Saturday, 12 August 2023

පාර්ලිමේන්තුව ඇතුලේ සේවිකාවන් ලිංගික අපයෝජනය කරලා..! ඒක වහන්නත් යනවා..! රෝහිණීගෙන් හෙළිදරව්වක්..! 

-දි අයිලන්ඩ් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.13, පෙ.ව.00.35) පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට ලිංගික අපයෝජන සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැනි දෙයක් නොවූ බවට වින්දිතයන්ගෙන් ලියුම් ලබා ගැනීම ආරම්භ කර ඇති බව සමගි ජන බලවේගයේ (SJB) මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න පසුගියදා ප්‍රකාශ කළාය.

ලිංගික අපයෝජන සහ හිරිහැර කිරීම් චෝදනා ඉල්ලා අස්කර ගනිමින් ලිපි ලබා දෙන ලෙස වින්දිත සේවිකාවන්ට බල කිරීමේ ක්‍රියාවලියට ඇතැම් ප්‍රබල දේශපාලනඥයන් සහාය දෙන බව විශ්වාස කිරීමට තරම් හේතු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජේරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

“සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට ලිංගික අතවර කර ඇති බවට වාර්තා වී තිබෙනවා,” යයි මන්ත්‍රීවරිය පැවසුවාය.

පරීක්ෂණයට ඉතා බලගතු පුද්ගලයන්‍ගෙන් බලපෑම්..

අවනත නොවූ සේවිකාවන්ට මෙම නිලධාරීන් විසින් හිරිහැර කර ඇත. මෙම හෙළිදරව්වෙන් පසු පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළේය. දැන් එම පරීක්ෂණයට ඉතා බලගතු පුද්ගලයන්‍ගෙන් බලපෑම් එල්ල වන බව පෙනේ.

අළුත්ම සිදු වීම වන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ගෙන් තමන් ලිංගික අතවරවලට ගොදුරු නොවූ බව පවසමින් ලිපි ලබා ගැනීමට අපරාධකරුවන් විසින් පටන් ගෙන තිබීමයි. 

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවට අනුයුක්ත සේවිකාවන් විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සිදු වන ලිංගික අපයෝජන සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි පිළිබඳව ත්‍රිපුද්ගල කමිටුවක් විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකයා පැවසීය.

පාර්ලිමේන්තුවේ සභානායක, සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යකාරයා ප්‍රකාශ කළේ, විමර්ශන කමිටුවට ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් තිදෙනෙකු ඇතුළත් වන බවයි. ඔවුන්ගේ විමර්ශනයෙන් පසුව මහලේකම්වරයාට වාර්තාවක් ඉදිරිපත් කරන බව ද, වාර්තාවේ නිර්දේශ මත පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අවසන් තීරණ ගනු ඇති බව ද අමාත්‍යකාරයා පැවසීය.

- 2023 අගෝස්තු 9 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Saman Indrajith ලියූ, “Sexual abuse of female workers in Parliament: Rohini alleges bid to silence victims” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

1 comment:

  1. හිරිහෙරට ලත්වන අසරණ කාන්තාවන් ආරක්ෂා කරන්නට පහසු මාර්ගයක් තිබෙනවා. උන්ගේ බිරිඳ, දරුවන් හා ළඟ නෑයන් විභායකට කැඳවා, ප්‍රස්ද්ධියේ විභාග කරන්න. දවසකින් ප්‍රශ්න ඉවරවෙයි.

    ReplyDelete