Saturday, 19 August 2023

ආර්ථික යුක්තිය ගැන මේ දූෂිත මන්ත්‍රීවරු කතා කරන එකත් විහිළුවක්..! ටිරාන් අලස්ගේ වර්ජින් දූපත්වල ආයෝජන ගැන ඒකාලේම පැමිණිලි දාලා තියෙනවා..!!

-ආර්ථික යුක්තිය උදෙසා ජනතා සමූහිකය

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.19, ප.ව‍.11.25) ආර්ථික යුක්තිය උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් එක්වීම පිළිබඳව කතා බහක් ඇතිවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ආර්ථික යුක්තිය උදෙසා ජනතා සමූහිකයේ සාමාජිකයන් ඊයේ (18) දින මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම පිළිබඳව මෙහිදී ඔවුන් පලකළ අදහස් මෙසේයි..

මේ වෙනකොට විවිධ ක්ෂේත්‍ර වලට අදාළ වෘත්තිකයන්, කලාකරුවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වෙලාවේ ඉදිරියට යමින් පවතිනවා.

නීතීඥයන්ගේ සංගමය ඊළඟ සතියේ කලඑළි බහින්න නියමිතයි. විශේෂයෙන්ම වැදගත් නඩුකර කිහිපයකුත් එක්කම, ඒ වගේම ආර්ථික යුක්තිය උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයත් කල එළි බහින්න නියමිතයි.

විශේෂයෙන්ම අපි මේ වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ නම කැත කර නොගත්, පිරිසිදු යැයි අපට හිතන්න පුළුවන්. මන්ත්‍රීවරුන් ගණනාවක් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒ අය අපිත් එක්ක එකතු වෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන් ගණනාවක් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. පැහැදිලිව කියන්න ඕන මේකට අපි ආරාධනා කරලා තියෙන්නෙත් ලැජ්ජාවක්, හිරිකිතයක් නැතුව ආර්ථික යුක්තිය වෙනුවෙන් කතා කරන්න පුළුවන්කම තියෙන මන්ත්‍රීවරුන්ට විතරයි.

මහින්දානන්දට මෙහෙම කරන්න පුළුවන්..

ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා ලොකු ලැයිස්තුවක් හෙළි කරා බදු පැහැර හැරීම් සම්බන්ධව. මහින්දානන්ද හිටපු ඇමතිතුමා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී ඒ කැබිනට් මණ්ඩලය අනුමත කරගෙන ලංකාවට ගෙනා කාබනික පොහොර වලින් රුපියල් මිලියන 3000 නාස්තියක් වුණ බව විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් කියලා තියෙනවා. අපි මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගෙන් කරුණාවෙන් ඉල්ලනවා එතුමාට පුළුවන් අහිමි වෙච්ච මිලියන ගානක මුදල මේ රටේ ජනතාවට දීලා වැඩේ පටන් ගන්න.

අපි අඳුරගන්න ඕනෑ කණ්ඩායම් තුනක්..

ආර්ථික යුක්තියත් එක්ක එන කොට අපි අඳුරගන්න ඕනේ කණ්ඩායම් තුනක්. පළවෙනි කණ්ඩායම තමයි රටේ බංකොලොත් භාවයට වග කියන්න ඕන දූෂිත දේශපාලඥයෝ. දෙවෙනි කණ්ඩායම තමයි මේ දූෂිත දේශපාලනඥයොත් එක්ක එකතු වෙලා රට මේ තත්වෙට ඇද දාපු සුදු කරපටි මාෆියාකාරයෝ. රාජ්‍ය නිලධාරීන්. තුන්වෙනි කණ්ඩායම තමයි රටේ ඉන්න ජාවාරම්කාර ව්‍යාපාරික පන්තිය.

විගණකාධිපතිවරයා ලංකා බැංකුව සම්බන්ධව එහි පරිපාලන සමාගම් සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ වාර්තාවේ 23 පිටුවේ තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජනතාවගේ නීතිය සම්බන්ධ අමාත්‍ය ධූරයක් හොබවන පුද්ගලයෙක් රුපියල් බිලියන ගාණක බැංකු පොලු තියලා තියෙනවා.

මහජන නියෝජිතයෝ මෙන්න මේ වගේ විය යුතුයි..

