කෙහෙළිය කට කට..!
-ඩේලි මිරර් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.13, ප.ව.7.45) පසු ගිය මැයි 30 වන විට ඖෂධ 111 ක හිඟයක් පවතින බවත් එම හිඟය තව දුරටත් අඩු වෙමින් පවතින බවත් කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යකාරයා මැයි 31 වන දින ප්‍රකාශ කළ ද මේ වන විට ඖෂධ 270ක හිඟයක් පවතින බව ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් අඟහරුවාදා (11) අනාවරණය කළේය.
අඟහරුවාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගෙන් ඒ බව අනාවරණය විය.
සෞඛ්‍ය අමාත්‍යකාරයා මැයි 31 වන දා ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් කියා සිටියේ, “ඖෂධ 200 ක පමණ හිඟයක් පැවැති අතර එය 100 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා අඩු වී ඇති බවත්, ඉදිරි සති දෙක තුළ එය 60 හෝ 70 දක්වා පහත වැටෙන අතර, එය එදා පටන් සිදු වෙන සාමාන්‍ය දෙයක් බවත්ය."
සෞඛ්‍ය අමාත්‍යකාරයා එසේ පැවසුව ද ඔහු සඳහන් කළ ප්‍රමාණයට එය පහළ බැස නොතිබූ අතර මේ වන විට වඩාත් නරක අතට හැරී ඇත.
මාධ්‍ය හමුවට එක් වෙමින් වෛද්‍ය රත්නායක පැවසුවේ, “ඖෂධ 1300 ක් පමණ භාවිත වන අතර ඉන් 383 ක් අත්‍යාවශ්‍ය ඖෂධ සහ 14 ක් ජීවිතාරක්ෂක ඖෂධ වන බවයි.
“කෙසේ වෙතත්, දැනට ඖෂධ 270 ක හිඟයක් පවතින අතර හැකි ඉක්මනින් ඒවා මිල දී ගැනීමට සැලසුම් කර ඇති බව’’ ඔහු වැඩි දුරටත් පැවසීය.
- 2023 ජුලි 13 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Sheain Fernandopulle ලියූ, “Is the Health Minister bluffing over drug shortage?” නම් ප්‍රවෘත්තිය සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

No comments:
Post a Comment