Tuesday, 20 February 2024

ඊ නිව්ස් එකට පුළුවන්ද මාව ගෙදර යවන්න..! රනිල්-සුසිල් විසින් රකින "නයිටා" සභාපතිගේ හෙළුවෙන් තවත් එකක්..!

-සතී පනාවැන්න හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.20, ප.ව.10.10) රනිල් රාජපක්ෂ සහ සුසිල් ප්‍රේමජයන්ත විසින් පත් කරන ලද, ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ සභාපති රුචික අමරසේකරගේ වැඩ වලින් එකක් අපි පසු ගිය දා හෙළි කරමු. 'ඊ නිව්ස් එකට පුළුවන්ද මාව ගෙදර යවන්න, ඕකුන්ට නිව්ස් දෙන එවුන්ට ළඟදීම ගේමක් දෙනවා' යැයි වහසි බස් දොඩවමින් රනිල්-සුසිල් දෙපලගේ ආනිසංශයෙන් මේ සභාපතිකාරයා තවමත් පුටුවේ රැදී සිටී. සුසිල් තවමත් දෙල්කඳ පොලේ ගිහින් ක්ලීන් ටෝක් දෙන්නේ රෙදි ඇඳගෙනදැයි අප තුළ සැකයක් පවතී. මේ සුසිල්ලා සහ ලේකමාලා රකින රුචික අමරසේකරගේ පැටිකිරියෙන් තවත් එකක්. මෙවැනි තොරතුරු ගණනාවක් ලිඛිත සාක්ෂි සමග අප සමග ඇති අතර, සුසිල්ලාගේ ඇක්ශන් එක්ක එකින් එක ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. සුසිල්ලා මේවට කට වහන් ඉන්නවා කියන්නේම මේවායෙන් ජරාවෙන් කොටසක් සුසිල්ලාගේ සාක්කුවටත් යන බවට සාධකයක්.

නයිටා දෛනික දිනපොත

නයිටා ආයතනයේ පුහුණුවට එන සෑම දරුවෙකුටම සිය දෛනික වැඩ කටයුතු සටහන් කිරීමට දෛනික සටහන් පොතක්, ලොග් බුක් එකක් ආයතනයෙන් ලබා දෙනවා. සාමාන්‍යයෙන් මේ දිනපොත  සහ නයිටා සහ වෙනත් ආයතන වල මුද්‍රණ කටයුතු කරන්න නයිටා සතුව, කටුබැද්ද කාර්මික අභ්‍යාස අයතනය යටතේ ස්ථාපනය කරපු මුද්‍රණාලයක් තියෙනවා. ඒ ආයතනය සතුව සියළු මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කෝටි ගණනක් වටිනා උපකරණත්, 11 දෙනෙකුගෙන් යුක්ත කාර්යමණ්ඩලයකුත් අනුයුක්ත කරමින්, මාසිකව අපේ බදු මුදලෙන් වැටුප් සහ දීමනා ගෙවමින් පත් කරලත් තියෙනවා. එහෙම සම්පත් ප්‍රමාණයක් තියෙද්දී මේ රුචික අමරසේකර කියන සභාපතිකාරයා මේ දෛනික දිනපොත් 7500 ක් මුද්‍රණයට තමන්ගේ ගජ මිතුරෙක් වූ 'ඉසුරු ප්‍රින්ටර්ස්' නම් ආයතනයක් වෙත ලබා දෙනවා. තමන්ගේ හාරිස්පත්තුවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිකම පාවිච්චි කරමින් සහ ජනාධිපතිකාරයාගේ බලය ආරෝපනය කරගනිමින්, තාක්ෂණික කමිටුවේ නිළධාරින්ට සේවා මාරු ලබාදෙන බවට තර්ජනය කරමින් මේ කාර්ය කරව ගන්න ඔහු සමත් වෙලා තියෙනවා.

විගණනයට හසු වූ මෝඩ රුචික..