ආර්ථික යුක්තිය වෙනුවෙන් මහජන නියෝජිතයෝ එකතු වෙනකොට කාටහරි සැකයක් සංකාවක් තියෙනවා නම් මහජන නියෝජිතයෝ මොනවගේද කියන එක ඔන්න අපි හැඩරුව කියනවා. පළවෙනි එක තමයි  මහජන නියෝජිතයින් අවංකවම ආර්ථික යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න කණ්ඩායමක් වෙන්න ඕනේ. දෙවැනි කණ්ඩායම, විවෘත වෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි මේ අය ප්‍රයෝගික වෙන්න ඕනේ නිකන් කතා කාරයෝ නෙවෙයි. මේ අර්බුදයෙන් ගොඩ ගන්න මෙන්න මේ කාරණාවන් සම්බන්ධව ඔවුන් ප්‍රයෝගික වෙන්න ඕනේ. හතරවෙනි කාරණාව තමයි ඔවුන්ට සහකම්පනය තියෙන්න ඕන.  අනිත් එක තමයි නිකම්ම නිකන් කයිය වැඩක් නෑ තම තමන් කරපු අමාත්‍යංශ නැත්නම් අඩුගානේ ප්‍රාදේශීය සභාවක සභාපතිකමක් හරි කරලා නම් පළාත් සභාවක් නියෝජනය කරලා නම් අන්න ඒකේ කිසියම් පරිවර්තනයක් කරලා වැඩක් කරන්න පුළුවන් හා පෙන්නපු කෙනෙක් වෙන්න ඕනේ.

1978 විතර ඉඳල ගත්තහම ලංකාවේ සිදු වෙච්ච කිසිදු ආර්ථික අපරාධයකට කිසිම කෙනෙක් වැරදිකරුවෙක් බවට පත්වෙලා නෑ. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කොමිසම් වාර්තාවේ ලංකාවේ ආර්ථික අපරාධ කළා කියලා නිර්දේශ කරලා තියෙනවා.

ලංකාවේ ලොකුම ආර්ථික ඝාතකයා, ආර්ථික ඝාතනය ගැන පොත් ලියනවා...

මහ බැංකු බැඳුම්කරයක් කතා කරනවා 2015 දී වෙච්ච. නමුත් 2005 පස්සේ, රාජපක්ෂවරු අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති බවට පත් කරලා, ඔහුගේ නංගිව එකේ එකට පත් කරලා, ඒ කාලේ ඉඳන් මහ බැංකුව සුද්ද කරන්න පටන් ගත්තා. කබ්රාල්, ඊට පස්සේ යුද්ධෙන් පස්සේ ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත් බවට බොරු මහ බැංකු වාර්තා ඉදිරිපත් කරමින් චීනය සමග ලොකු ගණුදෙනු කරන්න පටන් ගත්තා. මේගොල්ලෝ බොරුවට මහ බැංකු වාර්තාව මගින් චීනය සමග වාණිජ ණය ගන්න පටන් ගත්තා. ඒක ඇවිල්ලා අජිත් නිවාඩ් කබ්රාල්ලගේ, බැසිල් රාජපක්ෂලාගේ, රාජපක්ෂලාගේ එක ගේම් එකක්. නමුත් ඊට පස්සේ දැන් අජිත් නිවාඩ් කබ්රාල් කියන ලංකාවේ ලොකුම ආර්ථික ඝාතකයා, ආර්ථික ඝාතනයට පොත් ලියනවා.

පාර්ලිමේන්තුවේ ඉන්න 225 හොරු කියලා අරගලය කිව්වට පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවා 225 න් හොරු නොවන ඉතාමත් හොඳ බහුතර සංඛ්‍යාවක් ඉන්නවා.  හෘද සාක්ෂි තියෙන කණ්ඩායම් දැනගත්තා මේ සම්ප්‍රධායික දේශපාලන පක්ෂවල ඉඳලා මේ වැඩේ කරන්න බැහැයි කියලා. ඒක නිසා මේ සංවිධානය සමග එකතු වෙමින් පවතිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ කැඳවුම්කරු නදීෂ ද සිල්වා, විධායක සභික දර්ශන තන්ත්‍රිගේ, නීතිඥ නාමල් රාජපක්ෂ, හා  විධායක සභික ධනංජය සිරිවර්ධන යන මහත්වරුන් සම්බන්ධ වූහ.

ටිරාන් අලස් වර්ජිනියා දූපත්වල කළ ආයෝජන ගැන පැමිණිල්ලක් දැම්මා..

ප්‍රශ්නය - 2016 අවුරුද්දේදී ටිරාන් අලස්ට විරුද්ධව පැමිණිල්ලක් කළා එකට මොකද වුණේ?

