Sunday, 17 September 2023

ලංවිම සාමාන්‍යාධිකාරී තනතුරට ලෙකෝ එකෙන් එළවපු පල් හොරෙක්...!

විශේෂ වාර්තාකරුවෙක් ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.17, ප.ව.11.45) රටේ ජනතාව හැටනම ලක්ෂයක චන්දයෙන් පත්වූ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක ජනාධිපති වරයෙක් පුටුවෙන් එළවා දැමුවේ හැත්තෑපස් වසරක් තිස්සේ තට්ටු මාරු ක්‍රමයට ක්‍රියාත්මක වූ දූෂිත දේශපාලනයට තිතක් තැබීමටයි.

නමුත් ඒ පණිවිඩයවත් තේරුම් ගැනීමට නොහැකි දේශපාලකයින් තව තවත් තම දූෂිත දැල පුලුල් කරමින් රාජ්‍ය ආයතන දේශපාලනීකරණය කිරීමට දරණ උත්සාහය ඉතාමත් අප්‍රසන්නය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුර සඳහා දැඩි දූෂණ චෝදනාවලට ලක්ව ඇති තමන්ගේ හෙංචයියෙකු පත්කිරීමට උත්සාහයක් ඇති බව වාර්තා වේ.

පත් කිරීමට යන නරේන්ද්‍ර ද සිල්වා පල්හොරෙක්..

මේ තනතුර සඳහා පත් කිරීමට යන නරේන්ද්‍ර ද සිල්වා නැමත්තා ලෙකෝ ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස සේවය කරද්දී කර ඇති විවිධ අක්‍රමිකතා නිසා ලෙකෝ ආයතනය විසින් අනිවාර්ය නිවාඩු යවා ඇති පුද්ගලයෙකු වන අතර 2023 ජූලි 13 දිනැති විගනකාධිපතිගේ වාර්තාවක් හරහා ද විශාල චෝදනා ප්‍රමාණයක් එල්ලවී ඇති දූෂිත නිලධාරියෙකි.

එම වාර්තාව විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයාටද පිටපත් කර ඇතත් විගණන නිරීක්ෂණ සැලකිල්ලට නොගෙන ලෙකෝ ආයතනය ට වඩා විසි තිස් ගුනයක් විශාල ලංවිම සාමාන්‍යාධිකාරී ලෙස පත්කිර්‍ර්ම තුලින් බලශක්ති ක්ෂේත්‍රයම අවුලෙන් අවුලට පත්වීම නවතාලිය නොහැක.  විගණන වාර්තාවේ සඳහන් නොවන තවත් චෝදනා කිහිපයක්ද මොහුට එරෙහිව එල්ලවී ඇත.

ඉන් එක් චෝදනාවක් නම් ඔහු ලෙකෝ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස සේවය කරද්දී වාහන ණය ලබාගෙන ඇත්තේ ආයතනයේ ණය කොන්දේසි කඩකරමින් වංචා සහගතව ය. රුපියල් 25,75000 ක් වන එම ණය මුදල රැගෙන KV 9520 දරන ටොයොටා කාර් රථය මිලදී ගෙන තිබේ. පුදුමය නම් එහි අයිතිකාරිය ඔහුගේම බිරිඳ ය.

ලංවිම ප්‍රතිව්‍යුහ ගත්කිරීමට යමින් මේ කරන්නේ කුමක්ද?

ඉදිරියේදි ලංවිම ප්‍රතිව්‍යුහ ගත්කිරීමට සූදානම් වී ඇති තත්වයක මෙවැනි දූෂිතයන්  වගකියයුතු තනතුරු වලට පත්වීමෙන් රටේ අසරණ ජනතාවට අයත් වටිනා දේපල දූශිතයන්ගේ සුඛවිහරණය සඳහා ඩීල් දැමීමට අවස්ථාව සැලසෙනු ඇත.  

මෙලෙස රාජ්‍ය ආයතන දූෂිතයන් අතට පත් කිරීමට රටේ ජනතාව ඉඩ නොතැබිය යුතු අතර එවැනි දේශපාලකයින්ට අරගලයෙන් ලබාදුන් පණිවිඩය නැවත නැවතත් මතක් කළ යුතුය.

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි

1 comment: