Friday, 11 August 2023

ධීවර ක්ෂේත්‍රය වලපල්ලටම ඇද දැමූ ගෝඨාගේ අවතාරයට සේවා දිගුවක්...!

-ස්කිපර් ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.11, ප.ව.10.30) පළාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුගේ හිටපු පරිපාලන නිලධාරිණිය (AO), ධීවර අමාත්‍යංශයේ ලේකම් ලෙස කිරීමේ විපාක මේ වන විට මුළු රටටම අත්විඳීමට සිදුව ඇත. ඒ බව හොඳින්ම දන්නේ ධීවර ක්ෂේත්‍රයේ ජනතාව ය. ඇය ඔහේ තමන්ගේ හිතු මතේට අයිස් කර්මාණ්තශාලා ටික විකුණනවා ය . ඔලුවිල් වරායත් ආත භූත නැතිව මේ වන විට විකුණමින් සිටින්නීය. එසේම තව තවත් ඉඩම් හිතු මතේට එහෙට මෙහෙට දෙමින් සිටින්නීය. AO ව ලේකම් කරලා අන්තිමට රාජ්‍ය චක්‍ර ලේඛ සත පහකට ගණන් ගන්නේ නැතිව  වැඩ කරමින් සිටි මේ ලේකමිය අවුරුදු 60 සපුරා විශ්‍රාම යා යුතු වුවද තම ප්‍රතිපත්ති වලින් බැහැරව වත්මන් ජනාධිපති විසින් සේවා දිගුවක් ලබා දීම සමස්ත ධීවර ජනතාව වෙත ගැසූ කනේ පහරකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පණ එපා කියා පලා යන විට ඇය ද සැඟවී සිටිය ද පසුව අළු ටික ටික පිස දමමින් නැවත සද්දේ දැමීමට පටන් ගත්තා ය. ඒ සද්දේ දැම්මේ තමන්ගෙ වටේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට (SLAS) අයත් නිලධාරින් පිරිසක් තබා ගෙනය.  ඇයට වටා ලොකු SLAS මාෆියාවක් සිටිති. ඒ අනුව ලොකු SLAS කාරයෝ ටිකක් ලඟට ඇරගෙන ඔවුන්ගේ උපදෙස් අනුව වැඩ කළේ වී නමුත් ධීවර ක්ෂේත්‍රය පිළිබඳ කිසිදු දැනුමක් ඇයට නැත; වටේ සිටිනා SLAS කාරයෝ ටිකකට ද නැත. අවුරුදු 2 කොවිඩ් වලට සැඟවී සිටියහ. ඊට පස්සේ අරගලය නිසා සැඟවී සිටියහ.  ඒ නමුත් බොරු කිය කියා තමන්ගේ ඉහළ බලධාරින් රවටා වැඩ කිරීමට ඇයට පුදුමාකාර දක්ෂතාවයක් ඇත. 

මෙය ප්‍රසිද්ධ කරන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් කෙතරම් කතා  කරනු ලැබුවද මෙවැනි අඥාන ලේකම් වරියක් සිදු කරනු ලබන හානිය සුළුපටු නොවන නිසා ය. මෙම "ඉන්දු රත්නායක" නැමති ගෝඨාගේ සුරතලිය සම්බන්ධයෙන් ස්කීපර්ට වාර්ථා වූ බොහෝ අයථා ගණුදෙනු, අත්තනෝමතික ක්‍රියා  ඉදිරියේදී තවත් හෙළි කිරීමට බලාපොරොත්තු වෙමි.

-ස්කිපර්

No comments:

Post a Comment