ආදායම් බදු එකතු කරන නිලධාරීන් බදු වෙනුවට කප්පම් ලබා ගැනීමේ ජාවාරමක....!
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.14, ප.ව.11.00) දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් බදු එකතු කිරීමේ නිරත කණ්ඩායමක් බදු ගෙවන්නන්ගෙන් බදු අය නොකර ඔවුන්ගෙන් කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී ඇත.
මත්පැන් අලෙවි හල්, කැසිනෝ ශාලා, සමාජ ශාලා ඇතුලු තවත් විවිධ ස්ථාන වලින් මෙම කණ්ඩායම කප්පම් ලබා ගෙන ඇති බව එම පැමිණිලි වල සඳහන්ව තිබේ.
මේ කප්පම් ලබා ගැනීම නිසා රාජ්‍ය ආදායමද බරපතල ලෙස අඩු වී ඇත.
අලුතින් වැඩි කළ වැට් බදු එකතු කිරීමේ වැඩපිලිවෙල යටතේ ජනවාරි මාසයේ රුපියල් බිලියන 55 ක මුදලක් මුදල් අමාත්‍යංශය අපේක්ෂා කළ ද ලැබී ඇත්තේ රුපියල් බිලියන 45 ක් බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
ආදායම් බදු එකතු කරන නිලධාරින් සිය රාජකාරිය පසෙකලා කප්පම් ලබා ගැනීම නිසා රාජ්‍ය ආදායමද අඩු වි ඇති බව මෙමගින් තහවුරු වෙයි. මුදල් අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන වල නිලධාරින් ලබා දෙන තොරතුරු විශ්වාස නොකරන ලෙස ඇමති මනුෂ නානායක්කාර හා මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ද පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටියහ.
රුපියල් කෝටියට වඩා වැඩියෙන් බදු ගෙවිය යුතු නමුත් බදු නොගෙවූ 1272 ක් ඉන්නා බවත් ඔවුන්ගෙන් බදු අය කරගෙන නැති බවත් පසුගියදා පා.ම. චම්පික රණවක අනාවරණය කෙළේ ය.

No comments:
Post a Comment