වැල් පාලමෙන් ගෙනියන්න බැරි වෙලා, රනිල් අතින් තවත් එකක් ගඟට වැටිලා...!
-ආනන්දගේ පරිවර්තනයක්.
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.11, ප.ව.6.45) මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, බංකොලොත් ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ පා සිටින ඉදිකිරීම් ක්ෂේත්රය කිසිදු ආකාරයක නව ව්‍යාපෘති සැලසුම් නොමැතිව බිඳ වැටී ඇති අතර, විශාල වශයෙන් සේවකයන්ගේ රැකියා අහිමි වෙමින් තිබේ.
කෙසේ වෙතත්, අමුද්‍රව්‍ය පිරිවැය ක්‍රමයෙන් අඩු වීම නිසා “දැනට පවතින සීමිත ව්‍යාපෘති සඳහා හිතකර පරිසරයක්” උදා වී ඇති බව, ඉදිකිරීම් කර්මාන්තය සඳහා සිය මිල දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය නිකුත් කරමින් බැංකුව ප්‍රකාශ කරයි.
“ප්‍රධාන සේවකයන් පමණක් රඳවා ගැනීමට සමාගම් නැඹුරු වීම නිසා (ජූලි මාසයේ දී) රස්සාවලින් දොට්ට දැමූ සේවක සංඛ්‍යාව තව දුරටත් වැඩි වී ඇත. තව ද, බොහෝ සමාගම් කෙටි කාලීන වැඩ කටයුතු පමණක් ඉටු කරමින් [යළිත් හොඳ කලක් එතැයි] බලා සිටීමේ ස්ථාවරයක සිටින බැවින් එම මාසය තුළ භාණ්ඩ මිල දී ගැනීම් ප්‍රමාණය ද අඛණ්ඩව පහත වැටි තිබේ,” යයි එහි සඳහන් වේ.
බොහෝ ගොඩනැගිලි ව්‍යාපෘති අත්හිටුවීමත් සමග ඉදිකිරීම් මන්දගාමීව පවතින අතරේ, දේපල වටිනාකම්වල වැඩි වීමක් සිදු වී ඇති බව මහ බැංකුව විසින් වාර්තා කර තිබීම ඉදිකිරීම් කර්මාන්තයේ බොහෝ දෙනාගේ මතභේදයට ලක් විය.
මෙම වසරේ මුල් භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉඩම් තක්සේරු දර්ශකය 15.2% කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි. බැංකුව කියන පරිදි, නේවාසික, වාණිජ සහ කාර්මික දේපලවල වටිනාකම් ඉහළ ගොසිනි!
ඉහළම දේපල සංවර්ධකයෙකු පැවසුවේ මහ බැංකුවේ ඉලක්කම්වලින් "විශේෂ ගනුදෙනු" අතලොස්සක් පිළිබිඹු විය හැකි නමුත්, දේපල වෙළඳ පොළේ සැබෑ තත්වය ඉන් නියෝජනය නොවන බවයි.
වසර 3 ක් තුල සුඛෝපභෝගී මහල් නිවාස එකක්වත් විකිණී නෑ..
බොහෝ සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධකයින්ට පසු ගිය වසර තුන තුළ ඉහළ මට්ටමේ මහල් නිවාස කිසිවක් විකුණා ගැනීමට නොහැකි වී ඇති අතර, මධ්‍යම පරාසයේ ඒකක සඳහා ඇති ඉල්ලුම ද අඩු වී ඇති බව ඔහු පැවසීය.
ඉදිකිරීම් කර්මාන්තයට අහිතකර අධික පොලී අනුපාතවලින් අදහස් වන්නේ, අනාගත නිවාස හිමියන් මිල අධික උකස්වලට උනන්දු නොවන බව යයි ඉදිකිරීම් ක්ෂේත්රයේ නිලධාරීහු පවසති.
කොළඹ ඉහළ පෙළේ සුඛෝපබෝගී ගොඩනැගිලි ලෙස මුලින් ප්‍රචාරය කළ ගොඩනැඟිලිවල ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වී ඇති අතර, දැනට සෙමෙන් සෙමින් ඉදි වෙමින් පවතින ගොඩනැගිලිවල ඉදිකිරීම් ද දැනටමත් නියමිත කාලයට වඩා වසර කිහිපයක් ප්‍රමාද වී ඇත. සංවර්ධකයන් මුදල් හිඟයට මුහුණ පා සිටින අතර, ඔවුන්ට නව අරමුදල් ලබා දීම බැංකු විසින් ද අත්හිටුවා ඇති බැවින් ඒවා ඉදි කිරීමට නොහැකි වී තිබේ.
- 2023 සැප්තැම්බර් 3 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, “Construction in crisis, but property soaring says Central Bank” නම් ප්රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68
No comments:
Post a Comment