගාත්මක ප්‍රශ්න 7ට පිළිතුරු සෙවීමට ස්වාධීන කමිටුවක් පත් කරන මෙන් ඉල්ලා සිටින අතර එම කමිටුව විනිවිදභාවයකින් බලපෑමකින් තොරව සිදු කරගෙන යෑමට චෝදනා ලාභී යුද හමුදා විනය ආරක්ෂාධිපති තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කර කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු

      එකී අභියෝගාත්මක ප්‍රශ්න 7 පරයා යමින් තවදුරටත් ඊ නිව්ස් සිදුකරන ලද මෙම අනාවරණය පරිදි ඉතාලිය පදිංචිව සිටින යම් තැනැත්තියක් විසින් රුපියල් ලක්ෂ 20ක මුදලක් අදාළ නිවසේ ඉදිකිරීම් සඳහා ලබාදී ඇතිද ? එම තැනැත්තියට තමාගේ පරිත්‍යාග මුදල හරියාකාරව අදාළ නිවස ඉදිකිරීම සඳහා යොදා නොමැති බවට සැලවීමෙන් අනතුරුව යම්කිසි ලිපියක් ඔබතුමා වෙත හෝ යුද හමුදාවේ වගකිවයුතු පාර්ශවයක් වෙත ගෙවා තිබේද ? ඒ සබන්ධව චෝදනා ලාභී මේජර් ජෙනරාල් සොයිසා දැනුවත්ව සිටී ද ? එසේනම් අද වෙනතුරු එම රුපියල් ලක්ෂ 20 අවභාවිතාව පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වූයේ නැත්තේ මක්නිසාද ? යන බව පාඨකයන් වශයෙන් අපට ද දැන ගැනීමේ අයිතියක් ඇති බව විශ්වාස කරමු

      ඔබතුමා මේ පිළිබඳව ක්‍රියාමාර්ග නොගන්නා තාක් අපොහොසත් වන තාක් ඔහුගේ දූෂණ වංචා සහ අනීතික ක්‍රියා වලට එරෙහිව නැගෙන සමාජ විරෝධය හමුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය ඔබගේ චරිතයටද හානිදායක වන බව නොඅනුමානය.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සත්‍ය තොරතුරු මත පදනම්ව මෙවැනි අනාවරණයක් සිදු කරනු ලැබූ e නිවුස් වෙබ් අඩවියට රණවිරුවන් වෙනුවෙන් සමස්ත රණවිරුවන්ගේ එකම ජාතික සංවිධානය වන එක්සත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු ලෙස මා බෙහෙවින් ස්තූතිවන්ත වන අතර මෙහි යුදහමුදාපති ගෙන සහ මාධ්‍ය ප්‍රකාශකගෙන් අසා ඇති ප්‍රශ්න 7ට පිළිතුරු අපේක්ෂා කරන අතර ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හා ව්‍යාජ නමින් පෙනී සිටින කුප්‍රකට මේජර් ජෙනරාල් සොයිසාගේ සට්ටැඹි බලකායටද එම අභියෝගයට පිළිතුරු දෙන ලෙස ආරාධනා කරමි. මෙම හෙලිදරව්වෙන් පසු මේ කරුණු පදනම් විරහිත බවට පවසමින් කොන්දේසි විරහිතව කඩේ යන යුද හමුදා පොලිසියේ විශ්‍රාමිකයන් වැදගත් මහත්වරුන් ලෙස හැසිරේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගෙන කමෙන්ට් කරාවි යයි සිතමි. ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ක්‍රියා කරන්නන් හට රිසිසේ මෙය බොරු යැයි පවසමින් ෆේස්බුකියේ කරනම් හැකි අතර මා ඔහුට දෙන අභියෝගය නම් තමන්ගේ නිල ෆේස්බුක් පිටුවෙන් පැමිණ හැකිනම් මේ ප්‍රකාශය බොරු යැයි පවසන ලෙස ය. ලුතිතන් කර්නල් රවීන්ද්‍ර අල්මේදා ට සිදු වූ අසාධාරණය ඔහුගේ batchmate වරයෙකු වශයෙන් මා දැඩි ලෙස පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මින් ආරක්ෂාව ධිපති තමාගේ වුවමනාවන් සපුරා ගැනීමට මෙසේ ඇමට භාවිතා කරන කූනිස්සන් මට කවදත් සිදුවන්නේ අසාධාරණයකි රවින්ද්‍ර අල්මේදාගේ ස්ථාන මාරුවීම අහෝසි නොකළහොත් ඉදිරියේදී ඒ පිළිබඳව දැඩි ව ක්‍රියා කිරීමට කටයුතු කරන අතර මා හට මෙවැනි වැදගත් ආකාරයෙන් කමෙන්ට් දැමීමට මෙන්ම සුද්ද සිංහලෙන්ම කමෙන්ට් දැමීමට හසල දැනුමක් ඇති බැවින් මෙහි ටිපර් වන්නන් ඒ පිළිබඳව ද අවධානයට යොමු කරන ලෙස කාරුණිකව මතක් කර දෙමි. සමන්ති පෙරේරා කියලා හමුදාවේ හිටපු notorious කේස් එකක් කරගහපු දැන් ඔය විනය ආරක්ෂාධිපති ගාව SO 1 ඉඳගෙන වටේට මඩගහන lt Col ප්‍රසන්න පුංචි මහත්තයා ඊළඟට ඔයා එළියට දාගන්න හදන්නේ හොදම ටික අනිත් සට්ටැඹියා චරිත් සූරියබණ්ඩාර ඔයා ඔයාගේ සම්පත් බැංකුවේ fixdiposit එක බලාගෙන ඉන්න A G M ලට කල්පිරෙන කලින් premature withdrawal එකක් එහෙම කරන්න යන්න එපා. ඒත් එක්කම ලඟදි සම්පත් බැංකුවේ පාටියට එයා ගිහිල්ලා හුටා පටස් වෙච්ච ඒවා ලඟදිම එලියට එයි නේද ඒ නිසා වීදුරු ගෙවල් ඇතුළේ ඉඳන් ගල් ගහන්න යන්න එපා. අපි දන්නවා සොර දෙටුවා ට කඩේ යන සට්ටැඹියෝ දෙන්න උඹලා බව. මමත් ඇස්කන් අරන් ඉන්නේ හැප්පිලා බලමු රෙදි නැතුව තමයි ගමේ ඉන්න වෙන්නේ.
    ලූතිනන් කර්නල් ප්‍රසන්න/ මේජර් චරිත් සූරියබණ්ඩාර කියන්නේ කවුද කියලා මාධ්‍ය හමුවක් තියලා ඇස් කන් පිරෙන්න ලංකාවට දැනගන්නම දෙන්නම්. ඒත් එක්කම උඹලා අර මොන්ටිසෝරිය වීඩියෝ හදද්දි ඊට වඩා creative විදිහට කරපල්ලා. උඹලා වගේ ගොබ්බ යන්ටම හොඳයි ඒ වගේ වීඩියෝ විලි ලැජ්ජයි.. රෙන්න තියෙන පශ්චාත් භාගය ලෙෆ්ට් සොයිසාට දෙන්න යන්න එපා.

