2048 දී ලංකාව පොහොසත් රටක් කරන්න රනිල්ට පුළුවන් ද ? (දෙවන කොටස)
-ශාන්ත ජයරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.13, පෙ.ව.1.20) රනිල්ට පුළුවන් ද ලිපි මාලාවේ දෙවැන්න මගින් ඔබගේ ප්‍රයෝජනය සඳහා තවත් ආර්ථික හා දේශපාලන කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට අදහස් කරමි.
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2048 වන විට ලංකාව පොහොසත් රටක් (Rich Country) බවට පත්කරන බවට ජනතාවට පොරොන්දුවක් ලබා දී ඇත. එය අගය කල යුතුය. මන්ද රට පෝසත් වන විට ජනයාටද එහි ප්රතිලාභ භුක්ති විඳිය හැක. එහෙත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනයා තුල ඇති කොට තිබෙන "2048 සංවර්ධිත රටක්" යන අපේක්ෂාව හුදු "ඡන්ද ගුංඩුවක්" ද? එය විග්රහ කර ගැනීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. මන්ද, අප ඕනෑ තරම් දේශපාලකයින්ගේ මෙවැනි කැරට් අල ගිල දමා පසුව මලබද්ධය හදාගෙන ඇත.
රටක් පොහොසත් යැයි සැලකෙන්නේ කුමන සාධක පදනම් කරගෙන ද?
රටක් දුප්පත් (අඩු ආදායම් ලාභී) හෝ පොහොසත් (ඉහළ ආදායම් ලාභී) ලෙස සැලකෙන්නේ එම රටේ ඒක පුද්ගල දල ජාතික ආදායම (GNI per capita) අනුවයි.
ලෝක බැංකුව විසින් සෑම වසරකම ජූලි මස පළමු වන දින ලෝකයේ රටවල් ඒවායේ ඒක පුද්ගල දල ජාතික ආදායම (Gross National Per capita Income) අනුව කොටස් හතරකට බෙදයි.
https://blogs.worldbank.org/opendata/new-world-bank-group-country-classifications-income-level-fy24
පහළ මැදි ආදායම්
ඉහළ මැදි ආදායම් , සහ
ඉහළ ආදායම් රටවල්
* 2022 වසරේ ඒක පුද්ගල දල ජාතික ආදායමට (GNI per capita in USD) අනුව වර්ගීකරණය සිදුකොට ඇත්තේ මෙසේය. (සියළු අගයන් ඩොලර් වලින් දක්වා ඇත)
පහළ මැදි ආදායම් - 1,046 - 4,095
ඉහළ මැදි ආදායම් - 4,096 - 12,695
ඉහළ ආදායම් - >12,695 ( වැඩි)
2022 වර්ෂයේ ලංකාවේ ඒක පුද්ගල දල දේශීය ආදායම ඩොලර් 3,388 කි. ඒ අනුව ලංකාව පහළ මැදි ආදායම් ලාභී රටක් හැටියට සලකන ලදි. මෙම වර්ගීකරණය අනුව රටක දල ජාතික ආදායම් මට්ටම් ඉහළ පහළ යාම අනුව තමන් අයත් කාණ්ඩය ද වෙනස් වනු ඇත.
* 2023 වසරේ ඒක පුද්ගල දල ජාතික ආදායම (GNI per capita in USD) අනුව වර්ගීකරණය සිදුකිරීමේදි අගයන් වෙනස් වී ඇති ආකාරය පහත දක්වා ඇත.
(සියළු අගයන් ඩොලර් වලිනි)
පහළ මැදි ආදායම් - 1,086 - 4,255
ඉහළ මැදි ආදායම් - 4,256 - 13,205
ඉහළ ආදායම් - >13,205 ( වැඩි)
මෙහිදී, සෑම කාණ්ඩයකම ආදායම් මට්ටම ඉහළ ගොස් ඇති බව ඔබට නිරීක්ෂණය වනු ඇත. 2024 ට කර ඇති පුරෝකථනය අනුව ද ආදායම් මට්ටම් ඉහළ ගොස් ඇත.
*2024 වසර සඳහා පුරෝකථනය කොට ඇති ඒක පුද්ගල දල ජාතික ආදායම (GNI per capita in USD)
පහළ මැදි ආදායම් - 1,136 - 4,465
ඉහළ මැදි ආදායම් - 4,466 - 13,845
ඉහළ ආදායම් - >13,845 ( වැඩි)
ඔබට පෙනී යන්නේ කුමක්ද ?
ඔබට මේ සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ කුමක්ද ? සෑම වර්ෂයකම ආදායම් මට්ටම් ඉහළ යමින් ඇත. එසේනම් , 2048 වන විට මෙය කොපමණ මට්ටමකට වැඩි වෙයිද? මෙම ඉහළ යාමේ ස්වභාවය අනුව සරල ගණිතය අනුව බැලුවද 2048 දී ලංකාව පෝසත් රටක් වීමට නම් ඒක පුද්ගල දල දේශීය ආදායම ඩොලර් 28,245 ක මට්ටමට වත් ලඟා විය යුතුය. සරලව ප්‍රකාශ කලහොත්, ඔබට වාර්ෂිකව ලැබිය යුතු ආදායම ඩොලර් 28,245 කි. ලංකාවේ ජනයාට එය සිහිනයක් වෙයිද ?
