ජේආර් මාමා, රනිල් බෑණා ඇතුළු නඩය එදා අති බිහිසුණු මිනිස් සංහාරයක් කළ හැටි...!
-DailyFT කතුවැකියක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.28, ප.ව.8.45) කිසිම ජාතියක් සර්ව සම්පූර්ණ නැත, බොහෝ රට රටවල ඉතිහාස පොත්වල කැත පරිච්ඡේදත් ඇත!
සෑම බටහිර යුරෝපීය ජාතියකයෙකුගේම ඇඟෙන් ඔවුන්ගේ යටත් විජිත අපරාධවල දුර්ගන්ධය හමයි!
භූමියේ පාරම්පරික අයිතිකරුවන් වූ ස්වදේශික ජනයාට එරෙහිව ජන සංහාරයක් සිදු කළ, අවසානයේ මිලියන ගණනක් අප්‍රිකානුවන් වහල්භාවයට පත් කළ ජාතීන්ගෙන් ඇමරිකාව සැදී ඇත.
ජාතිය, ආගම හා කුලය වැනි හේතු නිසා අප්‍රිකාවේ සහ ආසියාවේ එක් ජන කණ්ඩායමක් විසින් අනෙක් කණ්ඩායමකට එරෙහිව සිදු කළ අසංඛ්‍යාත සමූල ඝාතන හා ජනඝාතනවලින් අප්‍රිකාවේ හා ආසියාවේ ඉතිහාසය පිරී ඇත.
ආපසු සිතා බලා තමන්‍ගේ අඩුපාඩු සහ තමන්ගේ ජාතියේ නාමයෙන් සිදු කරන ලද සිතා ගත නොහැකි තරම් සාහසික ක්‍රියා, හඳුනා ගැනීමටත්, ඒවා නිවැරදි කිරීමටත් හැකියාව ඇති දුර්ලභ රාජ්‍ය ද එම අපරිණත රාජ්‍ය අතර වේ.
අවාසනාවන්ත ශ්‍රී ලංකාව..
එවැනි රටවල්වලට සාමාන්‍යයෙන් එම ඓතිහාසික වැරදි අකාමකා දැමීමටත්, ඒවායින් යමක් ඉගෙන ගැනීමටත්, බලවත්, සාමකාමී සහ දියුණු රාජ්‍යයක් ගොඩනඟා ගැනීමටත් හැකිය. එසේ අතීතයට මුහුණ නොදෙන රාජ්‍ය සාමාන්‍යයෙන් එම ඓතිහාසික අපරාධවල ප්‍රතිවිපාක නැවත නැවතත් අත්විඳී.
අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාව වැටෙන්නේ අවසාන කණ්ඩායමටය. 1971 සහ 1987-89 දකුණේ තරුණ කැරලි හෝ 1983 සිට 2009 දක්වා වාර්ගික ගැටුම හෝ වේවා, මෙම විනාශකාරී ගැටුම්වලින් පාඩම් ඉගෙන ගැනීමට ශ්‍රී ලාංකීය සමාජය එතරම් උනන්දුවක් දක්වා නැත. ඊටත් වඩා නරක දෙය නම්, අනුප්‍රාප්තික ආණ්ඩු හිතාමතාම මෙම ගැටුම්වලින් නිදහස් වීම සඳහා රට වැසියන්ට ඉඩක් නොදී, ඔවුන්ගේම දේශපාලන න්‍යාය පත්‍රය සඳහා මෙම ජාතික ඛේදවාචකවලට හේතු වූ බෙදීම් හිතාමතාම පවත්වා ගෙන යාමයි.
මේ සතිය ගෙවී යන්නේ, එවැනි දැවැන්ත ඛේදවාචකයක් සහ අපරාධයක් ලෙස ඉතිහාසය විසින් නිර්වචනය කරන ලද, එහෙත් මේ දක්වා එකදු පුද්ගලයකුවත් වග කීමට නොබැඳුණ [නමුත් ‘යූඑන්පිය’ හා මනාව බැඳුණු] 1983 “කළු ජූලිය” සමරමිනි. සිංහල මැර කල්ලි විසින් සිවිල් වැසියන් 3,000 ක් ඝාතනය කිරීම හමුවේ එදා පැවැති [යූඑන්පී] ආණ්ඩුව නිහඬව බලා සිටියේ, එහි සමහර කොටස් සංහාරයට සක්‍රීයවම සහභාගී වී සිටිය දීය. එකී ම්ලේච්ඡ සංහාරය නිසා 150,000 කට අධික දෙමළ ජනතාවක් අවතැන් වූ අතර තවත් 500,000 කට පමණ රට හැර යාමට බල කෙරුණි.
