Thursday, 14 March 2024

වධක පොලිස්පතිගේ උපන්දින පාටියේ සූර් වූ විනිසුරුවන්ට වැඩ වරදී...! අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩ අරඹයි...!

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි

(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.14, ප.ව.11.30) අනීතිකව පත් කරන ලද වධක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙවත් ජුන්ඩාලේප තෙන්නකෝන් නිසා මහා අධිකරණ විනිසුවරුන් කිහිප දෙනෙකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ.

සිද්ධිය සැකෙවින් මෙසේය.

වධක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙවත් ජුන්ඩාලේප තෙන්නකෝන්ගේ උපන්දිනය සහ නිල නිවසට ගෙවැදීමේ සතුට වෙනුවෙන් විජේරාම පිහිටි පොලිස්පති නිල නිවසේ සුපිරි සාදයක් පසුගිය මාර්තු හත්වැනි දා සංවිධානය කර තිබුණි. මදුවිතෙන් සහ සංගීතයෙන් කුල්මත් වූ මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා ලැබ තිබුණේ තෝරාගත් පිරිසක් වීම විශේෂත්වයකි. පොලිස්පති ධූරය ලබා ගැනීම සඳහා වෙහෙස මහන්සි වූ සමීපතමයෝ මෙම සාදය සඳහා එක්ව සිටියෝ ය. මෙහි විශේෂත්වය වන්නේ වර්තමාන පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණ ගණනාවක නඩු ගණනාවක් විභාග වෙමින් පවතින මොහොතක ඔහු චූදිතයෙක් බවට පත්ව සිටියදී මෙම සාදය සඳහා එම අධිකරණවලම විනිසුරුවරුන් කිහිප දෙනෙකු එක්ව සිටීමයි.

ඒ අතරින් කොළඹ මහාධිකරණයේ විනිසුරු මංජුල , මහාධිකරණ විනිසුරුවරයෙකුව සිට ඉන් නිවාඩු ගෙන වර්තමානයේ මහා භාරකාර ධූරය දරණ ගිහාන් පිලපිටිය සහ හරක් කටාගේත් කුඩු සළිඳුගේත් නඩු ගණනාවක් මෙහෙයවන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කුප්‍රකට විනිසුරු තිළිණ ගමගේද  මෙම සාදය සඳහා එක්ව සිටියහ. 

පොලිස් ඇමති ටිරාන් අලස් සහ හිටපු ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න සප්පායම් වූ එකම මේසයේ තිළිණ ගමගේ ඇතුළු විනිසුරුවරුන් මධුවිතින් බමනය වෙද්දි , අමල් පෙරේරා, සමිතා මුදුන් කොටුව, නිරෝෂා විරාජනී, ලහිරු පෙරේරා එක්ව සියලු දෙනාම සංගීතයෙන් මුසපත් කරන්නට යෙදුණාහ.

මෙම සාදය සඳහා තෝරාගත් අතේ ඇඟිලි ගානට වූ මාධ්‍ය සහෘදයන් පිරිසක් ද සම්බන්ධ කර ගැනීමද විශේෂත්වයකි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක් සහ කොළඹ මහා පරිමාණ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුටම මෙම සාදය සඳහා ආරාධනා ලැබ තිබුණි. පැමිණ සිටි සියලු දෙනාටම ඡායාරූප ගැනීම තහනම් කර තිබූ අතර ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර තිබුණේ සෙල්ෆි ඡායාරූපයක් වත් ලබා නොගන්නා ලෙසයි.

අපට කිව යුතුව ඇත්තේ දේශබන්දුගේ පාටිය ගැනවත් දීපු විස්කි බෝතල් ගැනවත් වියදම් කරපු ව්‍යාපාරිකයන් ගැනවත් නොව නඩු ගණනාවක චූදිතයෙක් බවට පත්ව ඇති මෙවැනි පුද්ගලයකුගේ සාදයකට  එම උසාවිවලම අධිකරණ විනිසුරුවරුන් සහභාගි වීම ජනතා විශ්වාසය දිනාගත යුතු අධිකරණයේ ස්වාධීනත්වය කෙළෙසීමට ලක් කිරීමයි. 

අධිකරණයට අපහාස වන ආකාරයෙන් විනිසුරු සම්ප්‍රදායන්ට නිගා කරමින් හැසිරෙන මෙවැනි විනිසුරුවරුන් පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම නීතිය ආධිපත්‍යය මෙන්ම ස්වාධීන අධිකරණයක් පතන සියලු දෙනාගේ වගකීමකි.

මේ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ. අපට ලැබෙන තොරතුරු අනුව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එය දේශපාලනයට යට නොවී ස්වාධීන විමර්ශනයක් වනු ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය අවධානයෙන් සිටිනු ඇති. 

(සේයාරුව සංස්කරණය කරන ලද්දකි)

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි

No comments:

Post a Comment