රනිල් රාජපක්ෂගේ සංජේ රාජරත්නම් - පාස්කු මුසාව කතෝලික සභාව පතුරු ගසයි
-ලංකා බ්‍රීෆ් වාර්තාවකි
(ලංකා ඊ නිව්ස් -2024.ජුනි.07, ප.ව.11.30) සංජේ රාජරත්නම් නම් නීතිපතිවරයාට මාස හයක සේවා දිගුවක් ලබා දීම සාධාරණය කිරීමට රනිල් රාජපක්ෂ දෙසා බෑ මුසාව කතෝලික බිෂොප්වරුන්ගේ සභාව අද නිකුත් කළ නිවේදනයක් නිසා පතුරු ගොස් තිබේ.
මෙම සේවා දිගුව ලබා දෙන්නේ පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණය නොකඩවා කර ගෙන යෑමට බව රනිල් රාජපක්ෂ කීවේ ගල් පැලෙන බොරුවකි.
ඔහු වරක් ජර්මනියේ ඩොයිෂවෙල රූපවාහිනී නාලිකාව සමඟ පැවැති සාකච්ජාවකදී ද සිය මතය සාධාරණ කිරීමට කතෝලික සභාව අලෙවි කිරීමට ගොස් ඉල්ලා ගෙන කෑවේය.
ඒ අවස්ථාවෙහිදී ඔහු කීවේ තමා පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කතෝලික සභාව සමඟ එකඟතාවයකින් බවය. එය අමූලික ගජබින්නයක් බව වහාම හෙළිදරව් විය.
නීතිපති දෙපාර්ථමෙන්තුවෙහි පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධ නීතිමය කටයුතු බාරව සිටින්නේ සංජේ රාජරත්නම් නොවේ. අතිරේක සොලිසිටර් ජනරාල්වරියක වන අයේෂා ජිනසේනය.
රනිල් රාජපක්ෂගේ සැලැස්ම වන්නේ සංජේ රාජරත්නම් අගවිනිසුරු කිරීමට බව නීති අංශ සැක කරයි.
සංජේ රාජරත්නම් සියලුම රාජපක්ෂලාගේ හෙංචයියෙකු බවට බොහෝ චෝදනා නැගී තිබේ.
තමා සංජේ රාජරත්නම්ට සේවා දිගුවක් දීමට යෝජනා කරන්නේ ඔහු පාස්කු ඉරු දින ප්‍රහාර සම්බන්ධයෙන් කතෝලික සභාව සමඟ කරන කටයුතු ඉදිරියට ගෙන යෑමට යැයි රනිල් රාජපක්ෂ කියා සිටියේය.
අද කතෝලික සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සංජේ රාජරත්නම්ට සේවා දිගුවක් ලබා දීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවය.
රනිල් රාජපක්ෂ කරන ලද ප්‍රකාශයෙහි සඳහන් වන්නේ නීතිපති සංජේ රාජරත්නම්ට සේවා දිගුවක් ලබා දීම ප්‍රශ්න කිරීමට කවරකුට හෝ අවශ්‍ය නම් ඔවුන් එම ප්‍රශ්නය යොමු කළ යුත්තේ කතෝලික සභාවට බවය.
සිය ප්‍රකාශය මගින් කතෝලික බිෂොප්වරුන්ගේ සභාව ප්‍රකාශ කරන්නේ පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් තමන් කළ ඉල්ලීම් කිසිවකට සංජේ රාජරත්නම් සාධනීය ප්‍රතිචාර දැක්වූයේ නැති බවත් ඔහු පාස්කු ඉරු දින ප්‍රහාර සම්බන්ධයෙන් තමන් සමඟ කිසිදු සාකච්ඡාවක නිරත වී නැති බවත්ය.
දැන් රනිල් රාජපක්ෂ කතෝලික බිෂොප්වරුන්ගේ සභාව විකිණීමට යන්නේ එවැනි මිනිසෙකුට සේවා දිගුවක් දීමට ය.
මෙම ප්‍රකාශය සහමුලින්ම හෙළා දකින කතෝලික බිෂොප්වරුන්ගේ සභාව කියා සිටින්නේ එය ඉතා දුෂ්ඨ නොමග යවන සුළු මුසාවක් බවයි.
අබුද්දස්ස කාලයට ලබුත් තිත්ත වෙනවා කියන්නේ මෙවැනි ඇද ගෙන නා ගැනීම් වලටය.

No comments:
Post a Comment