Wednesday, 12 July 2023

යුද හමුදාවේම විනයාරක්ෂකයා දූෂිතයෙක්..! ඔහුගේ පොල්හේන්ගොඩ මිලිටරි පොලිස් කඳවුර මිහිපිට වධකාගාරයක්..! 

-සොල්දාදු උන්නැහේ හෙළිකරයි 

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.12, ප.ව.11.10) ශ්‍රී ලංකා යුද හමුදාවේම විනයාරක්ෂකයා වන්නේ මිලිටරි පොලිස් විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසා (A.C,A De Soysa  0/61548 intake 32)  පට්ට දූෂිතයෙකි. ඔහුගේ රජයේ වාහන අවභාවිතාව යුද හමුදාපතිවරයාවත් නොකරයි.  

පිස්සුද? හැටිද?

ඔහු වෙන් කරගෙන ඇති වාහන අතර,

යු.හ. 17046 මොන්ටෙරෝ ජීප් රථය සඳහා, මාසිකව ඉන්ධන ලීටර්  625 ක් ලබා ගනී.
යු.හ 51375 සුදු කයිරෝන් ජීප් රථය සඳහා මාසිකව ඉන්ධන ලීටර් 525 ක් ලබා ගනී.
යු.හ 50018 කයිරෝන් ජීප් රථය සඳහා මාසිකව ඉන්ධන ලීටර් 525 ක් ලබා ගනී.
යු.හ 51278 KDH වෑන් රථය සඳහා ඉන්ධන සීමාවකින් තොරව ලබා ගනී.  
යු.හ 10281 ටොයෝටා කාර් රථය සඳහා ඉන්ධන ලීටර් 625 ක් ලබා ගනී.
යු.හ 16154 සුසුකි කාර් රථය සඳහා ඉන්ධන සීමාවකින් තොරව ලබා ගනී.

බංකොලොත් රටක මේ තරම් වාහන තොගයක් එක නිලධාරියෙකුට..? පිස්සුද? හැටිද?

එපමණක් නොව ඔහු තම කඳවුර සහ නිල බලය යුද හමුදාවේ නිලධාරීන් හා සෙබළුන්ගෙන් දේශපාලන පලිගැනීම් වලට මෙන්ම පුද්ගලික පලිගැනීම් වලට  ලක් කරමින් සිටී.  පොල්හේන්ගොඩ පිහිටි මිලිටරි පොලිස් යුද හමුදා පොලිස් විශේෂ විමර්ශන ඒකකය හිරිකිතයකින් තොරව මිහිපිට අපායක් වන වධකාගාරයක් බවට පත් කර තිබේ.

යුධ හමුදා විනය ආරක්ෂාධිපති මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසා යුද හමුදාපතිවරයාගේ නියෝගයන්ද අභිබවනය කරමින් සිටී.

පටවන් එන්නේ මරන්න ගෙනියන හරක් වගේ...

යුධ හමුදා සාමාජිකයන්ගේ මානව හිමිකම් අමු අමුවේ මහ දවල් උල්ලංඝණය කරමින් දේශපාලන සහ පෞද්ගලික පලිගැනීම් වලට ලක් කරමින් හිතුමනාපෙට අනීතික අත්අඩංගුවට ගැනීම් දිගින් දිගටම සිදු කරනු ලබන මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසා ප්‍රමුඛ නඩය අත් අඩංගුවට ගන්නා  යුද හමුදා සාමාජිකයන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැගෙන එනු ලබන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් පුද්ගලයන් දෙදෙනකු පමණක් ගමන් කළ හැකි බවට නම් කර ඇති බොලරෝ වර්ගයේ ලොරි රථ  තුල ය.

දෙදෙනෙකුට පමනක් ගමන් කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීතිය මගින් උපදෙස්දී තිබුණද එකවර මෙම ලොරි රථයක  පරීක්ෂණ කණ්ඩායම් සහ අත්අඩංගුවට ගනු ලැබූ සෙබළුන් දහයකට අධික ප්‍රමාණයක් රැගෙන යාම අනීතිකය.

