Friday, 26 July 2024

උතුර නැගෙනහිරින් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බව සුමන්තිරන් කියයි 

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.26, ප.ව. 6.30) උතුරු නැගෙනහිර ප්‍රධාන දෙමළ පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ ජාතික සන්ධානයෙන් ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවත්, දකුණේ ප්‍රධාන අපෙක්ෂකයන් සමග සාකච්ඡා කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අද ප්‍රකාශ කර තිබේ. 

සුමන්තිරන් පසුගියදා උතුරේ දී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී වූ ජනහමු කිහිපයකටම සහභාගී වී සිටිනු දක්නට ලැබිණ. 

මෙවර ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දය තීරණාත්මක වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. 

මේ අතර අද දවස අහවර වන විට ජනාධිපතිවරණය සඳහා සිව් දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබිණ. ඔවුන් නම් රනිල් වික්‍රමසිංහ (ස්වාධීන), සරත් කීර්තිරත්න (ස්වාධීන), ඕෂල හේරත් (අභිනව ජාතික පෙරමුණ) සහ ඒ.එස්.පී. ලියනගේ (ශ්‍රී ලංකා කම්කරු පක්ෂය) යන අය වෙති.  

No comments:

Post a Comment