Saturday, 16 March 2024

ලක්ෂ 450ක නිවාස වන්දියක්..! බෝනස් එකට ඉඩමක්..! මහජන මුදලින් ස්වීප් එකක් ඇදුනු නගරාධිපතියෙක්..!

-විශේෂ වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.16, ප.ව.10.15) අරගල කාලයේ සිය නිවාස හා දේපොල විනාශයට ලක්වූ දඹුල්ලේ හිටපු පොහොට්ටු නගරාධිපති ජාලිය ඕපාත ගැන දඹුල්ලේ ජනතාව දන්නවා වුන ද බහුතරයක් නොදන්නවා විය හැකිය.

ගිනි තැබූ ඔහුගේ නොවටිනා නිවස වෙනුවෙන් මහජන මුදලින් ලක්ෂ 450 ක් ඔහුට ලැබුනු බවද බහුතරයක් නොදන්නවා ඇත. කෙසේ වෙතත් අරගලයට මුවා වී ස්වීප් එකක් ඇද ගන්නට ඕපාත සමත්වී හමාරය.

ගිනිගත් නොවටිනා නිවස වෙනුවට ලැබුනු ඉහළ අගයක් ගන්නා වන්දි මුදල් වලින් තිබූනාට වඩා සුපිරි නිවසක් සහ තම දරුවන්ට මහනුවර සුපිරි පාසල් මෙන්ම යාන වාහන යහමින් ලබා ගන්නට අරගලයට පින්සිදු වන්නට ඔහුට හැකියාව ලැබී ඇත.

මේ අතර වාර්තා වන අලුත්ම කතාව නාගරික සංවර්ධන අධිකාරියට අයත්, ඉඩම් අහිමි අහින්සක ජනතාව වෙත ලැබිය යුතු දඹුල්ල පොල්වත්ත ප්‍රදේශයේ වානිජ ඉඩමක් ද කැබිනට්ටුවේ අනුමැතියෙන් ජාලිය ඕපාතට ලබා දෙන්නට පොහොට්ටුවේ ප්‍රබල දේශපාලකයෙක් කටයුතු කොට ඇත.

තමා වටේ සිටිනා දුකට සැපට ඉන්නා තවමත් අතේ වියදමින් පැට්‍රල් ටික ගහගෙන ඔහුට කඩේ යන උන්ට පවා ජාලිය ඕපාත මේ බව සඟවමින් මුලා කර ඇත. 

ඔහුගේ සහෝදරයා බාල වයස් දරුවෙකුව දූෂනය කර තවමත් නීතියට කොකා පෙන්නමින් සිටින්නේ ද මේ  හිටපු නගරාධිපතිගේ පිහිටෙන් බව දඹුල්ලේ ජනතාව හොඳටම දන්නා කාරනයකි

මහජන මුදලින් කෝටි ගණන් නිවාස වන්දි, කෝටි ගණන් වටිනා ඉඩම්, යාන වාහන සියල්ලම මොවුන් ලබා ගන්නේ එදා වේල කන්න නැතුව බදු ගෙවනා අහිංසක ජනතාවගෙන් නේද කියා සිතනා විට ඕපාතලා ඇතුලු දේශපාලුවන් සංහතිය ගැනම ඇතිවන්නේ පිලිකුලකි.

මෙම ලක්ෂ 450 සමග ඉඩමක් දී තිබෙන්නේ ඕපාතට පමණක් ද නැත්නම් පොහොට්ටුවේ සියළු දෙනාට ම ද?

ලැබෙන පළමු මොහොතේම  ඕපාතලා වැනි ජන හතුරන් දේශපාලනයෙන් අතුගා දමන්නට ජනතාව පෙළ ගැසිය යුතුමය.

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි

1 comment: