ජුන්ඩාලේප බන්දුගේ පොලොස්පතිකම හබක්..! අධිකරණයෙන් තීන්දුවක්..!
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.24, ප.ව. 1.30) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙවත් ජුන්ඩාලේප බන්දු පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාග කර අවසන් වන තෙක් ඔහු පොලිස්පති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක මූලික විමසීම් දින හයක් පුරා පැවැත්වීමෙන් පසු අද(24) උදෑසන 9.30ට එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ තනතුරට සුදුස්සකු පත් කිරීමට ජනාධිපතිට හැකියාවක් ඇති බවයි.
යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුවිය.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් , ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති ජෙෆ් අලගරත්නම්, ජනාධිපති නීතිඥ විරාන් කොරයා, නීතිඥ සුරේන් ප්‍රනාන්දු, නීතිඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතිඥ ලක්ෂාන් ඩයස් ඇතුළු පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා, ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් හතර දෙනකු වෙනුවෙන් නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය සහ නීතිඥ බිනුර ගුණරත්න, ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් හා නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ කරුණු දැක්වූහ.
ගාලු මුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් වන අපරාධ නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන්නැයි නීතිපති දැනුම් දුන් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස තවදුරටත් තබා ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම ඉල්ලීම පුදුම සහගත බව කරුණු දැක්වීම් අතරතුර දී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දුන්නේය. එසේම ඔහුගේ පත්වීම ව්‍යවස්ථාවට අනුව සිදුවී නැති බවත්, කතානායකවරයා ජනාධිපතිට අදාල තීන්දුව දැනුම් දී ඇත්තේ අනියමාර්තයේ අසම්භාව්‍ය ක්‍රියාවෙන් බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ පෙන්වා දුන්නේය. නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති පසුබිමක ඔහු පොලිස්පති ලෙස පත් කිරීම මගින් ජනාධිපතිවරයා මහජන විශ්වාසය කඩ කර ඇති බවයි.
මෙම නියෝගයෙන් පසු ජුන්ඩාලේප බන්දු පොලිස්පති ධූරයේ රැඳෙමින් කළ ක්‍රියා සියල්ල නීති විරෝධී වන අතර ඔහු කළ වියදම් ද නීති විරෝධී වනු ඇත. මන්ද යත් ඔහුගේ පත්වීම නීත්‍යාණුකූල නොවන බව අධිකරණය තීන්දු කර ඇති බැවිනි. ඒ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කරන බව පෙත්සම් කරුවෝ පවසති.
මූලික නඩු විභාගය යන අතරතුරදී ජුන්ඩාලේප බන්දුගේ බාරකරු ලෙස ක්‍රියා කරන කොටි අලස්ගේ හඩු මාධ්‍ය ජුන්ඩාලේප බන්දුගේ නීතිඥයාගේ කරුණු දැක්වීම් පමණක් උලුප්පා දක්වමින් කැම්පේන් එකක් ද ගෙන ගිය නමුත් අධිකරණය ඒවා ගණන් ගත්තේ නැත.
පොලිස්පතිවරයෙකුගේ පත්වීම අධිකරණය විසින් වාරණය කිරීම ලංකා ඉතිහාසයේ පළමුවරට සිදුවූවකි.

No comments:
Post a Comment