පරිසර ඇමති නසීර් අහමඩ් රජයේ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කරලා..! (Video)
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.18, ප.ව.8.25) නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට තර්ජනය කරමින් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සිදුකළ ප්‍රකාශයකට එම පළාතේ රාජ්‍ය සේවකයින්ගේ දැඩි අප්‍රසාදය පළවී තිබේ.
“මේක මගේ පළාත. අධ්‍යාපන ලේකම් දිසානායකව මම එක රැයින් තනතුරින් පන්නවා. ආයෙ පාරක බැහැලා යන්න ඉඩ තියන්නේත් නෑ” යනුවෙන් අමාත්‍යවරයා කාතන්කුඩියේදී තර්ජනය කර තිබිණි.
නැඟෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක රැයින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සේවය යනු අමාත්‍ය නසීර් අහමඩ්ගේ තාත්තාට අයත් බූදලයක් නොවන බවයි සිවිල් සේවයේ ප්‍රකට හිටපු නිලධාරියෙක් සඳහන් කළේ.
අමාත්‍ය නසීර් අහමඩ්ගේ එවැනි ප්‍රකාශයන් රටේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ කෝපයට හේතු වන බවත් නම සඳහන් කිරීමට අකමැති හිටපු රජයේ නිලධාරියෙකු අප වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.
විරුද්ධ පක්‍ෂය (සමගි ජන බලවේගය) නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ නසීර් අහමඩ්, ඇමති තනතුරක් වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ එහි හිතවත් ආධාරකරුවන් පාවා දෙමින් කටයුතු කළා සේ රජයේ නිලධාරීන් ක්‍රියා නොකරන බව ද එම නිලධාරියා පෙන්වා දුන්නේය.
මෙහිදී නසීර් අහමඩ් සිය සීමාව ඉක්මවීම තුළින් සිංහල සහ මුස්ලිම් ජනවර්ග අතර නොසන්සුන්තාවක් ඇති කර ඇති අතර, ඔහු තම දේශපාලනය පවත්වාගෙන යාමට මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් බොහෝ රාජ්‍ය නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් විරෝධය පළ කර ඇති අතර හෙළා දකින බව ප්‍රකාශ කර ඇත.
නසීර් අහමඩ් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ආයාචනා කරන බවත් ජනාධිපතිවරයා නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වුවහොත් රජයේ සේවකයන් සමඟ එක්ව දැවැන්ත වැඩවර්ජනයක නිරත වන බවත් රජයේ ප්‍රකට සේවක සංගමයක නිලධාරියෙක් අප වෙබ් අඩවියට පැවසීය.
නසීර් අහමඩ් දෙමළ බසින් තර්ජනය කළ වීඩියෝවක් පහතින්

Is he the guy who tried to assault a Navy officer in public on stage sometime back.?
ReplyDelete