Thursday, 18 July 2024

අලි-පොහොට්ටු-ටෙලිෆෝන් සල්ෆියුරික් බයියෝ..!

-සතී පනාවැන්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.18, ප.ව. 11.45) පසුගිය දින කිහිපයේ රනිල්-රාජපක්ෂ මඩ බලකායට අනුරට ගහන්න මඩක් සොයා ගැනීමේ අපහසුව, අවසානයේ පිට වුනේ, අනුර විසින් නොකිව්ව දෙයක්, ඔහු කිවුවා යැයි සිතින් මවා ගෙන ගහපු මඩක් එක්ක. මේ මඩ බලකායට රනිල්ගේ සමාජ මාධ්‍යට අලුතෙන් අන්තරේ හරහා බඳවා ගත් විශාල පිරිස වගේම සමාජ මාධ්‍ය වල හැමදාම අනුරට මඩ ගහන සොනාල, ප්‍රියන්ත, ජයවික්‍රම සහ සත්‍ය ගවේශකයෝ (?) වැනි කණ්ඩායම් වල සෙට් එක අයත්.

අනුර මොකක්ද කිවුවේ?

මිනුවන්ගොඩ තිබුණ ජාතික ජන බලවේගයේ තරුණ සමුළුවේදී අනුර මෙහෙම දෙයක් කිව්වා. "පරන්තන් වල රසායනික ද්‍රව්‍ය කම්හලක් තිබුණා. අපි ආරම්භයක් ලෙස එහි සල්ෆියුරික් අම්ලය හදන්න පටන් ගන්නවා. මොකද සල්ෆියුරික් අම්ලය අවශ්‍ය වෙනවා බොහෝ කර්මාන්ත වල අමුද්‍රව්‍යක් ලෙස". මේක තමයි අනුරගේ කතාව. දැන් මේකේ එක එක කොටස අපි අරන් බැලුවම, මේ ගහපු මඩේ හීනෙන් දැකපු එකක් බව පැහැදිලි කර ගන්න පුළුවන්.

1. "පරන්තන් වල රසායනික ද්‍රව්‍ය කම්හලක් තිබුණා" - 1954 දී මේක ආරම්භ කරලා, පස්සෙ 1985 වෙන කොට යුද්ධය නිසා මෙහෙයුම් කටයුතු නවතා දැමුණා. නැවත 2007 පමන රජයට අයත් ආයතනයක් ලෙස කර්මාන්ත අමාත්‍යංශය යටතේ මේක ආරම්භ කළත්, දැනට ප්‍රධානව කරන්නේ රසායන ද්‍රව්‍ය ගෙන්වීම සහ සුළු වශයෙන් නිශ්පාදන කිහිපයක් පමනයි.

2. "සල්ෆියුරික් අම්ලය නිපදවන්න අපි පටන් ගන්න ඕන". මඩට ගන්නේ මෙන්න මෙතනින්. අනුර කියන්නේ අපි එම කර්මාන්ත ශාලාවේ සල්ෆියුරික් අම්ලය නිපදවන්න පටන් ගන්න ඕන කියලා මිසක්, මුහුදු ජලය අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නවා කියලා නෙවෙයි. දැන් මේ සල්ෆියුරික් බයියො සෙට් එක කියන්නේ අනුරගේ ඩිග්‍රිය වැඩක් නෑ. මුහුදු ජලයෙන් හදන්නේ හයිඩොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය නෙවෙයි කියලා. ඒත්, අනුර කියන්නේ නෑ, මුහුදු ජලයෙන් ඕක කරනවා කියලා මේ කතාවේ කොතැනකවත්. කියන්නේ පරන්තන් වල සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය පටන් ගන්නවා කියලා විතරයි.

ඇත්තටම පරන්තන් වල සල්ෆියුරික් හදන වැඩේ පටන් ගන්න බැරිද?


