Friday, 16 June 2023

කුරුන්දි විහාරය බලන්න ගිය පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමිට දෙමළ මග පෙන්වන්නා කී අපූරු කතාවක්..! (Video)

-විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහගේ අපූරු විග්‍රහයක්

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.16, ප.ව.11.55) රනිල් වික්‍රමසිංහගේ මානසික උඩඟු භාවය අනුව නැති ප්‍රශ්නයක් ඇති කර ගත් මුලතිව්හි කුරුන්දි විහාර පරිශ්‍රය පිළිබඳ ප්‍රශ්නයේ දී එහි ඉතිහාසයත් වර්තමානයේ දී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න ගැනත් එක්සත් ජනරජ පක්ෂයේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ අපූරු විග්‍රහයක් පසුගියදා කර තිබේ.

ඒ අනුව කුරුන්දි විහාරය ඉදිකර ඇත්තේ ක්‍රි.පූ. 109 - 103 දක්වා රජකම් කළ කල්ලාටනාග රජුගේ කාලයේ බව මහාවංශයේ සඳහන් වේ. ඉන්පසුව 1890 දී හෙන්රි පාකර් නම් බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයෙකු මෙම නටබුන් හඳුනාගෙන වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එහිදී කුරුන්දි විහාරය සහ ඒ අවට තිබූ නගරයක නටබුන් අතර ගල් පාලමක්, යකඩ නිෂ්පාදනය කළ කම්හලක් වැවක් ආදිය හඳුනාගෙන තිබේ. ඉන්පසු 1931 දී ඒ පිළිබඳ සිදුකළ ගවේෂනයකින් පසු 1933 දී අක්කර 73 ක කලාපයක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කර තිබේ. පසුව චාර්ල්ස් ගොඩකුඹුරේ ගේ ගවේෂනයක් අනුව 8  වන සියවසට අයත් කැඩී වෙන්ව තිබූ ශිලා ලිපියක් හමුවී ඇත. එහි සඳහන් ආකාරයට කුරුන්දි විහාරය අභයගිරියට සම්බන්ධ විහාරයක් ලෙස තිබී ඇත.  අභයගිරිය යනු ශ්‍රී ලංකාවේ තිබූ මහායාන බුද්ධාගමේ මධ්‍යස්ථානය වන අතර කුරුන්දි විහාරයද ඊට සම්බන්ධ එකක් වේ. කුරුන්දි විහාරය සම්බන්ධ ඉතා වැදගත් සිදුවීමක් නම් ලංකාවේ පැරණිගම ග්‍රන්ථ වන අටුවා ග්‍රන්ථ අතරින් කුරුන්දි අටුවාව එහිදී ලියා තිබීමයි. 

මේ සියළු කරුණු අනුව එය පුරාවිද්‍යාත්මක වටිනා ස්ථානයකි. එහි දෙමළ ජනතාව ජීවත් වීමත් ඒ පිළිබඳ සංවේදී නොවී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කතා කරන්නටවත් නොදී ක්‍රියා කිරීම එක්සත් ජනරජ පෙරමුණේ සභාපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය. ඒ අතර පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් හෙළිකළ සංවේදී කරුණක් පිළිබඳව ද වෛද්‍ය අජිත් අමරසිංහ ගේ අවධානයට ලක්විය.

ඉතා වැදගත් කරුණු සහිත වීඩියෝව සම්පූර්ණයෙන් නරඹන්න



No comments:

Post a Comment