Monday, 25 September 2023

නියෝජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩියට වෙඩි තැබීම ආණ්ඩුව සහ කුඩු ජාවාරමුන් අතර සම්බන්ධය හෙළිකරවන්නක්..!

-LeN ආරක්ෂක වාර්තාකරු ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.25, ප.ව.5.15) නියෝජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය හෙවත් බිරිඳගේ පියා ලලිත් වසන්ත මෙන්ඩිස් වෙඩි තබා ඝාතනය කර තිබේ. 23 දා රාත්‍රියේ තම ව්‍යාපාර ස්ථානය වසා දමා යාමට සැරසිමේ දි ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. ගාල්ල ඩික්සන් පාරේ දී මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබුවේ මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනෙකි.

මියගිය ලලිත් වසන්ත මෙන්ඩිස් හා රත්ගම විදුර හා ඒකාබද්ධව සිදුකරන ලබන මත්කුඩු ජාවාරමට විරුද්ධව ඩුබායි හි සිටින ප්‍රබල මත්කුඩු ව්‍යාපාරික කොස්ගොඩ සුජී දැඩි වෛරකින් පසුවු අතර බෙහෝ දුරට මෙය සුජී විසින් ක්‍රියාත්මක කර ඇති බවට අනුමාන කෙරේ.

කොස්ගොඩ සුජී ඩුබායි හරහා මෙරටට මත්ද්‍රව්‍ය සපයන ප්‍රධාන පෙලේ ජාවාරම්කරුවා වන අතර කුප්‍රකට දේශබන්දු තෙන්නකෝන්ගේ සමීපතමයෙකු ද වේ. එපමණක් නොව කොස්ගොඩ සුජී යනු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසාගේ ලඟම නෑයෙක්ද වේ.

මේ අනුව ඩී.වී. චානකගේ මාමණ්ඩියට වෙඩි තැබීම ගැන ටිරාං අලස් ඇතුළු ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්දැයි බලා සිටිමු.

-LeN ආරක්ෂක වාර්තාකරු

No comments:

Post a Comment