කර්මාන්තයක් මුහුද අයිනෙ තිබෙන ස්ථානයක පටන් ගන්නවා කියන්නේ මුහුදු ජලය යොදා ගන්නවා කියන එක නෙවෙයි. එහෙම හිතනවා නම් පුත්තලමේ සිමෙන්ති කම්හලේ, කොග්ගල ඇඟළුම් කම්හල් වල ප්‍රධාන අමුද්‍රව්‍ය මුහුදු ජලය වෙන්න ඕන. ඇත්තටම ඊයේ වෙනකම් මේ පරන්තන් කෙමිකල් එකේ වෙබ් සයිට් එක ක්‍රියාත්මක වුනා. මේ ලිපිය සමග පලවෙන්නේ ඒ වෙබ් එකෙන් ගත්ත ස්ක්‍රීන් ශොට් දෙකක්. එතන ඔවුන් පැහැදිලිව කියනවා, සල්ෆියුරික් අම්ලය ඇතුළු තවත් නිෂ්පාදන සඳහා මූලික ශඛ්‍යතාවයන් සඳහා ළඟදීම ටෙන්ඩර් කටයුතු කරන බව. නමුත් අද වෙද්දි පරනතන් කෙම්කල් වෙබ් සයිට් එක "අන්ඩර් කන්ස්ට්‍රක්ශන්" කියලා නවත්වලා. ඒ රනිල්-රාජපක්ෂ ටෙලිෆෝන් එකේ මඩ බලකායට සපෝට් එකට වෙන්නත් ඇති සමහර විට.


3.
"සල්ෆියුරික් අනෙක් කර්මාන්ත වලට ඕන වෙනවා අමුද්‍රව්‍යක් ලෙස" - ඔව් මේක ඇත්ත. බොහෝ කාර්මික නිෂ්පාදනයන් සඳහා සල්ෆියුරික් ඕන වෙනවා, නිෂ්පාදන අමුද්‍රව්‍යක් ලෙසට. උදාහරණයක් විදියට අපි එප්පාවල පොස්ෆේට් නිධියෙන් පොස්පේට් පොහොර හදන්න යනවා නම් එතනට සල්ෆියුරික් ඕන වෙනවා. ඒ වගේම රටක සල්ෆියුරික් අම්ලය නිපදවීමේ ධාරිතාවය ඒ රටේ කාර්මික සංවර්ධනය ගැන නිළ නොවන නිර්නායකයක් ලෙසත් ලෝකය විසින් සලකනවා.

මේ අනුව බැලුවම අනුරගේ කතාවේ මූලික හරයන් සියල්ල නිවැරදියි.

එහෙම නම් මොකක්ද මේ මඩ?

මේ මඩ ගහන සෙට් එක කියන්නේ, මුහුදු වතුරෙන් සල්ෆියුරික් හදනවා කියලා. ඒක අනුර කියන දෙයක් නෙවෙයි. මඩ සෙට් එක හීනයක් දකිනවා "අනුර පරන්තන් වල මුහුදෙන් බටයක් දාලා, මුහුදු වතුර පම්ප් කරලා, ඒ බටේ කෙලවරින් සල්ෆියුරික් ගන්නවා" වගේ දෙයක්. නමුත් සල්ෆියුරික් හදන්න නම් සල්ෆර් අඩංගු සයෝගයක් හෝ නිධියක් තියෙන්න ඕන. ඕක දහනය කරලා, තව පියවර කිහිපයකින් තමයි සල්ෆියුරික් හදන්නේ. ගොඩක් අය කියනවා පරන්තන් කිව්වම හිතෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් හදන එක මුහුදු ජලය උපයෝගී කරගෙන වගේ කථා. ඇයි එහෙම හිතන්නේ? සහ රමේශ් පතිරණ ඒක ගැන ස්ටඩි එකක් කරනවා කිවුවම ෆෝර්ම් නොවෙන අය අනුර එහෙම කිවුවම ෆෝර්ම් වෙන්නෙ ඇයි? ඒ මේ දවස් වල අනුරගෙන් එහෙම මඩකට කොටසක් අල්ලන්න බැරි වීමේ දුක නිසා මිසක් වෙන දෙයක් නෙවෙයි.

