Thursday, 8 February 2024

ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ කූඨ සැලසුමක්..! ලක්ෂ්මන් කිරිඇල්ල හෙළිකරයි..!!

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.09, පෙ.ව.4.45) සිවිල් සමාජයේ බළල් අත් අල්ලාගෙන ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ උත්සාහයක් ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කෙළේ ය. ඔහු ඊයේ 08) පාර්ලිමේන්තුවේ දී මේ ගැන වැඩි දුරටත් මෙසේ කීය.

"මේ ජනාධිපතිවරණය තිබෙන අවුරුද්ද නමුත් ඊයේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ දී ජනාධිපතිවරණය ගැන හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන වචනයක් වත් සඳහන් කෙළේ නෑ. ඒකට හේතුව මේකයි. සිවිල් සමාජයේ බළල් අත් අල්ලාගෙන ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ උත්සාහයක් තියෙනවා. මේක පාර්ලිමේන්තුවට හෙළිදරව් කළ යුතුයි. මෙහි සැලැස්ම තමයි සිවිල් සමාජයේ බළල් අත් අල්ලාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන එන්න සැලසුම් කරනවා. එතකොට කියනවා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනෑ. ඒකට අවුරුද්දක් අපිට ඕනෑ. ඒ නිසා ජනාධිපතිවරණය අවුරුද්දකින් කල් දාන්න වෙනවා කියා කියනවා. මෙහෙම උත්සාහයක් තියෙනවා. උන් හිටි ගමන් නින්දෙන් අවදි වෙලා ප්‍රකාශ නිකුත් කරන සිවිල් සමාජයේ බළල් අත් ඉන්නවා."

මැතිවරණ කොමිසම ගොත ගහනවා..

"ගිය සතියේ මැතිවරණ කොමිසමේ සභාපති සම්මුඛ සාකච්ඡාවක් තිබුනා. එතුමාගෙන් එක්තරා තරුණයෙක් ඇහුවා.., "දැන් පළාත් පාලන මැතිවරණය තියන්න ගියාම සල්ලි නෑ කීවා. මොකක්ද කොමිසම කෙළේ ? කිසිම දෙයක් නෑ. ජනාධිපතිවරණය තියන්න යනකොටත් සල්ලි නැතැයි කීවොත් මැතිවරණ කොමිසම කරන්නේ කුමක්ද?" කියා තරුණයා ඇහුවා. කොමිසමේ සභාපතිට උත්තර නෑ. ගොත ගගහා හිටියා. ආණ්ඩුවට ජනතාව ඉදිරියට යන්න බෑ. පළාත් පාලන මැතිවරණය කල් දැමුවා වගේ ඉදිරි මැතිවරණත් කල් දාන්න යනවා. අපි ඒකාබද්ධ විපක්ෂය ලෙස සංවිධානය වී ඒවා දිනාගන්න කටයුතු කරනවා." ලක්ෂ්මන් කිරි ඇල්ල වැඩි දුරටත් පැවසීය. 

No comments:

Post a Comment