    ReplyDelete
  5. කතාව සම්පුර්ණ ඇත්ත අපිත් CCMP වෙලා බලන් හිටියේ ඇයි මේ ලක්ෂ 20 හොරකම් කරපු එක අදින්නේ නැත්තෙ කියලා . හොඳ වෙලාවට ඊ නිව්ස් එකේ මේක ගියේ අපිට නම් දැන් රස්සාවත් එපා වෙලා ඉන්නේ මේ යකා කරන මගඩි වැඩ හින්දා අපිටත් පාරේ බැහැලා යන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. විලි ලැජ්ජයි කියන්න.. ලොක්කගෙ මැඩමුත් ඒකටම හරි යනවා තකට තක. කිරුළපන මහා මාත්‍ය විද්‍යාලයේ ප්‍රියංගනී ද සොයිසා කිව්වම නොදන්න කෙනෙක් නෑ වැඩිපුරම දන්නේ ත්‍රීවීල් පාර්ක් වල අයියලා තමයි. ඒගොල්ලො තමයි ඩීල් දාන්න එකක් යන්නේ. ඒකට ඒගොල්ලන්ට කොමිස් මුදලක් ලැබෙනවා. අන්තිමට කොහොම හරි ගෑනි දළ ජාතික නිෂ්පාදනය ටත් දායක වෙලා නමුත් මේ පැත්තෙන් දෙන්නම හොරා කනවා අපේ රෙජිමන්ට් එකේ මේජර් චරිත සූරිය බණ්ඩාර හැමතැනම කිව්වා ඔය බඩුව එන මහා සභා රැස්වීමට මගේ ගෑනිව යවන්නේ නැහැ කියලා ඒවගේ බැලුවම එකසිය ගානක් ම එවල නෑ. නිලධාරීන්ගේ භාර්යාවන් කාන්තා නිලධාරියන් ඔක්කොම තිස් හතයි ආවේ. කවුද කැමති වෙන්නේ ඉතින් මේ වගේ බඩු කෑල්ලක රස්නෙ බලන්න. හමුදාපති තුමාටත් අපිට කියන්න තියෙන්නේ අනේ අර දීලා තියෙන ප්‍රශ්න 7ට පුළුවන් නම් උත්තර දීලා හමුදාවේ නම්බුව ආරක්ෂා කර දෙන්න කියලා.

    ReplyDelete