පසුගිය මස 20 දින  එසේ ගමන් කළ යුද හමුදාව විශේෂ විමර්ශන ඒකකයට අයත් මෝටර් රථයක් නිට්ටඹුව ප්‍රදේශයේ දී මාරාන්තික අනතුරකට ලක්වීමෙන් හමුදා සාමාජිකයන් කිහිප දෙනෙක් අදටත් සිහිසුන්ව කොළඹ දැඩි සත්කාර ඒකකයේ  ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙති.

මේ මොහොත වන විට පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් විශේෂ විමර්ශන  ඒකකය තුළ ඇති සිර අඩස්සියේ පසුවන නිර්දෝෂී  හමුදා සාමාජිකයන් විස්සකට අධික ප්‍රමාණයක් පළිගැනීම්වලට ලක් වමින් පසුවන අතර සිර මැදිරි තුළද හමුදා සාමාජිකයන්ගේ මානව හිමිකම් බල්ලාට දමා ඇත.

මෙසේ අනීතික අත්අඩංගුවට ගැනීම්වලින් මොවුන් බලාපොරොත්තු වනුයේ මෙම  හමුදා සාමාජිකයන්  දැඩි මානසික පීඩනයකට ලක් කරමින් ඔවුන් දෙනු ලබන සාක්ෂි බලපෑම් මත වෙනස් කරමින් හමුදාව තුළ දේශපාලනික සහ පෞද්ගලික පලිගැනීම් වලට ලක් කරනු ලබන නිලධාරීන්ට විරුද්ධව පදනම් විරහිත අසත්‍ය සාක්ෂි ගොඩනඟා ඔවුනගේ පටු අරමුණු ඉෂ්ට කර ගැනීමය.

නීතිය නම් මෙයයි..

1948 අංක 17 දරණ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත යුද්ධ හමුදා පනත සුවිශේෂී වන්නේ එය මහජන ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත බලාධිකාරියක් බැවිනි.

යුද්ධ හමුදාවට බැඳෙන සියලුම දෙනා රාජකාරියේදී මෙම පනතට අනුව තම රාජකාරිය ඉටුකළ යුතුය. එම පනතට අනුව කටයුතු කිරීමේදී රටේ පවතින පොදු නීතියට ද යටත්ව කටයුතු කිරීමට ඔවුන්ට සිදු වේ. පොදු නීතිය යනු, ශ්‍රී ලංකා ආණ්ඩු ව්‍යවස්ථාව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සහ සිවිල් නඩු විධාන සංග්‍රහ පනතද සුරැකිය යුතු වීමයි.

එසේම යම් යුද්ධ හමුදා කඳවුරක් තුල සිදුකරන සියලු කටයුතුවලදී ද ඒ ඒ කටයුතු වෙනුවෙන් පනවා තිබෙන අණපනත් වලට අනුව කටයුතු කළ යුතුය. උදාහරණයක් ලෙස යම් හමුදා කඳවුරක් තුල ගස් කපන්නේ නම් ඒ වෙනුවෙන් පනවා තිබෙන පනත්ද, ඇල මාර්ග ඉදිකරන්නේ නම් ඒ සඳහාද රට තුල පනවා තිබෙන පනත් වලට අනුව ක්‍රියා කළ යුතුය.

එසේම රථ වාහන වල ගමන් කිරීම සඳහා පනවා තිබෙන නීතීන් වලටද අනුව කටයුතු කිරීම මහා මාර්ගය තුල පමණක් නොව හමුදා කඳවුරු තුලදී වුවද සිදු කළ යුතුය.

තවද යම් හමුදා නිලධාරියෙක්, භටයෙක් අත්අඩංගුවට ගැනීම කළ හැකි නමුත් නඩු විභාගයකින් තොරව සිර අඩස්සියට පත්කළ නොහැක. නමුත් විවෘත සිර අඩස්සියේ තබා පරීක්ෂණ කළ හැකිය. පරීක්ෂණ කිරිමේදී එය කළ යුතු ආකාරයද පැහැදිලිව පෙන්වා දී තිබේ.

යම් උසස් නිලධාරියෙක් තමන්ට පහළින් සිටින නිලධාරියාගෙන් පලි ගැනීම උදෙසා තම බලය භාවිතා නොකළ යුතුය. එසේම රජය මගින් ලබා දී තිබෙන වරප්‍රසාද කිසිවක් කප්පාදු කිරීමට ද උසස් නිලධාරීන්ට බලයක් නැත.

