අල්ලස් කොමිසමටත් අල්ලස් දුන් ජනක රත්නායකගේ පැටිකිරිය පුද්ගලික සහායිකාවම එළියට දාලා..! ලිංගික දර්ශන පෙන්වා ඇයවත් බ්ලැක්මේල් කරන්න හදලා..! (Video)
-විශේෂ ලියුම්කරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.19, ප.ව.10.30) මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක විසින් මහජන දේපල අවභාවිත කරමින් සිදුකරන ලද අපරාධ රැසක් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් එම අපරාධ යටපත් කිරීම ඇතුළු අපරාධ රැසක් පිළිබඳ ජනක රත්නායකගේ පුද්ගලික සහකාරවරිය විසින් අනාවරණය කර තිබේ.
ජනක රත්නායකගේ පුද්ගලික සහකාරවරිය ලෙස වසර 15ක් පමණ ගයත්‍රී බිම්බා නමැති මෙම කාන්තාව කටයුතු කර ඇති අතර එහිදී ජනක රත්තනායක නමැත්තා ඇය සමඟ අනියම් ඇසුරක්ද පවත්වා ඇති බවද කියවේ. එහිදී ඇය සමඟ වූ ලිංගික හැසිරීම් පටිගත කර පසුව එම දර්ශන අදාළ කාන්තාව වෙත එවමින් විවිධ බලපෑම් සහ ජීවිත තර්ජන පවා එල්ල කර ඇති බවට ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ කාන්තා හා ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කර තිබේ. මෙම තැනැත්තිය ජනක රත්නායක සමඟ පැවති සේවා ගිවිසුම අවසන් කළද ඔහු විසින් දිගින් දිගටම ඇයට විවිධාකාරයෙන් බලපෑම් සිදුකර ඇති බවද පැවසේ.
ජනක රත්නායක විසින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ලෙස රාජ්‍ය මුදල් අවභාවිත කරමින් කුලී පදනම මත ලබාගත් බෙන්ස් කාර් රථය සම්බන්ධ පර්යේෂණ වලදී අදාළ පර්යේෂණ නොමඟ යැවීම සඳහා ද මෙම කාන්තාවට තර්ජනය කර ඇය ලවා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ව්‍යාජ සාක්ෂි ලබා දීමට ද ජනක රත්නායක කටයුතු කර ඇති බවත්, එහිදී ව්‍යාජ සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් ඇයට ඇති වූ බිය තුරන් කිරීම සඳහා සාක්ෂි දීමට පෙර දිනයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ඔහුගේ කාර්යාලයට ගෙන්වා තමන්ට උපදෙස් ලබා දුන් බවත් ඇය සඳහන් කර තිබෙන්නේ Mee Massoo TV Youtube නාලිකාවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න සමඟ විශේෂ සංවාදයකට එක්වෙමිනි.
මේ අතර මෙම සංවාද වැඩසටහන විකාශනය වීමෙන් පසු ජනක රත්නායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කරමින් අදාළ වීඩියෝව හරහා තම කීර්ති නාමයට අගතියක් වන බැවින් එය ඉවත් කර දෙන ලෙසද ඉල්ලා තිබේ.
අල්ලස් හෝ දූෂණ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති ආයතනය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා සිය බලය සහ ධනය යොදාගනිමින් පාලනය කිරීමට කටයුතු කළ බවට ඔහුගේම පුද්ගලික සහයිකාව විසින් ම නිසි ක්‍රමවේදයන් ඔස්සේම පැමිණිලි ඉදිරිපත් කර ඇති මෙහොතක මෙම පුද්ගලයා ජනතාවගේ තොරතුරු අයිතියට පවා අභියෝග කරමින් කටයුතු කිරීම සැබවින්ම විහිළුවකි.
ඔහුම පවසන පරිදිි ඔහු එළඹෙන ජනාධිපතිවරණයට තරඟ කිරීමට ද සූදානමින් සිටින අතර ඒ සඳහා සිවිල් සංවිධාන කිහිපයක් ද ඔහු විසින් පුද්ගලික ධනය වැය කරමින් මිලට ගෙන තිබේ.
රටේ නීතියෙන් රිංගා ගෑනුන්ගේ නිරුවත පෙන්වමින් ඔවුන්ව බියගන්වන ජනක රත්නායක පන්නයේ පිංපියන් පවා මෙරට ජනාධිපති ධූරය ලබාගැනීමට තරඟ කිරීමට ඉදිරිපත් වීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් විහිලු සපයන්නන්ගේ බිහිසුණු රාජ්‍යයක් වී ඇති බව නොවේද?
-විශේෂ ලියුම්කරුවෙකු විසිනි
ගයත්‍රී බිම්බාගේ හෙළිදරව්ව සහිත වීඩියෝව පහතින්
No comments:
Post a Comment