ආයතනය සතු මුද්‍රණාලයක් තියෙද්දි, වෙනත් තැනකින් වැඩේ කරපු එක ජාතික විගණන කොමිසමට ඇස ගැටුන නිසා, අදාල ලිපි ගොනු ලබාදෙන ලෙස ඔවුන් විසින් ලිඛිතව නයිටා ආයතනයෙන් 2023 දී ඉල්ලීමක් කර තිබුණත්, ඒ වන විට අදාල ලිපිගොනුව සභාපතිකාරයා විසින් ගෙනගොස් තිබෙන බව ආයතනය විසින් දැනුම් දුන් අතර පසුව ලිපිගොනුව, විගණන අංශයන්ට ලබා දී තිබුණා. එම ලිපි ගොනුව නිරීක්ෂනය කිරීමේදී, කටුබැද්ද ආයතනය සතු මුද්‍රණාලයෙන්, වැඩි මිල ගණනක් වැය වෙන බවට අදාල ලිපියක් ෆයිල් එකට ඇවිල්ලා තිබුණා. ඒකට අත්සන අරන් තිබුණේ අදාල මුද්‍රණ අංශ ප්‍රධානියා, සභාපති කාමරයට ගෙන්වා තර්ජනය කරමින්. සභාපතිකාරයාගේ ඇඟ තිබ්බට මොලේ නෑ කියන්න පහසුම සාක්ෂිය, අදාල කටුබැද්ද මුද්‍රණාලයේ මිළ ගණන සමග සකස් කළ ලියවිල්ල සකසා තිබුණ පරිගනකයෙන් හෙළි වුනා. අදාල ලිපිය සේව් කරලා තිබ්බේ ගජමිතුරාට වැඩේට අදාල ඕඩර් එක දීලත් කාලකට පස්සේ විගණනයෙන් ෆයිල් එක ඉල්ලූ විට කියලා හෙලි වුනා. ඒ කියන්නේ වැඩේ කරලා පස්සෙ ෆයිල් එක හදලා. (අදාල ලිපිය මෙහි ඉමේජයක දැක්වේ)

මට්ටක්කුලිය විකුණා ගන්නකම් ඉන්න දතකන රනිල්-සුසිල්-රුචික

වෘත්තීය පුහුණුව කියන්නේ අනාගත ලංකාවේ ඩොලර්-විදේශ විනිමය උල්පත බවට කිසිදු සැකයක් නෑ. දැනට මැද පෙරදිගට පටවන, නුපුහුණු කාන්තා ශ්‍රමය වෙනුවට පුහුණු ශ්‍රමය රට යවන්න ගන්න එක අනාගත ලංකාවේ විශාලම ආයෝජනයක්. මේ සඳහා නයිටා සතු, මට්ටක්කුලියේ අක්කර ගණනක වපසරියකින් යුතු වටිනා බිමක පිහිටි ජපන් ටෙක් එක එක් මහඟු සම්පතක්. රනිල්ගේ විකුණන ලිස්ට් එකේ උඩින් තියෙන එක ආයතනයක් තමයි නයිටා එක. ඒකටම හරියන්න මේ ගැන බලන්න තවත් එක්තරා ජාවාරම්කාර මුදාලාලි කෙනෙක් වන ධම්මික පෙරේරා රනිල් විසින් පත් කරලා තියෙනවා. උපතින්ම කපටි නරියෙක් වෙන ධම්මික, තව වසර ගණනකින්, ලංකාවේ අධ්‍යාපනය තමන්ගේ අතට ගන්නට මාන බලන්නේ කාලෙක සිට. ඒකට ඩී.පී. එඩියුකේශන් වගේ තවම සුදු රෙදි දවටපු අයිසින් එක්ක, එළියට ආවට, ගොඩ දෙනෙක්ට මේ මාස්ටර් ප්ලෑන් එක තේරුම් ගන්න තව ටික කාලයක් යාවි. එයාගේ ප්ලෑන් එක තමයි, තව වසර 5-10 ක් වෙන කොට ලංකාවේ එන්.වී.කිව්. සහතික දෙන එක තමන්ගේ ඩී.පී එක යටතට ගන්න එක. රුචිකලා වගේ මෝඩ කඳන් බලන්නේ, ජපන් ටෙක් එක විකුණගන්න යන කොට පොකට් එන ගාන මිසක්, හෙට රටට වෙන දේ නෙවෙයි. රුචිකලා වගේ ගොන් ගස් වලට නොතේරුනාට සුසිල් ප්‍රේමජයන්තට මේක නොතේරෙන්න බබෙක් නම් නෙවෙයි.

රනිල්ලා-සුසිල්ලා-රුචිකලාට අපිට කියන්න තියෙන්නේ, ඔෆිස් කාමරේට වෙලා බිරුවට, සද්ද දැම්මට, ඊ-නිව්ස් අපි කියන්නෙත් ගින්නෙන්වත් නවත්වන්න බැරි වූ මාධ්‍ය කලාවක් ගෙනියපු සහ ගෙනියන ආයතනයක් මිස, තවත් එක නිව්ස් වෙබ් එකක් පමණක් නෙවෙයි කියලා. සුසිල් ප්‍රේමජන්ත, අපි ඔබගේ කොන්දේ ශක්තිය බලමු.

-සතී පනාවැන්න


ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/69

No comments:

Post a Comment