ඒ අනුව ගත්විට සහ නීතිය එය වන විට ඒ ආකාරයෙන්ම යුද්ධ හමුදාව තුළ සිදු වන්නේද යන්න අප සොයා බැලුවේ අපට ලැබී තිබෙන විශාල ලිපි ගොනු නිසාය. යුද්ධ හමුදා උසස් නිලධාරීන්ගෙන් පහළ නිලධාරීන්ටද, සමහර නිලධාරීන්ගෙන් භටයන්ටද සිදුව තිබෙන සහ සිදුවන පලිගැනීම්, නීති විරෝධී නොසලකා හැරීම්, අනාගත උසස්වීම් ලබා ගැනීමට නොහැකිවන ලෙස විවිධ පරීක්ෂණ පවත්වා අවවාද කිරීම් ආදිය ද අපට වාර්තා වී තිබේ.

මේ වන විටද පොල්හේන්ගොඩ යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය තුල භටයන් විශාල ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස රඳවාගෙන තිබෙන බවටද තොරතුරු ලැබී තිබේ.

එසේම බොහෝ භටයන් මානසික හිංසනයන්ට ලක් කරමින් විවිධ ප්‍රකාශ වලට අත්සන් ලබා ගන්නා බවද, ඒවා පලිගැනීම් උදෙසා භාවිතා කරන බවටද තොරතුරු රාශියක් ලැබී තිබේ.

ක්ලිෆර්ඩ් සොයිසා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග 4 ක් ගත හැකිය..

මේ ආකාරයෙන් පලිගැනීම්, අකටයුතුකම් සිදුවීමෙන් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් සිදු වේ. ඒ ඔවුන් හමුදා නිලධාරීන් සහ භටයන් වන බැවිනි. තමන්ට හමුදාවන් වලදී සිදුවන අකටයුතුකම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග හතරක් ගත හැකිය.

එසේ කෲර ලෙස සලකන උසස් නිලධාරීන්ට එරෙහිව පොදු නීතිය යටතේ කටයුතු කළ හැකිය. එහිදී එම නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කර අපරාධ නඩු පැවරීම, තමන්ට සිදුවන නින්දා සහ අපහාසයට එරෙහිව වන්දි නඩු පැවරීම, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම සහ මුලික අයිතිවාසිකම් නඩු පැවරීම, බලධාරීන්ට එරෙහිව රිට් ආකාරයෙන් නියෝග ලබා ගැනීම ආදියයි.

ඉන් වඩාත්ම ප්‍රතිඑලදායක වන්නේ පොලිසියට ගොස් පැමිණිලි කිරීම සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමය. ඒ සඳහා කිසිදු මුදලක් වැය නොවන අතර එය තමන්ට ඇති නීතිමය අයිතිවාසිකමකි.

සේනාධිනායක ජනාධිපති තුමනි, ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාණෙනි, මානව හිමිකම් කොමිසමේ සභාපති තුමනි  ඔබතුමන්ලාගේ  නියෝජිත කණ්ඩායමක් මේ මොහොතේ මේ මිහිපිට අපායට යැව්වොත් මෙම කුමන්ත්‍රණය ස්වභාවය ගැන සහ මානව හිමිකම් උල්ලංඝනය වෙමින්  අනීතිකව සිදුවන අත්අඩංගුවට ගැනීම් වලින් දුක් විඳින හමුදා සාමාජිකයන් ඇසින් දැක ඔවුන්ගේ දුක කෙලින්ම අසාගත හැකිය.

-සොල්දාදු උන්නැහේ

6 comments:

  1. "Lanka E News වලට අභියෝගයක්"
    බොරු මඩ ප්‍රචාර යවන්නේ නැතුව මේවා හෙලිදරව් කරන්න

    1. හිටපු ජනාධිපතිවරයෙක්ගේ නම විකුණලා හොරෙන් සංගීත භාන්ඩ ගෙන්නපු හමුදා නිලධාරියා කවුද?
    2. තමන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලය හෝටලයක වැඩ දාල සල්ලි ගත්තෙ කවුද?

