බොක්ස්ඔෆිස් වාර්තා තබන බාම් බන්දුගේ හා ටිරාන්ගේ අලුත්ම තිරපිටපත: ශිරාන් බාසික් මෙගා නාටකයේ පළමු බිල්ල රගර් ක්‍රීඩක පුතා..!
-විශේෂ වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.19, ප.ව.7.20) ආන්දෝලනාත්මක සෝල් බීච් හෝටලය කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බරපතල චෝදනා එල්ල වෙමින් පවතී. එවැනි පසුබිමක එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ බවට පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටින පොලිසිය හෝටලය කඩා දැමීමේ චෝදනාවෙන් බේරීමේ ශිරාන් බාසික් නාටකය දියත් කිරීමේ සූදානමක සිටී.
මේ අනුව ශිරාන් බාසික් නැමැත්තාගේ ඥාතීන්, හිතවතුන් මෙන්ම ඔහුට සම්බන්ධයෙන් නැති අයෙකු වුවත් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය හඳුන්වා දී පසුව ශිරාන් බාසික්ගේ "පෙම්වතිය", "දුරින් බාප්පා කෙනෙකු", "ප්‍රධාන ගෝලයා" වැනි ලේබල් අලවා මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමේ අලුත්ම තිරපිටපත මේ වනවිට විකාශය කිරීම ආරම්භ කර තිබේ. පසුගිය කාලය තුළ හරක් කටා පොලිස් අත්අඩංගුවෙන් පැන යාමට කළ කුමන්ත්‍රණය ඇතුළත් මෙගා නාටකයක් දිනපතා ප්‍රධාන ප්‍රවෘත්තිය වූ අතර එකම පුවතක් එතරම් කාලයක් ඇදගෙන යාම හේතුවෙන් අලුත් නාටකයක් අවශ්‍ය වී ඇත. ඒ අනුව, තමන් වෙත බරපතල චෝදනා එල්ල වන සෝල් බීච් හෝටලය කඩා දැමීම සම්බන්ධයෙන් තමන්ගේ නාමය ජනතාව ඉදිරියේ සෝදා ගැනීමට අලුත් පිටපත රචනා කර ඇති බව වාර්තා වේ.
ශිරාන් බාසික්ගේ පළමු කසාදයේ දරුවා බිල්ලට..
මේ අනුව, මෙතෙක් කල් ශිරාන් බාසික්ගේ බවට පොලිසිය විසින් චෝදනා කළ හෝටලයට සම්බන්ධ කිරීමට අදාළ තැනැත්තා මෙරට තුළ නොමැති වීම හේතුවෙන් ඔහුගේ පළමු කසාදයේ දරුවා ඊට සම්බන්ධ කිරීමේ අරමුණක් සහිත මෙම නාටකය නිර්මාණය කරනු ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඒ සඳහා ප්‍රථමයෙන්ම අදාළ දරුවා අත්අඩංගුවට ගැනීම අවශ්‍ය කර තිබෙන අතර මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හඳුන්වා දී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට හෝ මත්ද්‍රව්‍ය සමග පැන යාමට තැත් කිරීමේ දී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූවා ලෙස තමන්ගේ නාටකයේ ඉතුරු කොටස් නිර්මානය කිරීමටත් මේ අනුව කටයුතු කරනු ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.
මේ අනුව ශිරාන් බාසික්ගේ ප්‍රථම කසාදයේ පුත්‍රයෙකු බව කියන තවමත් අවුරුදු 22ක් වන කොළඹ ඉසිපතන විද්‍යාලයේ ප්‍රධාන රගර් ක්‍රීඩකයෙකු ද වූ නදීන් බාසික් පසුපස ගොස් ඔත්තු බලමින් සිට ඇති සිවිල් වෙස් ගත් පිරිස් පසුගිය 16 දා ඔහු සිය නිවෙස වෙත යමින් සිටිය දී මෝටර් සයිකල් දෙකකින් පැමිණ හරස් කර නවත්වන ලෙස සංඥා කර ඇති අතර සිවිල් ඇඳුමින් හා සිවිල් වාහනවලින් තමන් පසුපස ලුහුබඳින බව දැනගෙන ඇති නදීන් බාසික් වහාම එම මෝටර් රථය සිය නිවාස සංකීර්ණය වෙත ඇතුල් කොට නවතා එම ස්ථානයෙන් පිටත් වී ඇති බව වාර්තා වේ. එහිදී වාහනය ලුහුබැඳි පිරිස ද එම නිවාස සංකීර්ණයේ රථ ගාලට ගොස් ඇති නදීන් බාසික් එම ස්ථානයේ නොසිටීම හේතුවෙන් වැඩබලන බන්දුගේ පළමු සැලැස්ම ව්‍යර්ථ වී ඇති අතර දෙවන සැලැස්ම ක්‍රියාත්මක කරමින් නදීන් බාසික් පැමිණි වාහනයට කුඩු ග්‍රෑම් 12ක් අතින් දමා හඳුන්වා දී ඇත. පසුව එම ස්ථානයට නිල ඇඳුමින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද පැමිණ ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.
කෙසේ වෙතත් නදීන් බාසික් අල්ලා ගැනීමේ වැඩබලන බන්දුගේ මෙහෙයුම අසාර්ථක වීමෙන් වියරු වැටී ඇති පොලිසිය අදාල නිවාස සංකීර්ණයේ නදීන් බාසික්ට අයත් නිවසට ගොස් එහි සිටි පුද්ගලයෙකු ද කුඩු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6ක් හඳුන්වා දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තාජුඩීන්ට අත්කළ ඉරණම නදීන් බාසික්ට...