පිළිතුර - 2016 ඒ පැමිණිල්ල දැම්මෙත් මෙයා වර්ජිනියා දූපත්වල  සමාගම්වල ආයෝජනය කරලා තියෙනවා කියලා. අපේ විමර්ශන කණ්ඩායම් ශක්තිමත් නෑ.  අපි පොලිසියට ගිහිල්ලා භාර දුන්නට පස්සේ, පොලිසියේ අය කියන්නේ මහත්තයා දුන්නට අපිට මේකට යන්න පහසුකම් නෑ. මේක හොයන්න විදිහක් නෑ. පසුව පැමිණිල්ල කරලා අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ අපිව දඩයම් කරන මට්ටමට ආවා අන්තිමට. පැමිණිල්ලට මොනවා වුණාද දන්නෑ. නමුත් ඒකෙදි අපි හෙළිදරව් කිරීමක් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැන් ඇමැතිවරයා ලංකාවේ මුදල් විශාල වශයෙන්ම වර්ජිනියා සහ මේ දූපත්වල ආයෝජනය කරලා තියෙනවා කියලා. දැන් හෙළිදරව් වෙලා තියෙනවා එතුමා ඒ වගේ ආයෝජනය කරලා තියෙනවා කියලා.

ප්‍රශ්නය - මේකේ පැමිණිල්ල යනවද? පරීක්ෂණ කරනවද?

පිළිතුර - නෑ ඒකෙදි ඒගොල්ලෝ මට කීප සැරයක්ම කතා කරලා කිව්වා. අපිට ආණ්ඩුවෙන් පහසුකම් සපයලා දෙන්න කියලා. මොකද අපිට තේරුණා ඒ බලය ලබාගන්න රාජපක්ෂවරුන්ට විරුද්ධව බලය ලබාගන්න, ගන්න විතරයි වුවමනාව තිබුණේ. එතනින් එහාට වැඩක් කරන්න වුවමනාව තිබුණේ නෑ. ඒ යහපාලන ආණ්ඩුවටත්. ඒක නිසා ඒගොල්ලෝ ඒ ලොකු එකක් කරලා, රාජපක්ෂවරු හොරු කියලා, අපි ලවුවා පැමිණිලි දාන්න, අපි ගිහිල්ලා පැමිණිලි දැම්මා ඊට පස්සේ. 2015 මුල් ඉඳන් පැමිණිලි දැම්මා. නමුත් මේ සඳහා හදපු මූල්‍ය කොට්ඨාශයට පත් කළේ දූෂිත අධ්‍යක්ෂක කෙනෙක්. ඒ පුද්ගලයා කළේ මොකක්ද? මේක පාවිච්චි කරගෙන සල්ලි හම්බ කරපු ඒ කාලේ. ඊට පස්සේ 2019 ආපහු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ආවට පස්සේ යම් පරීක්ෂණ කරපු කට්ටියව දඩයම් කරලා රක්ෂිතභාවයට පත් කළා. ඒවත් ඔක්කොම එක්ක. මේ ආණ්ඩුව නැවතත් ඒවාට සාධාරණය ඉෂ්ට කිරීමක්. විශේෂයෙන් ශානි අබේසේකර රක්ෂිත භාරයට පත් කළා. යම් විමර්ශන කරපු නිලධාරීන්ව සමහර කට්ටිය ලංකාවෙන් බැහැර වෙලා ගියා. නමුත් ඒ පැමිණිලි එහෙම්ම තියෙනවා.

රනිල් ජනාධිපතිවුනාට පස්සෙ හොරු එළියට එන එකත් නැවතිලා..

ප්‍රශ්නය - එතකොට ඔය ලංකාවේ බදු වංචා කරපු අයගේ නාම ලේඛනය පාර්ලිමේන්තුව ඉල්ලා තියෙනවද? පාර්ලිමේන්තුවට ලැබිලා තියෙනවද?

පිළිතුර - පහුගිය අවුරුද්ද වෙනකන් පාර්ලිමේන්තුවට ඉල්ලපු ඒවා අපි දන්න තරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ අවසාන වතාවට ඉල්ලපු එක ඉදිරිපත් කරලා නෑ. දැන් අපි මේ කතා කරන හුඟක් ලියවිලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුනු ඒවා. හැබැයි අවසාන වශයෙන් මම දන්න තරමින් බැංකුවලත්, අන්තිම අවුරුදු වල මේ පහුගිය කාලේ ඒවා දීලා නෑ. තාම දීලා නෑ. ඉතින් එතකොට ඒ කියන්නේ අපි මේ  කතා කරන්නේ 2021 පොලු තියපු කට්ටිය ගැන. 2022 ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත්වුනයින් පස්සේ හොරු එළියට එන එකත් නැවතිලා තියෙනවා. ඒ හින්දා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔය 2050 කියලා කියන්නේ තවත් ඇස්බැන්දුමක් පමණයි.

No comments:

Post a Comment