    3. තමන්ගේ රාජකාරි ස්ථානයේ ඉන්න කාන්තා සෙබළියන් ට වෙච්ච සාධාරණයක් සම්බන්ධව දුරකථන ඇමතුමක් දීලා ඒ දුක කියනකොට ඒකට නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැතුව එක රෙකෝඩ් කරලා අන්තර් ජාලයට මුදා හැරියේ කවුද?

    4. බැංකුවෙන් ලෝන් එකක් ගන්න ගිහිල්ලා බැංකුවේ රාජකාරි කරපු කාන්තාවක් රවට්ටලා ඇයගේ පවුල් ජීවිතය විනාශ කරලා , එම කාන්තාවට කසාද බඳින්න කියලා නමට උසාවි නියෝගයක් දීලා තියෙද්දි ඒ උසාවි නියෝගය කඩ කරේ කවුද?

    5. යුදහමුදාවෙ රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලයේ රාජකාරි කරන ලද කාන්තා සෙබළියන් වැල්ලවත්ත ප්‍රදේශයේ තමන්ගේ හිතවත් හෝටල්වල ගණිකා වෘත්තියේ යොදවා මුදල් ඉපයිවේ කවුද ?

    6. ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරි කල මේජර් ජෙනරාල් වරයෙක්ට කාන්තාවන් සැපයූයේ කවුද ?

    7. යුද හමුදාවෙන් ලැබෙන සොච්චම් පඩියෙන් පානදුර ප්‍රදේශයේ තට්ටු 4 ක ගෙයක්, V 8 වාහන දෙකක්, කෝටිගනන් වටිනා හෝටල් හිමි හමුදා නිලධාරියා කවුද ?

    8. ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරි කල සමයේ දී අයතා මුදල් ඉපයීම සම්බන්ධව අල්ලස් කොමිසමේ නඩු දෙකක් ඇති හමුදා නිලධාරියා කවුද?

    9. රුපියල් මිලියන 650 ක බැංකු ණයක් ලබාගෙන ඇති නිලදාරියා කවුද...??

    රට ජාතික වෙනුවෙන් අවංකව මහන්සි වෙන මාධ්‍ය වේදියෙක් නම් එක එක දේශපාලන හෙන්චයියන්ට කඩේ ගිහින් අවංක නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කරලා දුෂිතයන්ගේ පැත්තේ හිටගන්නේ නැතුව ඉහත සදහන් කරලා තියන ඇත්ත සිදුවීම් පිලිබදව ජනතාව දැනුවත් කරන්න.

    මීට සැබෑ දේශප්‍රේමියෝ...

    ReplyDelete
    Replies
    1. major චරිත සූරියබණ්ඩාර ඔයා තාමත් හොරුන්ට කඩේ යන එක නවත්තලා නෑ නේද E නිවුස් වලට අභියෝග කරන්න කලින් ඔයාගේ pro මාෂල්ගේ( විනය ආරක්ෂාඅධිපතිගේ) මේජර් ජෙනරාල් සොයිසා කියන දූෂිතයාගේ දූෂණ බොරුයි කියලා කියන්න පුළුවන්ද? බීමතින් CCMP නිලධාරී නිවාසයේදී බ්‍රිගේඩියර් සැලේ ට නිලධාරීන් ඉස්සරහ පහර දුන්නද නැද්ද කියන්න? කිරුලපන මහාමාත්‍ය විදුහලේ කක්කුස්සි හෝදන්න පොල්හෙන්ගොඩ කඳවුරෙන් සෙබළුන් යැව්වද නැද්ද කියන්න? ඔබේසේකරපුර ෆෙඩ්රික් හාමුගේ ඔබේසේකර වලව්වේ හිටපු මනුස්සයාගෙන් කප්පන් අරගෙන හෝමාගම ගෙයක් හැදුවද නැද්ද කියන්න ? පාබල රෙජිමේන්තුවේ නිලධාරීහු සමග මේජර් ජනරාල් සොයිසාගේ භාර්යාවගේ සම්බන්ධය පැහැදිලි කරන්න ? ලඟදි සිදුකිරීමට යන පොලිස් හේවා බලකායේ සැණකෙළියට පිටස්තර අයවලුන්ගෙන් සහ ආයතන වලින් කප්පම් ගන්නවාද නැද්ද යන්න පවසන්න. E නිවුස් පලකල වාහන අංක ඔහු යටතේ තිබූ හමුදා වාහන ද නැද්ද යන්න පවසන්න? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපහසුතාවයට ලක්වන අයුරින් හමුදා ඡන්ද වෙනස් කිරීමේ කුමන්ත්‍රණයේ ඔහු කොටස්කරුවෙක් ද නැද්ද යන්න සඳහන් කරන්න? අපි වෙනුවෙන් අපි අරමුදල මංකොල්ල කෑ මේජර් නදීරා විජේසිංහ හට නීතිය ක්‍රියාත්මක කළා ද නැද්ද යන්න පැහැදිලි කරන්න ? ආරක්ෂක ලේකම්වරයාගේ භාර්යාව ලඟ සිටි මේජර් තාරක ගනේෂ් දින දහයකට ආසන්න කාලයක් පියවි සිර අඩස්සියේ තබාගත්තා ද නැද්ද යන්න පැහැදිලි කරන්න? යුද හමුදා පොලිස් හේවා බලකායේ කාන්තා සෙබලියන් ඔහු විසින් ලිංගිකව අපයෝජනය කරාද නැද්ද යන්න සඳහන් කරන්න? තව බොහෝ දේ පසුව විමසන්නම් එතකන් මේවට පිළිතුරු සපයන්න

