Thursday, 22 February 2024

විභාග කොමාට වැඩ බැරි නිසා පොඩ්ඩෝ‍ සටන අතට ගනී..!

-විශේෂ ලියුම්කරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.22, ප.ව.11.45) වසර පහක පමණ කාලයක සිට ක්‍රමයෙන් ඔඩු දුවා අද වන විට සුව කළ නොහැකි තුවාලයක් බවට පත් වී ඇති ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේ‍න්තුවේ‍ මූල්‍ය අංශයේ‍ පවතින අක්‍රමිකතාවලට වැට බැඳීමට පඹයකු බඳු මහ විභාග කොමාට නොහැකි බව ඔප්පු වී ඇති තත්වයක් තුළ සටන අතට ගැනීමට දෙපාර්තමේ‍න්තුවේ‍ කළමනාකරණ සේ‍වා නිලධාරීන්, මුද්‍රණාල සේ‍වකයින්, කාර්යාල සේ‍වකයින් හා රියදුරන් විසින් පියවර ගෙන ඇති බව දිනපතා පළවන ජාතික පුවත්පත් සියල්ලම පාහේ‍ 2023.02.20 වන දින වාර්තා කර තිබුණි. 

නාකි හෙරියන් දෙදෙනාට එරෙහිව චෝ‍දනා විසි ගණනකින් යුත් ලිපියක්

ගණකාධිකාරී කමනී හෙට්ටිආච්චි හා සහකාර ගණකාධිකාරී භද්‍රා කේ‍න්තී යන කුඩුකේ‍ඩු නාකි හෙරියන් දෙදෙනාට එරෙහිව චෝ‍දනා විසි ගණනකින් යුත් ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශයේ‍ ලේ‍කම්වරිය වෙත මේ‍ වන විට ඉදිරිපත් කර ඇති අතර සියලුම අතිකාල සේ‍වා හා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය වැනි අමතර රාජකාරිවලින් සියලු සේ‍වකයින් ඉවත් වී ඇතැයි ලංකා ඊ නිවුස් වෙත වාර්තා වේ‍. ඒ අනුව දැනට දිවයින පුරා ක්‍රියාත්මක අ.පො.ස. උසස් පෙළ විභාග උත්තර පත්‍ර ලකුණු කිරීමේ‍ වැඩසටහන මෙන්ම සති අන්තයේ‍ පැවැත්වීමට නියමිත සියලුම බඳවා ගැනීමේ‍ විභාග පැවැත්වීම අඩාල වනු ඇතැයි විභාග දෙපාර්තමේ‍න්තු ආරංචි මාර්ග පවසයි.

විභාග කොමා ඇටිකෙහෙල් කෑ රිළවෙකු මෙන්..

ඉදිරිපත් කර ඇති චෝ‍දනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු වෙනුවට කල්මැරීමේ‍ ප්‍රතිපත්තියක් අධ්‍යාපන අමාත්‍යාංශය පාර්ශවයෙන් අනුගමනය කරන බවට චෝ‍දනා නගන විභාග දෙපාර්තමේ‍න්තු නිලධාරීන් අදාළ ගණකාධිකාරී හෙරියන් දෙදෙනා ස්ථාන මාරු කර හරින තෙක් සටන අත් නොහරින බව ප්‍රකාශ කර ඇත. ඇති වී තිබෙන තත්වය පාලනය කරගත නොහැකිව විභාග කොමා ඇටිකෙහෙල් කෑ රිළවෙකු මෙන් අන්දමන්දව සිටින බව වාර්තා වේ‍.

වැඩ බැරි විභාග කොමා ද ගෙදර යැවිය යුතුයි..

දෙපාර්තමේ‍න්තු සේ‍වක සුබසාධක සංගමයේ‍ සිදු වී ඇති රුපියල් මිලියන ගණනක වංචාව සම්බන්ධයෙන් ද මේ‍ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති විභාග කොමාගේ‍ න්‍යාය වන්නේ‍ ප්‍රශ්න මග හරිමින් කල්මැරීම බවත් පසුව ඉබේ‍ විසඳෙන ප්‍රශ්න වෙතොත් ඒවා තමා විසඳුවා සේ‍ රඟපෑමට කටයුතු කරන ඔහු දක්ෂ විකට නළුවකු බවත් නම හෙළි නොකළ උසස් නිලධාරියෙක් ලංකා ඊ නිවුස් වෙත පැවසීය. 

එවැනි තත්වයක් තුළ කමනී හෙට්ටිආච්චි හා භද්‍රා කේ‍න්තී සමඟ වැඩ බැරි විභාග කොමා ද ගෙදර යැවිය යුතු යැයි මතයක් විභාග දෙපාර්තමේ‍න්තුව තුළ ගොඩනැගී ඇතැයි ද එම නිලධාරීයා පැවසීය. 

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි.

No comments:

Post a Comment