ලෝකයම මූල්‍ය අර්බුදයකට යා හැකි යැයි ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවද්දී ලොව ප්‍රධාන මහ බැංකු අධිපතිවරු කියන ඇඟ හිරි වැටෙන කතා..!
-The Financial Times පුවත සිංහලට නැගුවේ කුඩගම්මන සීලරතන හිමි
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.02, ප.ව.10.35) පොලී අනුපාතිකයන් ඉහළ යනු ඇති බවට මහ බැංකු ප්‍රධානීහු අනතුරු අඟවති...!
Fed, ECB සහ අනෙකුත් නායකයන් කියනුයේ, පරම්පරා කිහිපයක් යන තෙක් ඉතාමත් අර්බුදකාරී හිර කිරීම් කරගෙන යාමට දැඩි පාලනයක් සහිත ශ්‍රම වෙළඳපළවල් අදහස් කරන බවයි..!
දැඩි පාලනයක් සහිත ශ්‍රම වෙළඳපොළවල් තවදුරටත් වැටුප් හා මිළ ඉහළ දැමීම් කරගෙන යන බවට අනතුරු ඇඟවූ බැවින්, ලෝකයේ ඉහලම මහ බැංකු ප්‍රධානීන් ඉඟි කරනුයේ, පොලී අනුපාත තව දුරටත් වැඩි කිරීමට සහ ඒවා ඉහල මට්ටමක තබා ගැනීමට ඔවුන් සූදානම් වන බව ය.
ලෝකය ම මූල්‍ය අර්බුදයකට යා හැකි ය..
එක්සත් ජනපද මධ්‍යම රජයේ සංචිත පිළිබඳ ව කටයුතු කරන ආයතනවල ප්‍රධානීන්, යුරෝපීය මධ්‍යම බැංකුව සහ එංගලන්ත බැංකුව පෘතුගාලයේ සින්ට්‍රාවල පැවති සමුළුවක දී අනතුරු අඟවනුයේ 2%ක ඉලක්කයකින් උද්ධමනය පහත හෙළීම සඳහා පොළී අනුපාත තව තවත් ඉහළ දැමීමෙන් භාණ්ඩ අලෙවිය පහත වැටී ලෝකය ම මූල්‍ය අර්බුදයකට යා හැකි ය වැනි ආර්ථික විද්‍යාඥමය පුරෝකථනයන් නොතකා තව තවත් පියවර ගත යුතුව තිබෙන බව ය.
එක්සත් ජනපද මධ්‍යම රාජ්‍ය සම්පත් පිළිබඳ ඒකකයේ සභාපති ජෙරොම් පවෙල් වැඩි ම පිරිසක් නැරඹූ මහ බැංකුකරුවන්ගේ සමුළුවට පැවසුවේ, ප්‍රතිපත්තිමය සීමාවන් පැනවුණ ද, සීමා වීම ප්‍රමාණවත් තරමකින් සිදු වන බවක් නොපෙනෙන අතර, ප්‍රමාණවත් තරම් කාලයකට ද එය සීමා වී නොමැති බව ය.
දැනට පවත්නා මාසයක පමණ වූ විවේකයකින් පසු, එක්සත් ජනපද මධ්‍යම රජයේ මහ බැංකුවට එහි මීළඟ රැස්වීම් දෙකෙහි දී පොලී අනුපාත වැඩි කළ හැකි බවට සංඥා කරමින් ඔහු පැවසූයේ, ශ්‍රම වෙළඳ පොළ ආර්ථිකය උඩු යටිකුරු කර දමන බව ය.
එක්සත් ජනපද මහ බැංකුව විසින් ජුලි මස සිට අනාගත පොළී අනුපාත ඉහල යාමේ මිළ නියම කරන ලද්දේ, 79% ක සම්භාවිතාවයකින් වන අතර, පවෙල් කතා කිරීමට පෙර එය 74% පැවතින
පික්ටෙක් සම්පත් කළමනාකරණ මධයස්ථානයේ අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ෆ්‍රෙඩ්රික් ඩුක්‍රොසෙට් පැවසුවේ, ඔවුන්ගේ ඉලක්කයට පැමිණීම සඳහා ගෙවිය යුතු ව තිබෙන මිළ එය නම්, බැංකුකරුවන් සාමාන්‍ය අර්බුදකාරී තත්වයක් විඳදරා ගැනීමට සූදානමකින් සිටිය යුතු බව ය.