      Delete
  2. major චරිත සූරියබණ්ඩාර ඔයා තාමත් හොරුන්ට කඩේ යන එක නවත්තලා නෑ නේද E නිවුස් වලට අභියෝග කරන්න කලින් ඔයාගේ pro මාෂල්ගේ( විනය ආරක්ෂාඅධිපතිගේ) මේජර් ජෙනරාල් සොයිසා කියන දූෂිතයාගේ දූෂණ බොරුයි කියලා කියන්න පුළුවන්ද? බීමතින් CCMP නිලධාරී නිවාසයේදී බ්‍රිගේඩියර් සැලේ ට නිලධාරීන් ඉස්සරහ පහර දුන්නද නැද්ද කියන්න? කිරුලපන මහාමාත්‍ය විදුහලේ කක්කුස්සි හෝදන්න පොල්හෙන්ගොඩ කඳවුරෙන් සෙබළුන් යැව්වද නැද්ද කියන්න? ඔබේසේකරපුර ෆෙඩ්රික් හාමුගේ ඔබේසේකර වලව්වේ හිටපු මනුස්සයාගෙන් කප්පන් අරගෙන හෝමාගම ගෙයක් හැදුවද නැද්ද කියන්න ? පාබල රෙජිමේන්තුවේ නිලධාරීහු සමග මේජර් ජනරාල් සොයිසාගේ භාර්යාවගේ සම්බන්ධය පැහැදිලි කරන්න ? ලඟදි සිදුකිරීමට යන පොලිස් හේවා බලකායේ සැණකෙළියට පිටස්තර අයවලුන්ගෙන් සහ ආයතන වලින් කප්පම් ගන්නවාද නැද්ද යන්න පවසන්න. E නිවුස් පලකල වාහන අංක ඔහු යටතේ තිබූ හමුදා වාහන ද නැද්ද යන්න පවසන්න? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපහසුතාවයට ලක්වන අයුරින් හමුදා ඡන්ද වෙනස් කිරීමේ කුමන්ත්‍රණයේ ඔහු කොටස්කරුවෙක් ද නැද්ද යන්න සඳහන් කරන්න? අපි වෙනුවෙන් අපි අරමුදල මංකොල්ල කෑ මේජර් නදීරා විජේසිංහ හට නීතිය ක්‍රියාත්මක කළා ද නැද්ද යන්න පැහැදිලි කරන්න ? ආරක්ෂක ලේකම්වරයාගේ භාර්යාව ලඟ සිටි මේජර් තාරක ගනේෂ් දින දහයකට ආසන්න කාලයක් පියවි සිර අඩස්සියේ තබාගත්තා ද නැද්ද යන්න පැහැදිලි කරන්න? යුද හමුදා පොලිස් හේවා බලකායේ කාන්තා සෙබලියන් ඔහු විසින් ලිංගිකව අපයෝජනය කරාද නැද්ද යන්න සඳහන් කරන්න? තව බොහෝ දේ පසුව විමසන්නම් එතකන් මේවට පිළිතුරු සපයන්න

