ජනාධිපතිවරණයට දින නියම කළ ගැසට්ටුව නිකුත් වේ..! රනිල් මුලින්ම ඇප තැන්පත් කරයි..!
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.26, ප.ව. 1.30) ජනතාව පුල පුලා බලා සිටි ජනාධිපතිවරණයට දින නියම කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනය අද නිකුත් කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමටත් නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා සිදු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වේ
ගැසය් නිවේදනය නිකුත් වනවාත් සමග රනිල් රාජපක්ෂ ජනාධිපතිකාරයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කළේ ය. පළමු ඇප තැන්පත් කළ අපේක්ෂකයා ද රනිල් වේ. ඒ අනුව පොහොට්ටුව වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා ද නැතහොත් රනිල් රාජපක්ෂට සහාය දක්වනවා ද යන අතීරණය තවත් තීව්‍ර කරනු ඇත.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ පසුගියදා මාධයයට ප්‍රකාශ කර තිබුනේ තම පක්ෂය රනිල් වික්‍රමසිංහට සම්පූර්ණ සහාය දුන්නත් ඔහු කෙළේ තම පක්ෂය දෙකට කැඩීම බවයි. පක්ෂ කැඩීම ඔහුගේ පුරුද්දක් බවද නාමල් කියා තිබිණ.
අද උදෑසන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සරත් කීර්තිරත්න ද ස්වාධීණ අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර තිබේ. ඔහු පසුගිය ජනාධිපතිවරණයේ දී ද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කළේ ය.
මැතිවරණ පවත්වන දින සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය පහත ඉමේජයේ දැක්වේ


No comments:
Post a Comment