IMF නියෝජ්‍ය අධ්‍යක්ෂගේ ප්‍රකාශය..
IMF නියෝජ්‍ය අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් සමුළුවට අනතුරු ඇඟවූයේ, ඉහළ දැමෙන පොළී අනුපාතයන් මූල්‍ය අර්බුද ඇති කරවන්නේ නම්, උද්ධමනයට එරෙහි ඔවුන්ගේ අරගලය වෙනුවෙන් කැප කිරීම් කිරීම මහ බැංකුවලට අනිවාර්ය වනු ඇති බව ය.
එක්සත් ජනපදයෙහි සහ යුරෝ කලාපයේ උද්ධමනය තිබෙන්නේ, අඩුවෙමින් නමුත්, බලශක්ති සහ ආහාර මිළ හැරුණු විට උද්ධමන දර්ශකයන් පහත වැටීමට වඩා මන්දගාමී ව තිබෙන බවක් පෙන්නුම් කරයි.
පවෙල් පෙන්වා දුන්නේ, භාණ්ඩ සහ නිවාස මිළ පහත වැටී තිබුණ ද, ශ්‍රම-දැඩි සේවා අංශයේ “සැබෑ දියුණුවක්” මධ්‍යම රජයේ මහ බැංකුවට තවමත් දක්නට ලැබී නොමැති බව ය.
ෆෙඩරල් සභාපතිවරයා පැවසුවේ, ශ්‍රම සැපයුම සහ ඉල්ලුම සමතුලිතතාවයට ගෙන ඒම සඳහා අවපාතයක් අවශ්‍ය වනු ඇතැයි තමන් තවමත් නොසිතන බව ය. එක්සත් ජනපදයේ සෑම රැකියා විරහිත පුද්ගලයෙකු සඳහා ම තවමත් පුරප්පාඩු 1.7ක් පවතින බව සඳහන් කරමින් ඔහු පැවසුවේ, වැටුප් පීඩනයන් තවමත් ඉහළ මට්ටමක පවතින නමුත් ඒවා නියත වශයෙන් ම පහත වැටෙමින් තිබෙන බව ය.
එංගලන්ත මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය..
එංගලන්ත බැංකුවේ අධිපති ඇන්ඩෘ බෙයිලි පැවසුවේ, ඉදිරි මාසවල උද්ධමනයේ “ඉතා විශාල පැනීම්” ඇති විය හැකි බවයි. එහෙත්, ඔහු පැවසුවේ, බලශක්ති සහ ආහාර වියදම් හැර මූලික උද්ධමන අනුපාතය “වඩාත් ඇලෙන සුළු” වන අතර, කොරෝනා වසංගත සමයෙහි මිනිසුන් වැඩ කිරීම අත්හිටුවීම නිසා, එක්සත් රාජධානියේ ශ්‍රම බලකාය හැකිළී ගිය අතර, ඉහළ වැටුප් වර්ධකයන්ට මිල පීඩනය ඉහළ මට්ටමක තබා ගත හැකි වන බව ය.
මාර්ටින් වොල්ෆ් පැවසුවේ, එංගලන්ත බැංකුවට තමන් විශ්වාස කරන දේ දරා ගැනීමට දිරිමත් වීම අවශ්‍ය ම බව ය.
ජපාන මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය..
ජපාන බැංකුවේ අධිපති Kazuo Ueda පවා කියා සිටියේ, දශක ගණනාවක් එක තැන පල් වීමෙන් පසු තම රට තුළ වැටුප් හා මිළ වැඩීවීම් තිබෙන අතර, නිලධාරීන්ට එහි අතිශය ලිහිල් මුදල් ප්‍රතිපත්තිය අතහැර දැමීමේ අපේක්ෂාව සලකා බැලීම ආරම්භ කිරීමට ඉඩ සලසන බවයි.
