කෙහෙළිය මිනීමරණ හැටි පුබුදු සාක්කි සහිතව හෙළිකරයි..! (Video)
-නැරඹිය යුතුව වීඩියෝවක්
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.18, ප.ව.7.25) සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්කවැල්ල මේ රටේ අහිංසක රෝගීන් මරා දමන අන්දම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සාක්කි සහිතව හෙළිකර තිබේ. ඒ අනුව කෙහෙළිය සෞඛ්‍ය ඇමැතිකම දරණ කාලය තුල ඖෂධ 764 ක් ලියාපදිංචියෙන් තොරව ගෙන්වීමට කෙහෙළිය විසින් ලිපි නිකුත් කර ඇත. ලියාපදිංචියෙන් තොරව ගෙන්වීමට ඇති ව්‍යතිරේඛය සාමාන්‍ය කරණය කරමින් ඔහු මේ තිරිසන් ක්‍රියාව කර ඇත. ඒ අනුව දැන් රට පුරා ලියාපදිංචියෙන් තොර බාල බෙහෙත් රාශියක් භාවිතාවේ ඇත. මිනිසුන් බෙහෙත් විස වී මිය යන්නේ ඒ නිසා ය. පැරසිටමෝල් පෙත්ත පවා ගෙන්වන්නේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව හදිසි මිල දී ගැනීම් ලෙස ය. එසේ එක් ඖෂධයක් මේ පසුගිය සතියේ දී ගෙන්වීමේ දී එකක් රුපියල් 77 යි සත 80 කට මිල ඉදිරිපත් කළ ස්විස් සමාගම අතහැර තමන්ට හිතවත් සමාගමකට දී හදිසි මිලදී ගැනීමක් ලෙස මිලදීගෙන ඇත්තේ එකක් රුපියල් 589/- කට ය. එසේ ලබාගෙන ඇත්තේ ඖෂධ කුප්පි ලක්ෂ 25 කි. ඒ අනුව සිදුකර ඇති පාඩුව රුපියල් කෝටි 127 කි. බංකොලොත් රටේ කෙහෙළියගේ ගැහිල්ලේ තරම කොතෙක්ද? කෙහෙළිය අතෙකින් මිනීමරණ අතර තවත් අතෙකින් කෝටි ගණනින් හම්බ කර ගනී. කෙහෙළිය හතරට ඉරන්නට හිතෙන පුබුදුගේ සම්පූර්ණ හෙළිදරව්ව සහිත වීඩියෝව පහතින් බලන්න

No comments:
Post a Comment