Friday, 9 February 2024

බරපතල තත්ත්වයක්..! ආණ්ඩුව ඡන්ද මග අරින්න උපක්‍රම හොයනවා..! රට ලේ වලින් තෙත් කරන්න එපා..! අපි වීදි බහිනවා..! (Video)

-ඩලස් අලහප්පෙරුම අනතුරු අඟවයි

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.09, ප.ව.8.15) දැනටමත් ජාතික මැතිවරණ දෙකක් වළදාපු ආණ්ඩුව ඊලඟටත් මැතිවරණ මග හැරීමට උපක්‍රම සොයන බවත්, එහෙම කළොත් මේ රට රුධිරයෙන් තෙත් වෙන බවත්, ඊට එරෙහිව සියළු බලවේග එකමුතුව වීදි බසින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසීය.

අද පාර්ලිමේන්තුවේ දී ඔහු මේ අනතුරු ඇඟවීම සිදුකරමින් වැඩි දුරටත් මෙසේ ද කීය.

"බරපතල තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. සියල්ල මැද්දේ ආණ්ඩුව විසඳුමක් විදිහට තෝරාගෙන තියෙන්නේ මට පේන විදිහට මැතිවරණය මග හැරීම. ජාතික මැතිවරණ දෙකක් පැත්තකින් තියපු ආණ්ඩුවක් මේක. ජාතික මැතිවරණ දෙකක් වළදාල තියෙන්නේ. ඒ වගේ ආණ්ඩුව උපක්‍රමයක් හොයනවා ද ? මම දන්නේ නෑ. නමුත් සැකයක් මතුවෙනවා. ජනමත විචාරණ ගැන කතා කරනවා. වෙන මැතිවරණ ගැන කතා කරනවා. ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරනවා.  ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ජනමත විචාරණයක් තියලා මේ රට රුධිරයෙන් තෙත් කළා. තවම ඒ පාපයෙන් මිදෙන්න බැරි වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට ඇඟිල්ල දික් කරනවා සමහරු. කව්ද කැලෑ වැද්දුවේ? කව්ද කැලෑවට තල්ලු කළේ ? ජනතා විමුක්ති පෙරමුණ ඒ ජනමත විචාරණයට විරුද්ධව උසාවි ගියා කියලා ජවිපෙ, කොමියුනිස්ට් පක්ෂය, විජය කුමාරණතුංග මහත්තයාගේ පක්ෂය තහනම් කළා. කැලෑවට දැක්කුවා. ඒ නිසා මහජනතාව වීදියට ගේන දරුණු තීන්දු වලට එන්න එපා. එහෙම කළොත් විපක්ෂයේ මොන මතභේද තිබුනත්, විපක්ෂයේ විතරක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන, ජනතා පරමාධිපත්‍ය රකින්න කැප වෙච්ච සියළු බලවේග ඊට එරෙහිව නැගී සිටිනවා ඒකාන්තයි."

ඊයේ(08) ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ද ආණ්ඩුව ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ කූඨ සැලැස්මක් ගැන හෙළිදරව් කෙළේ ය.

ඩලස්ගේ සම්පූර්ණ කතාව පහතින්



No comments:

Post a Comment