සොමියට වරෙන් පුතා යූඑන් නිව්යෝර්කයේ..!
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.22, ප.ව.3.10) එක්සත් ජාතීන්ගේ සැසි වාරය සඳහා නිව්යෝර්ක් නුවර බලා ගිය ජනාධිපති දූත පිරිසට අමාත්‍ය ධුරවලින් තොර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් යුත් පිරිසක් ද ඇතුළත් කර තිබේ.
සමාජ මාධ්‍යවල ඒ පිළිබඳ විවේචනාත්මක පළ කිරීම් ඇවිලෙමින් ඇති අතර බොහෝ දෙනා එය දකින්නේ දේශපාලකයන් විසින් සිය පුද්ගලික ආශා සන්තර්පණය කර ගැනීම උදෙසා රාජ්‍ය භාණ්ඩාගාරයේ ජනතා අරමුදල් අවභාවිතා කිරීමක් ලෙසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ප්‍රේමනාත් සී. දොලවත්ත, හා එස්. එම්. එම්. මුෂාරප්, මෙන්ම සමගි ජන බලවේගයේ (සජබ) වඩිවෙල් සුරේෂ් යන මන්ත්‍රීලා ඒ අමතර පිරිවර අතර කැපී පෙනේ.
වඩිවේල් සුරේෂ් නමැත්තා විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිය ද පසු ගිය කාලයේ ආණ්ඩුවට සහාය පළ කරමින් අදහස් පළ කළේය.
විදේශ රටවලට යන රජයේ නියෝජිත කණ්ඩායම්වලට අනවශ්‍ය සාමාජිකයන් ඇතුළත් කර ගැනීම ශ්‍රී ලාංකේය දේශපාලන සංස්කෘතියට අනුව බලාපොරොත්තු විය යුත්තකි.
මෙවර ද මෙම නින්දිත පුරුද්ද සිදුව ඇත්තේ රාජකාරි අවශ්‍යතා මත නොව, සිය පුද්ගලික ඕනෑ එපාකම් ඉටු කර ගැනීම සඳහා මෙම මන්ත්‍රීවරුන් සතුටු කර තබා ගැනීමේ රනිල්ගේ අවශ්‍යතාවය මත බව පෙනේ. එය මහජන මුදල් අදූරදර්ශී ලෙස භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න මතු කරයි; එය වරප්‍රසාද අයුතු ලෙස භාවිතා කිරීමක් මිස අන් කිසිවක් නොවේ.
වත්මන් තත්ත්වයට බොහෝ සෙයින් හේතු වී ඇත්තේ අමාත්‍ය තනතුරු නොමැතිව සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨ පොහොට්ටු මන්ත්‍රීන්ගේ දරුණු අතෘප්තියයි.
- 2023 සැප්තැම්බ්ර් 21 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, “A joy ride to UN for MPs” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

Legal action should be taken against RW when get Lose in next elections for Misuse of his Office on Govt Expenses.
ReplyDelete