රෝහල් පාලනාධිකාරියේ තුච්ඡ බලපෑම් නිසා ප්‍රධාන පෙළේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙක් කළකිරී විශ්‍රාම ගැනීමට යයි..!
-විශේෂ වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.09, ප.ව.7.30) කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා හදිසියේම විශ්‍රාම යෑමට කටයුතු කරමින් සිටී. ඊට හේතු වී ඇත්තේ පසුගිය ජූලි විසි පස් වෙනි දින මහත් ආන්දෝලනයකට ලක් වූ අංගොඩ මානසික රෝහලේ රෝගියකුට එහි කාර්ය මණ්ඩලය විසින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා නිකුත් කිරීම බව මේ වන විට තහවුරු වී ඇත.
මේ සඳහා සෞඛ්‍ය ක්ෂේත්රයේ බොහෝ පිරිස් එම වෛද්‍යවරයාට බලපෑම් කොට ඇති බවත් අදාල රෝහලේ වෛද්‍යවරුන් විසින් ඔහුට විරුද්ධව පාලනාධිකාරියට බලපෑම් කරමින් පවතින බව ද අප වෙත ආරංචි වී ඇත.
විශේෂයෙන්ම එම වෛද්‍යවරයා යටතේ සිටින කාර්ය මණ්ඩල ඉවත් කොට වෙනත් කාර්යමණ්ඩල යෙදවීමට රෝහල් පාලනාධිකාරිය විසින් කටයුතු කරමින් සිටී. ඔහු රාජකාරි කරන නැගෙනහිර කොළඹ රෝහලේ හෙද නිලධාරිනිය ඉවත් කොට සුළු සේවකයෙකු යටතට මෙම අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා සතු අධිකරණයට ඉදිරිපත් කළ යුතු සාක්ෂි සටහන් ලබාදීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කරමින් සිටී.
සාක්කි විනාශ කිරීමේ උත්සාහයක්....
උදාහරණයක් ලෙස තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් එහි අධිකරණ විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට චෝදනා එල්ලවූයේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධවයි. එම නිසා මේ ආකාරයට මෙම නඩු වලට සම්බන්ධ සාක්ෂි සටහන්ද සුළු සේවකයෙකුට පැවරීමෙන් උත්සාහ කරන්නේ සාක්ෂි විනාශ කිරීම සඳහා ද යන ප්‍රශ්නාර්ථය ඇත. මෙයට විරුද්ධ වෛද්‍ය චන්න පෙරේරා මුල්ලේරියාව පොලිසියේ පැමිණිල්ලක්ද ගොනුකොට ඇත. එමෙන්ම මේ පිළිබඳව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට සහ කොළඹ අලුත්කඩේ අංක 8 දරන මහේස්ත්‍රාත් අධිකරණයට ද ඔහු මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇත.
එමෙන්ම අංගොඩ රෝහලේ මෙම නඩුවට අදාළ සාක්ෂි සටහන් තිබූ ලැප්ටොප් පරිගණකය ද පසුගියදා අතුරුදහන් වී තිබූ අතර මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියටද පැමිණිලි කොට ඇත. එම රෝහලේ පාලනාධිකාරිය විසින් ද මෙම වෛද්‍යවරයාට ලබා දී තිබූ කාර්ය මණ්ඩල ඉවත් කොට ඇති අතර මෙහි අධ්‍යක්ෂකවරුන් ඇතුළු පාලනාධිකාරිය විසින් වෛද්‍යවරයාට දිගින් දිගටම චෝදනා එල්ල කිරීම හමුවේ ඔහු නිසි වයස් සම්පූර්ණ වීමටත් පෙර මෙම වසරේ දෙසැම්බර් 31ට පෙර විශ්‍රාම යෑමට අදාල ලියකියවිලි මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදී ඇත.
සේවය තව වසර 7 ක් රටට ලබාගැනීමට තිබිය දී...
විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා දිවයිනේ සිටින ප්‍රධාන පෙළේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙක් වන අතර ඔහුගේ සේවය තව වසර හතක් පමණ ලබා ගැනීමට හැකියාව තිබියදීත් මේ ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම් සහ රෝගීන්ට වඩා තම කාර්ය මණ්ඩලය වැරැද්දක් කළ ද එය හෙළි කිරීමට ඉඩ නොදීම ගැන මේ රටේ ජනතාවට මෙම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැසිරීම් ගැන තවදුරටත් සිතා බැලිය යුතුය.
තාජුඩීන් ඝාතනය ගැන අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට චෝදනා එල්ල වනවා සේ මේ ආකාරයට කෙළින් වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට චෝදනා එල්ල කරන සෞඛ්‍ය අමාත්‍යාංශයකින් ඵලක් තිබේද?
රෝහලකට රෝගියෙකු යන්නේ තම රෝගී තත්ත්වයෙන් මිදී සුවපත් පුද්ගලයකු ලෙස රෝහලින් බැහැර වීමටයි. නමුත් රෝහල් කාර්ය මණ්ඩල වලින් අඩම්තේට්ටම් වලට ලක්වී පැමිණීමට නම් එය රෝහලක් ද? වධකාගාරයක් ද? මල් ශාලාවක් ද? කියා තෝරා ගත යුතුව ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව සඳහා ද? තම කාර්ය මණ්ඩල සඳහා ද? කියා දැන්වත් තීරණයක් ගත යුතුය.
No comments:
Post a Comment