Monday, 28 August 2023

ශානි දඩයම් කිරීමට වළි කෑ මිනී මෝරුන් අන්තිමේ පරදී..!

-ඩේලි මිරර් පුවතක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.28, ප.ව‍.9.45) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කීර්තිමත් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් හා නිශාන්ත සිල්වා පසුගිය 25 දා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයෙන් නිදහස් කෙරිණ.

නීතිපතිවරයා සැකකරුවන් නිදහස් කරන ලෙස උපදෙස් දී තිබිය දීත් කොළඹ අපරාධ කොට්ඨාසය (සීසීඩී -එය පවතින්නේ ටිරාන් අලස්ගේ දකුණු අත වන් කුප්‍රකට දේශබන්දු යටතේ ය ) ඊට විරෝධය පළ කළේය.

කෙසේ වෙතත්, ශානි අබේසේකර ඇතුළු සෙසු සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු දැක්වීම් සලකා බැලූ ගම්පහ මහේස්ත්‍රාත් ශිලානි පෙරේරා සැකකරුවන් සියලු දෙනාම නිදහස් කළාය.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය කිරීම පිළිබඳ විශේෂ මහාධිකරණ නඩු විභාගයේ දී, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත්‍රයා සහ තවත් හතර දෙනෙකු වරදකරුවන් විය. 

ඒ පිළිබඳ පොලිස් පරීක්ෂණවල දී වාස් ගුණවර්ධන කොටු කර ගැනීම සඳහා යම් යම් ස්ථානවල අවි ආයුධ සඟවා තැබූවේ යයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මාස 11 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබිණ.

2019 ජනාධිපතිවරණයෙන් පසු [ගෝටාබය රාජපක්ෂගේ] නව පාලනය බලයට පත්වීමත් සමග එම අත්අඩංගුවට ගැනීම සිදු වූ අතර එය හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂවරයා දඩයම් කිරීමට කළ සැලසුමක් ලෙස සැලකිණ. 

මාස 11 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු අභියාචනාධිකරණය ඔවුන් දෙදෙනාටම ඇප ලබා දුන්නේ, සම්පූර්ණ නඩුවම ගොතන ලද පට්ට පල් බොරුවක් බව පවසමිනි.

කෙසේ වෙතත්, අභියාචනාධිකරණ තීන්දුව නොතකා ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න ඔවුන් නඩු විභාගයෙන් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව දිගටම පැවැත්විණි. 

කෙසේ වෙතත්, සාක්කි නොමැති වීම හේතුවෙන් විත්තිකරුවන් නඩු විභාගයෙන් නිදහස් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබුණි.

හෆීල් ෆාරිස්, සංජීව කොඩිතුවක්කු සමග නීතීඥ චමින්ද අතුකෝරල ඇතුළු නීතිඥවරු රැසක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

- 2023 ජුලි 27 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Lakmal Sooriyagoda ලියූ, “Shani discharged from Magistrate’s Court proceedings” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment