ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ අලුත්ම කුපාඩි වැඩක්..!
-විදේශ අමාත්‍යංශයේ LeN අභ්‍යන්තර වාර්තාකරුවෙකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.07, ප.ව.11.30) ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය හා විදේශ රටවල ඇති ශ්‍රී ලාංකික තානාපති කාර්යාල රටට වැඩක් නොකරන හොර ගුහාවන් බවට දෙස් විදෙස් සියලු ලාංකිකයෝ පිළිගනිති. තානාපති කාර්යාල දේශපාලන හෙංචයියන්ගේ අනාථාගාර ලෙස රාජ්‍ය මුදල් කෝටි ගණනින් විනාශ කරමින් සිටී. විදේශගත ලාංකිකයන්ට තානාපති කාර්යාල වලින් සේවාවක් ඉටුකර ගැනීමට එහි සේවය කරන හාමුලාට හා උත්තමාවියන්ට වැඳ වැටීමට සිදුවී ඇත. එය එසේ සිදුවෙද්දී කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය තවත් කුපාඩිවැඩක් කරමින් සිටී. එනම් තානාපති කාර්යාලවලට රාජ්‍ය කළමණාකරන සහකාර සේවයේ තරඟ විභාගයෙන් සමත්ව යැවීමට නියමිත පිරිස යැවීම ප්‍රමාදකරමින් දැනට සිටින පිරිසේ කාලය දීර්ඝ කරමින් තව දුරටත් කල්මරමින් සිටීමයි.
ලොක්කන්ගේ සුරතලුන් හොරපාරේ..
මීට අදාළ තරඟ විභාගය පවත්වන ලද්දේ 2022 දී ය. ප්‍රතිඵළ 2023 මැයි මාසයේ නිකුත් කරන ලදී. සම්මුඛ පරීක්ෂණ හිතාමතාම කල්දමන ලදී. ඒ අතර මෑතකදී විදේශ අමාත්‍යංශයේ ලොක්කන්ගේ සුරතලුන් හොරපාරේ තානාපති කාර්යාලවලට පටවන ලදී.
"අපිට නැත්නම් තොපිටත් නැත න්‍යාය"
ඒ අතර දැනට වසර 3 නිළ කාලය අවසන් වී සිටින පිරිස තබා ගැනීමට අවශ්‍ය බව වැඩ බැරි තානාපතිලාගෙන් ලිපි කීපයක්ද අමාත්‍යංශයට ලැබුනි. අමාත්‍යංශයේ මානව සම්පත් කළමණාකරන ඒකකය මෙහෙයවන්නේ ලිපිකරු සේවාවේම (රාජ්‍ය කළමණාකරන සේවාවේ) පිරිසකි. අධ්‍යක්ෂ ජනරාල්. (අ)ප්‍රසන්න හා ජනාධිපතිගේ නෑදෑකමට ලේකම් තනතුර ලැබු අරුණි විජේවර්ධන ලිපිකරුවන් දෙන ඕනෑම ලිපිගොනුවක් අත්සන් කරයි. මේ බව දන්නා අමාත්‍යංශයේ ලිපිකරුවන් තමන්ට අවශ්‍ය පරිදි තීරණ ගනියි. ශ්‍රීලංකා විභාග දෙපාර්තමේන්තුව 2022 පවත්වන ලද ලිඛිත තරඟ විභාගය විදේශ අමත්‍යශයේ ලිපිකාර සේවාවේ රොත්ත බුරුත්තම ලිව්වද ඒ සියලු දෙන අසමත් විය. මේ නිසා "අපිට නැත්නම් තොපිටත් නැත න්‍යාය" කුහක ලිපිකරුවන් විසින් යොදාගමින් සිටිති.මෙම තත්ත්වය පාලනය කරන්නට ලිපිකරුවන්ගේ ප්‍රාණ ඇපයේ සිටින මානව සම්පත් ලොක්කාට හා අමාත්‍යාංශයේ ලේකම්ට නොහැකි වී ඇති බවක් දිගටම පෙන්නුම් කරයි.
ඒ අනුව 2024 ජනවාරියේ ලබාදීමට තිබූ පත්වීම 2024 අගෝස්තු දක්වා ප්‍රමාද කර ඇත.ඒ අනුව සිටින අයගේ සේවා කාලය අමාත්‍යංශ ලේකම්ගේ චක්‍ර ලෙඛ 2023/378 මගින් අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළ අතර එය නැවත 2024/65 මගින් අගෝස්තු 31 දක්වා දීර්ඝ කර ඇත.
වංචනික සැලසුම...
මෙම පත්වීම් සෑම වසර 3 වතාවක් සිදුවන ක්‍රියාවලියකි. ඒ සඳහා ඕනෑ තරම් වෙලාව තිබුනි. එහෙත් විදේශ අමාත්‍යාශයේ සිටින වැඩ බැරි විදේශ සේවා නිළධරින්ට තවමත් එය කළ නොහැකි වී අත්තේ සුපුරුදු නොහැකියාව, අකාර්‍යක්ශමතවය සහ හිතාමතාම කාලය සම්පූර්ණ කළ පිරිස තවදුරත් තබා ගැනීමේ වංචනික සැලසුම නිසාය. අභ්‍යන්තර තොරතුරුවලට අනුව බොහෝ පිරිසක් නැවත ලංකාවට නොපැමින එම රටවලම නතර වීමට සැලසුම් කර ඇත. විදේශ අමැත්‍යංශය වැඩ බැරි දාසලා මේ කරන්නේ ඔවුන්ට අනුග්‍රාහකත්වය සැපයීමකි.
"පොටෝ ගැසීමත් කයිය ගැසීමත්"
පසුගිය කාලයේ අමාත්‍යංශය තුළින්ම වැඩ බැරි මාන්දම් තානාපති අම්මන්ඩිලාගේ ඕනැකමට හොරපාරෙන් යහලු යෙහෙලියන් යවද්දී මෙසේ වූයේ නැත. විදේශ අමාත්‍යංශයේ සේවකයන්ට අනුව හොර පාරෙන් යැවූ පිරිසෙන් වැඩි දෙනෙකුට කිරීමට කිසිදු වැඩක් හෝ පවරා නැත.ඒ අනුව ඔවුන්ට ගෙවන වැටුප් හා දීමනා විදේශ ලේකම් හෝ වැඩ බැරි තානාපතිලා ගෙවන්නේ නැත. එය ගෙවිය යුත්තේ අන්ත දුක් විඳිමින් ඩොලර් උපයන ලාංකිකයන්ය. තානාපතිලාට රටට හෝ ජනතාවට සේවය කිරීම නොව "පොටෝ ගැසීමත් කයිය ගැසීමත්" දක්වා සීමා වී ඇත. වැඩි දෙනාගේ හොර වියදම් සඳහා සහය වන්නේ දැනට සිටින කළමණාකරන සහකාර සේවයේ පිරිසයි. මේ නිසා සැප සඳහා සිටින අය තබා ගැනීමට විදේශ අමාත්‍යංශයේ පිරිස සමග හොරගේම් ගැසීමට වැඩ බැරි තානාපතිලා කටයුතු කරමින් සිටිති.
කයිවාරුකාරයන්ගේ නොහැකියාව..
කෙසේ වුවත් විදේශ අමාත්‍යාංශයේ වැඩ බැරි නිළධාරින්ට තම යහලු යෙහෙලියන් හොර පාරෙන් නීති විරෝධී ලෙස තෝරාගෙන යැවීමට ගතවූයේ දින 21 කි.
තානාපති කාර්යාල වලට සුදුසුකම මත යවන එකම පිරිසවත් වෙලාවට යවා ගැනීමට නොහැකි වීමෙන් නැවත නැවත පෙන්වන්නේ ශ්‍රි ලංකාවේ විදේශ සේවයේ වැඩ බැරි කයිවාරුකාරයන්ගේ නොහැකියාවයි.
No comments:
Post a Comment