මෙම වසර මුල දී ජපාන මහබැංකුවේ වගකීම් භාරගත් උයෙඩා පැවසුවේ, මුල් ම වරට දශක තුනකට වැඩි කලක් තුළ 2% හෝ ආසන්න ප්‍රමාණයකින් වැටුප් වැඩි වීමට පටන් ගෙන තිබෙන බවත්, ඔවුන් සිටින්නේ උද්ධමන අපේක්ෂාවන් සහ වැටුප් සැකසීමේ කටයුතුවල වෙනස්කම් දකින්නට පටන් ගනිමින් බවත්, එය ඔවුනට යහපත් පෙර නිමිත්තක් බවත් ය.
දශක තුනකට වැඩි කාලයක් තුළ ප්‍රථම වතාවට වැටුප් සියයට 2 කින් හෝ වැඩි වීමට පටන් ගෙන ඇත - අපි උද්ධමන අපේක්ෂාවන් සහ වැටුප් සැකසීමේ හැසිරීම් වල වෙනස්කම් දැකීමට පටන් ගනිමු," මෙම වසර මුලදී BoJ හි වගකීම භාරගත් Ueda පැවසීය.
සමුළුව කැඳවූ යුරෝපා මධ්‍යම බැංකුවේ සභාපති ක්‍රිස්ටීන් ලගාර්ඩේ පැවසුවේ යටින් පවතින උද්ධමනය - විශේෂයෙන් දේශීය මිල ගණන් - ස්ථාවර වීම සහ පහළ යාම පිළිබඳ ප්‍රමාණවත් තරම් පිළිගත හැකි සාක්ෂි ඇගේ ආයතනයට නොපෙනෙන බව ය.
එක්සත් ජනපදයේ 4% සහ එක්සත් රාජධානියේ 8.7% ක උද්ධමන අංකයන් හා සසඳන විට, යුරෝපා කලාපයෙහි උද්ධමනය පවත්නේ 6.1% කලාපයෙහි ය.
බලවත් රටවලට මෙසේ වෙනවා නම් ලංකාවට..
තවමත් ආගමික කල්ලි අතර ගැටුම් නිර්මාණය කරමින්, දේශපාලන බලය පාවිච්චි කර බැංකුවල මුදල් වංචා කළවුන්ගේ ණය මකා දමන්නට යෝජනා කරමින් ජවුසං නටන ශ්‍රී ලංකාව නම් දූපතෙහි පසුගිය මැයි මස අවසන් වනවිට උද්ධමනය පැවතියේ 25.0% සීමාවෙහි ය. ලංකා ඊ නිවුස් මේ තොරතුරු ගෙන එන්නේ කිසිවෙකුත් නොමග යැවීමට, බිය ගැන්වීමට නොවේ. මෙතෙක් කෙරුණ ආගම්වාදී, ජාතිවාදී කල්ලිවාදී, පාක්ෂිකයන් සුරැකීමේ ව්‍යාපාරවලින් අඳුරෙන් අඳුරට යැවුණ ශ්‍රී ලංකාව ආලෝකයක් දෙසට යොමුවන බවක් පෙනෙන මානයෙකවත් නැතිකමින් අප ද මහත්සේ කම්පා වන බව පෙන්වා දීමට පමණි.
අප ද සිටින්නේ, බලවත් රටවලට මෙසේ වෙනවා නම්, හිඟමනට පත් ව ඒ රටවල්වලින් හිඟමන් යදිමින් සිටින දිවයිනට කුමක් නම් නොවනු ඇද්දැ’යි විමතියට පත් ව සිටින ඔබ සමග ය.
-2023 ජුනි 29 දින The Financial Times පුවත ලංකා ඊ නිවුස් වෙනුවෙන් සැකසූයේ
කුඩගම්මන සීලරතන හිමි
https://www.lankaenews.com/category/80

No comments:
Post a Comment