මේ වනවිට වාර්තා වන පරිදි බාසික් මෙගා නාටකයේ මීලඟ පියවර ලෙස වැඩබලන බන්දු විසින් කොළඹ කුලී ඝාතකයෝ ලෙස විරුදාවලිය ලත් CCDය යොදා ගනිමින් රගර් ක්‍රීඩක තාජුඩීන්ට අත්කළ ඉරණම රගර් ක්‍රීඩක නදීන් බාසික්ට ද කෙසේ හෝ අත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට උපදසේ දී ඇතැයි වාර්තා වේ. ඇමති ටිරාන් අලස්ට කොළඹ හිටපු පුරපති මොහොමඩ් මුසම්මිල් සමග පැවති ඉඩම් ආරවුලකට අදාලව හිටපු පුරපති පුත් ජමල්ඩීන් ඝාතනය කිරීමට ද ගාලු යැව්වේ CCD යයි. නමුත් එම උත්සාහය ද ව්‍යර්ථ වූයේ ඒ සඳහා ගිය CCD යට අනුයුක්ත නිලධාරියෙකු පොලිස් වෙඩි පහරින්ම මිය යාමත් සමගයි.
සෝල් බීච් හෝටලයේ හිමිකරුවන් විසින් වැඩබලන බන්දු සහ මහජන ආරක්‍ෂක ඇමති ටිරාන් අලස් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන අදාළ පිරිස එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන පසුබිමක මෙම ක්‍රියාවලිය සිදුවීම විශේෂිතය.
කෙසේ වෙතත්, පොලිසිය විසින් චෝදනා කරනු ලබන පුද්ගලයා ඊට සම්බන්ධ වුවත් නැතත් පියාගේ ක්‍රියාවන්ට දරුවන්ට හෝ ඥාතීන්ට එරෙහිව කටයුතු කිරීම කිසිදු සමාජයක් පිළිනොගන්නා අනීතික කටයුත්තකි. එවැනි තත්වයක් තුළ පොලිසිය සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හෝ සොයා ගැනීමට නොහැකි වනවිට මත්ද්‍රව්‍ය හඳුන්වාදීම් මගින් දරුවන් හෝ ඥාතීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරන්නේ නම් එවැනි රටක නීතියක් කුමකට ද යන්න ගැටලු සහගතයි. පසුගිය කාලය පුරා එවැනි අවස්ථා රැසක් වාර්තා වී තිබේ.
හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා..
ජනවාරී 01 වැනිදා උදෑසන හදිසියේම දෙහිවල පිහිටි සෝල් බීච් හෝටලය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් හෝටල් හිමිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා සහ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා නම් කර තිබුණේ නීතිවිරෝධී ලෙස කඩා බිඳ දැමීමට සම්බන්ධ බවට චෝදනා කරමිනි. ඒ අතර ශිරාන් බාසික් නැමැත්තෙක් විසින් හෝටලයට ඉදිකිරීමට මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් යොදවා ඇති බවට පොලිසිය විසින් නැවත නැවතත් මාධ්‍ය වෙත කරන ප්‍රකාශයන් හේතුවෙන් පොලිසියේ අපේක්ෂාව අනාවරණය වනු ඇත. ඒ අදාළ හෝටලය ශිරාන් බාසික් විසින් මුදල් යොදවා ඉදිකළ බවට ඔප්පු කළ හැකි තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා තිබීම හේතුවෙනි. කෙසේ වෙතත් අදාල සිදුවීමට පොලිසිය සම්බන්ධතාවයක් නොමැති බව ප්‍රකාශ කලද දෙසැම්බර් 31 දින කුප්‍රකට නාකොටික් රංගජීව විසින් රාජ්‍ය නිලධාරියෙකුගේ සීමා ද ඉක්මවා යමින් සිය ෆේස්බුක් ගිණුමේ "කුඩු/පාතාලයේ ඩුබායි ඉන්න එවුන් දැනගන්න ඕනැ මේක මම ඉපදුන මගේ මාතෲ භූමිය කියලා" යනුවෙන් ප්‍රකාශයක් ද සටහන් කොට ඊට නදීන් බාසික්ගේ ඡායාරූපයක් එක් කොට තිබෙනවා. ඉන් පැය කිහිපයකට පසු සෝල් බීච් හෝටලය කඩා දමා එය යුක්තිය මෙහෙයුම යටතේ බව අඟවමින් අදාල හෝටලය ශිරාන් බාසික්ගේ බවට පොලිසිය විසින් මාධ්‍ය හරහා චෝදනා කොට තිබුණි. මෙයිද අදාල නාටකය පොලිසියේ මෙහෙයවීමෙන් සිදුකරන ලද්දක් බව තහවුරු වෙයි. මෙයට ගැමිවහරේ පවසන්නේ හොරාට කලින් කෙහෙල් කැන වැට පැන ඇති බවයි.
සෝල් බීච් හෝටලය වටා ඇති නීතිමය සටන දිගින් දිගටම ක්‍රියාත්මක වන විට, පොලිසියේ විෂමාචාරය සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳ චෝදනා, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අවංකභාවය මත ගැටලු ඇති කරනු ඇත. වැඩබලන පොලිස්පතිවරයා සහ මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යවරයා දැනට පවතින මතභේදයට සම්බන්ධ වී ඇති හෙයින්, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේදී අපක්ෂපාතීව සහ නිසි ක්‍රියාවලියට අනුගත වීමේ අවශ්‍යතාවය දැඩිව මතු වී තිබේ.

No comments:
Post a Comment