කුණු කකා කුණු ගොඩේ පව් දිදී නොඉඳ තොලෙංජි වෙලා පලයන් බං..!
-දි අයිලන්ඩ් කොළමක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.09, ප.ව.8.50) ප්‍රමිතියෙන් තොර හෝ මරණකාරක ඖෂධ ලබා දීම නිසා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී රූමත් තරුණ මවක දරු ප්‍රසූතියේ දී මිය යාම පිළිබඳව කාන්තාවන් වන අපි විශේෂයෙන් ශෝක වන්නෙමු.
නැවතත් ඒ පේරාදෙණියේ දීම, පාසල් විදුහල්පතිනියකට ලබා දුන් එන්නතක් නිසා ඇගේ ජීවිතය නැති විය.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යකාරයාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ප්‍රසම්පාදන අංශයේ ලොක්කන්ගෙන් මාධ්‍ය ඒ ගැන අදහස් විමසූ විට ඔවුන් පිළිතුරු දුන්නේ [සතුන් වාගේ] නිර්දය අන්දමිනි.
එම මරණ සහ සැක කටයුතු ඖෂධ ආනයනය ගැන ඔවුන් පැවසූ දේ එලෙසම කිව නොහැකි නමුත් ඔවුන් නරුම ලෙස පැවසූ දෙය නම්, “ලබා දෙන ඖෂධවලට අහිතකර ලෙස ප්‍රතික්‍රියා කරන රෝගීන්ගේ මරණය සිදු වන බවත්, ඇත්ත වශයෙන්ම කෙනෙකුගේ මරණය සිදු වන්නේ කර්මය නිසා බවත්ය.”
නියත වශයෙන්ම අත්වැරදි නොවන මෙම මාරාන්තික වැරදි පිළිගන්නවා වෙනුවට මෙසේ බණ දේශනා කිරීමට තරම් මුන් කවුද?
පසු ගිය බදාදා (5) ද අයිලන්ඩ් කතු වැකියේ මාතෘකාව වූයේ “සෞඛ්‍යය හා චෞරත්වය ” යන්නයි. එම වචන තුනෙන් ඇඟවෙන්නේ, සැබවින්ම සමස්ත ජනතාවටම සහ විශේෂයෙන් රෝගාතුර වූවන්ට දයාවන්ත අමාත්‍යාංශයක් විය යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවත්නා දැවැන්ත දූෂණයයි. අමාත්‍යාංශය ඖෂධ සමාගම් සමඟ එක්ව, (විෂ සහිත අක්ෂි ද්‍රාවණ නිසා ඇති වන අන්ධභාවය වැනි) කිව නොහැකි දුක්ඛිත තත්ත්ව සහ වෛද්‍ය විද්‍යාවේ අවාසනාවන්ත මරණ සිදු කරමින් සිටී.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය වැනි ඇතැම් වෛද්‍ය සංගම් කෙහෙළිය රඹුවැල්ල අමාත්‍යකාරයාට ඉල්ලා අස් වෙන ලෙස බල කර ඇත.
ඌ ඉල්ලා අස් විය යුතුයි.
උගේ කකුලේ ආබාධයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමට මුදල් වියදම් කළේ මහජනතාවයි. කිසිදු පොඩි අඩුපාඩුවක් පවා නැති තරමටම කකුල සුව කර ගත් ඌ දැන් ප්‍රමිතියෙන් තොර, විෂ සහිත ඖෂධ හා එන්නත් ආනයනය කරයි; නැති නම් ආනයනයට අවසර දෙයි.
මිනිසෙකුට මේ තරම්ම නිර්දය, කුරිරු හා නොසැලකිලිමත් විය හැකි ද?
- 2023 ජුලි 7 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Cassandra Cry ලියූ, “Mess in Health Ministry; interesting new term: brown-skinned white supremacy” නම් විශේෂාංගයෙන් සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

No comments:
Post a Comment