1983 ජුලි 23 වෙනිදා එල්ටීටීඊය විසින් සොල්දාදුවන් 13 දෙනෙකු මරා දැමීමෙන් 1983 දෙමළ විරෝධී සංහාරයක් ඇති වූ බව කියනු බොහෝ විට අසන්නට ලැබේ. කෙසේ වෙතත්, සිද්ධියට පෙර මාසවල බොහෝ සෙයින්ම දෙමළ ජාතිකයන්ට එරෙහි [යූඑන්පී] ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වය සහ වාචාල කතා නිසා ක්‍රමානුකූලව ගොඩනැගෙමින් පැවති දෙමළ විරෝධය අවුළුවා ලීමට එය හේතු වන්නට ඇත.
මෙම අති බිහිසුණු මිනිස් සංහාරය ගැන කිසිදා පරීක්ෂණයක් සිදුව නැත..
මෙම අති බිහිසුණු මිනිස් සංහාරය සම්බන්ධයෙන් කිසි දා නිල පරීක්ෂණයක් සිදු වී නොමැත. ප්‍රචණ්ඩත්වය ඉබේ සිදු වූවක් නොවන බවත්, කෝපයට පත් සාමාන්‍ය පුරවැසියන් විසින් සිදු කරන ලද්දක් නොවන බවත්, අඩුම තරමින් එවකට සිටි [ජේ. ආර්. ජයවර්ධන නමැති තිරශ්චීන] ජනාධිපතිකාරයා ඇතුළු බලවතුන්ගේ නිහඬ අනුමැතිය ඇතිව සංවිධානය කරන ලද සංහාරයක් බවටත් ඕනෑ තරම් සාක්ෂි තිබේ. ඇත්ත වශයෙන්ම, කැරලි කෝලාහල සිදු වෙමින් තිබිය දීම, ජේ.ආර්. ජයවර්ධන [නමැති පාපිෂ්ඨ] ජනාධිපතිකාරයා [ජාතිය අමතා] කළ කතාවක දී විපතට පත් සුළුතරයට කිසිදු අනුකම්පාවක් නොදැක්වූ අතර, ඒ වෙනුවට සිංහලයන්ගේ දුක්ගැනවිලි අවධාරණය කළේය.
අවසානයේ දී, කළු ජූලිය නිසා ශ්‍රී ලංකාව යුද්ධයේ සහ විනාශයේ නොවැළැක්විය හැකි මාවතකට යොමු විය. “යූඑන්පිය හා කළු ජූලිය” නමැති කළු පැල්ලම නොමැකිය හැකි ලෙස ලංකා ඉතිහාස පොතේ සටහන් විය!
තරුණ පරම්පරාවක්ම ජීවිතයෙන් පරාජිත විය..
මුළු තරුණ පරම්පරාවක්ම ජීවිතයෙන් පරාජිත විය. ඔවුන්ගෙන් දීප්තිමත්ම අය දියුණු විදේශීය රාජ්‍යවලට පිටත්ව ගොස් සෞභාග්‍ය ළඟා කර ගත්හ. ඒ අතරේ, 1978 සිට කැපී පෙනෙන මට්ටමකින් ගොඩනැගෙමින් පැවැති ශ්‍රී ලංකා ආර්ථිකය එහි පහළම මට්ටමට, එනම් බංකොලොත්කමටම ඇද වැටුණි!
එදා යූඑන්පී ආණ්ඩුව කළ විනාශය පිළිගෙන, අපරාධකරුවන් ලවා වග කියවන, වින්දිතයන්ට වන්දි ලබා දෙන, සහ සංහිඳියාව නැවත ඇති කර එවැනි විනාශයක් නැවත ඇති නොවීම සඳහා කැප වෙන, සත්‍ය සෙවීමේ පුළුල් ක්‍රියාවලියක් මගින් 1983 කළු ජූලියේ මළවුන් සාමයේ සතපවන තාක් කල් ඔවුන්ගේ අවතාර ශ්‍රී ලංකාව තුළ හොල්මන් කරනු ඇත!,
අපගේ ඉතිහාසයේ මෙම ලැජ්ජා සහගත පරිච්ඡේදයට ජනතාවක් ලෙස සාමූහිකව මුහුණ දීමට ශ්‍රී ලාංකිකයන් වන අපට දැන් සිදුව ඇති අතර, සියලු වාර්ගික ජනතාව සඳහා විවෘත රටක් ගොඩනැගීමට උත්සාහ කළ යුතුය.
- 2023 ජුලි 25 වන දින DailyFT වෙබ් අඩවියේ පළ වූ, “Lessons of Black July not learnt” නම් කතු වැකිය සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

No comments:
Post a Comment