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. *සොල්දාදු මහත්තයාට කාරුණිකව ලියමි,*

    ඔයාගේ සොල්දාදු කම කොහෙද මෙච්චර කල් තිබ්බේ. ඔයා හොද වෙලාවට රටට කිව්වේ හමුදාවේ බොලෙරෝ ලොරි කියලා ජාතියක් තියෙනවා කියලා. හැබෑවටම අපි පාරෙ යනකොට දකින්නේ bolero lorry වල යුහ නොම්බර ගහගෙන යුද හමුදාවේ අය ගමන් කරනවා. ඒ කියන්නේ මේක නීතිවිරෝධී ක්‍රියාවක් නේද? පොඩි දෙයක් තියෙනවා සොල්දාදු උන්නැහේ ඔයාට පුලුවන්නම් හමුදාවට පවර ගන්න හොඳ double cab ටිකක් හොයලා දෙන්න. හැබැයි මතක තියාගන්න තමන්ගෙ බිරිඳගෙ නමට තියෙන වාහන නං ගේන්න එපා.

    අපිට පොඩි ආරංචියක් ආවා පහුගිය දවස්වල කිලිනොච්චිය පැත්තේ සේනාංකයක පියරු බබෙක් වගේ ඉන්න අනාගතයේ හමුදාපති වෙන්න සිහින දකින කෙනෙක් හමුදාවට තමන්ගෙ බිරිඳගෙ නමට තියෙන ඩබල් කැබ් එකක් දාලා වැඩේ නෝන්ඩි වෙලා ඉන්නවා කියලා. අන්න ඒ නිලධාරියා දැන් උත්සාහ කරනවාලූ එයාගේ වැරදි වෙන අය ලව්වා වහගන්න. *සොල්දාදු උන්නැහේ* ඒ ගැනත් කල්පනාවෙන් ඉන්න ඕනෙ.🐒🐒🐒

    තමන් කරපු පජාත වැඩ වෙන අයගේ පිට පටවලා පරීක්ෂණ කටයුතු වහ ගන්න උත්සාහ කරනවා නම් ඒක තමයි එයා කරගන්න ලොකුම ගොන් කම කියලා මතක තියාගන්න ඕනේ..................

    *සොල්දාදු උන්නැහේ පුලුවන්නම් ඕවා හොයලා රටට ලෝකෙට කියන්න. මොකද ඔයා දන්නේ හමුදාවේ පොඩි කෑල්ලයි. සුදු පාට ක්‍රීම් ගාලා පවුඩර් දාලා සින්දුවක් කියන්න පුළුවන් උනාට හැමෝම සොල්දාදුවන වෙන්නේ නෑ*. 😂😂

    ReplyDelete
  5. #Charithsooriyabandara මේජර් චරිත් සූරියබණ්ඩාර ඔයාගේ නමින් කමෙන්ට් කරන්න ඇත්තේ අසේල ධර්මසිරි නඩුවක් දාපු හින්දද සම්පත් බැංකුවේ වැඩ කරන පොහොට්ටුවේ උපසභාපතිගේ දුව ඔයා හමුදා මූලස්ථාන ඉන්න වෙලාවල යන එන තැන් ගැන හොයලා බැලුවොත් නරකද මොකද DGM කෙනෙක් එක මෙවුව එකක් තිබිලා අහුවුණ නේද නෝනගේ නම මීළඟ කමෙන්ට් එකෙන් ටැග් කරන්නං. චරිත් සූරියබණ්ඩාර ඔයාට ප්‍රසිද්ධ මාධ්‍යයේ අසේල ධර්මසිරි සට්ටැඹියා කියලා කිව්වේ කට කහනවට නෙමෙයි නේද පශ්චාත්භාගයේ දීලා තියෙන්නේ මලපහ කරන්න මේස දෙන්න නෙවෙයි නාලන්ද විද්‍යාලයේ කියන්නත් ලැජ්ජයි
    සම්පත් බැංකුවේ සේවය කරන ලක්ෂිකා කල්පනී නෝනා . ... ඩයස්ගේ නංගි ද

    ReplyDelete