ලංකාවේ ඒක පුද්ගල දල දේශීය ආදායම දත්ත ලැබී තිබෙන්නේ 2022 දක්වා පමණි. ඒ අනුව 2022 අවසන් වන විට එය ඩොලර් 3,388 කි.
#2018- 4,263 #2019- 3,968 #2020- 3,754 #2021- 3,907 #2022- 3,388
මේ අනුව, ලංකාව පහළ මැදි ආදායම් රටක් හැටියට ගණන් ගැනේ.
ලංකාව 2048 පෝසත් රටක් වීමට නම්..
පවතින තත්ත්වය සලකා බලන විට ලංකාව 2048 පෝසත් රටක් වීමට නම් ඒ වන විට ලංකාවේ දල ජාතික නිෂ්පාදිතය (GDP) අවම වශයෙන් ඩොලර් බිලියන 775 කට වඩා වැඩි විය යුතුය. එවිට ඔබට සුර සැප විඳිය හැක.
කෙසේ වෙතත්, දැනට තිබෙන තිබෙන දත්ත අනුව, ලංකාවේ දල ජාතික නිෂ්පාදිත ය (GDP) 2023 වසරේ තවත් අඩු වනු ඇත. 2023 පළමු කාර්තුවේ ආර්ථිකයේ කඩාවැටීම -11.5% කි. එය දෙවන කාර්තුවේ කෙසේ වී ඇත්ද කියා කීමට දත්ත මෙතෙක් ලැබී නැත.
* 2048 ලංකාව පෝසත් රටක් කිරීමට නම් ආර්ථික වර්ධන වේගය කුමන මට්ටමකට පත්විය යුතු ද? https://www.cbsl.gov.lk/en/sri-lanka-economy-snapshot
IMF පුරෝකථනය සහ ඇත්ත..
2023 අවසන් වන විට ලංකාවේ ආර්ථිකය -3% කඩා වැටෙන බවට IMF මේ වන විටත් පුරෝකථනය කොට ඇත. IMF වැඩසටහන අවසන් වන 2028 වන විට ආර්ථික වර්ධන වේගය 3% ක් පමණ වන බව ශ්‍රී ලංකා මහබැංකුව සහ IMF ඔවුන්ගේ වාර්තා වල ප්‍රකාශ කරති. පවතින තත්වය අනුව එම මට්ටමට ලඟා වීමද සැක සහිත ය.
2028 වන විට ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 89 ක් වනු ඇතැයි IMF පුරෝකථනය කොට ඇත. ලංකාවේ ආර්ථිකය 2018 පැවතියේද ඩොලර් බිලියන 89 කය. එසේනම් 2028 දී අප සිටිනුයේ අවුරුදු 10 ක් පිටුපසිනි. අප 2048 සඳහා ඉලක්ක සකස් කළ යුත්තේ මේ පදනමේ සිටයි.
මෙය සිහිනයක් නොවේද?
ලංකාවේ ජනගහන වර්ධන වේගය සාමාන්‍යයෙන් 1% මට්ටමක පවතී. 2035 න් පසු මෙම වර්ධන වේගය අඩුවීමට නියමිත ය. කෙසේ වෙතත්, 2048 වන විට දල දේශීය ඒක පුද්ගල ආදායම ඩොලර් 12,000ක් ලෙස උපකල්පනය කළහොත්, අවම වශයෙන් 2048 ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 305 ක් විය යුතුය. ඒ සඳහා වාර්ෂිකව 12% ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගත යුතුය. වෙනත් ආකාරයකට ප්‍රකාශ කළහොත් ඉදිරි කාලය තුල 243% ක වර්ධනයක් නඩත්තු කළ යුතු ය. එය සිහිනයක් නොවේද ?
https://www.ft.lk/columns/The-Magic-2048-What-is-to-be-done-to-make-Ranilnomics-a-reality/4-747608
මේ සියල්ල සැලකීමේදි, 2048 දී ලංකාව පෝසත් රටක් කිරීමට රනිල්ට පුළුවන් ද ? අප තවදුරටත් නිශ්ශබ්ධව ඔවුන් පෙන්වන සිහින ලෝක වල දැන දැනම අතරමං වෙනවාද? නැත්නම් යථාර්ථය අවබෝධ කරගෙන මේ කෛරාටික දේශපාලකයන් ප්‍රතික්ෂේප කරනවා ද ? තීරණය ඔබ සතුය.
-ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
https://www.lankaenews.com/category/102

වසර කිහිපයකඒ පෙරල ඩොලර් අර් බූධයට ලොවම ු මුහුණු දුන් අවස්ථාවේ. සින්ගපූරුවේ අගමැති ඇතුළු ජනතා නියජිකයන් සියව දෙනාම හා රජයේ විධායක නිලධාරීන් සියළු දෙනාම, තම වැටුපෙන්කොටසක් රජයට පරිත්‍යාගි කළා. ඒංගලන්තයේ පවුම පවා ප්රශ්නනයටලක්වුනා. එදා වැටුනු ලබනානයේ පවුම තවම ගොඩ ආවේ නෑ. අපේ රටේ දේශපාලකයින්ට වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරන්න කීවොත්, ඔවුන් අල්ලපු පූටුවට අත දිගු කරනවා. ලෝ් උතුම් රට ලංකාවයි කියා ගී ගයනවා.
ReplyDelete