සල්ෆියුරික් හදන ෆීසියබිලිටි නැද්ද?

මේකත් මතු කරන තර්කයක්. ලංකාවේ සල්ෆර් නිධි (ඕරා) නෑ. ඒක නිසා ඒව ගෙනත්, මෙහේ සල්ෆියුරික් හදනවට වඩා, රටින් ගේන එක ලාභයි කියලා. රටින් ගේන එක ලාභ වෙන්න පුළුවන්, රටේ ඉල්ලුම අඩු නම්. නමුත් සල්ෆියුරික් අවශ්‍ය වෙන නිශ්පාදනයන් පටන් ගැනෙනවා නම්, (උදාහරණයක් විදියට පොස්ෆේට් පොහොර හදන එක වගේ ), සල්ෆියුරික් සඳහා වෙන ඉල්ලුම වැඩි වෙනවා. එතකොට මෙහේ හදන එක ලාභ වෙන්න පුළුවන්. ඒ වගේම සල්ෆියුරික් හදන්න සල්ෆර් නිධි (සල්ෆර් සහිත පස් කියලා සරලව ගමුකෝ) ගෙන්වන්නම ඕන නෑ. තෙල් පිරිපහදු වල අතුරුඵලයක් ලෙස එන සල්ෆර් සංයෝග ලෝකයේ බොහෝ රටවල් මේ සඳහා යොදා ගන්නවා. ඒවත් සිතන්න පුලුවන් උපක්‍රම.

සල්ෆියුරික් හදලම නැද්ද?

මීට පෙර කඩුවෙල රනාල ප්‍රදේශයේ සල්ෆියුරික් නිෂ්පාදනාගාරයක් තිබුණා. නමුත් අර්ධ නාගරික ප්‍රදේශයක් වෙන රණාල කර්මාන්ත ශාලාව වහන්න උනේ, පාරිසරික ගැටළු එක්ක මිසක්, ශඛ්‍යතාවයක් නැතුව නෙවෙයි. ඒක නිසා මේක මැජික් එකක් නෙවෙයි. අවශ්‍ය වෙන්නේ රජයක් විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන, කර්මාන්ත ඇති කිරීමේ මාස්ටර් ප්ලෑන් එකක කොටසක් විදියට සල්ෆියුරික් නිශ්පාදනය පටන් ගන්න එක.

කොහොම උනත් අර කතාවක් තියෙනවනේ "තමන්ගේ මට්ටම් තම්මට්ටම්" කියලා. ඒක නිසා ඔය බඳවා ගත්ත 1500 බලකායට වැඩක් තියෙන්න ඕන. ඒක නිසා අනුර කියන්න ඇත්තේ මෙහෙම වෙන්න ඇති කියලා මඩ ගහලා දවසේ පඩියට සාධාරනයක් කරලා ස්වයං වින්දනයක් ගත්තට ඉතින් කමක් නෑ. ඒත්, දැන් අනුර රටේ ජනතාවගේ හිතේ පොසිශන් වෙලා ඉන්න තැන ගත්තම ඔහොම සිම්පල් සයිමන් ටයිප් මඩ, වැඩ කරන්නේ නෑ කියන එක නම් ඉතාම පැහැදිලියි.

-සතී පනාවැන්න

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/69

2 comments:

  1. රනල්ගේ පිම්පියන් ට තියෙන ලොකුම භීතිකාව තමයි අනුර.ඛල්ලගේ අවසානය ඉව වැටුන මැක්කෝ,කිනිතුල්ලෝ වියරු වැටිලා

    ReplyDelete
  2. දැන් කවුරු මඩ ප්‍රහාර දියත් කලත් අනුර දිසානායක වට්ටන්න ආපස්සට හැරවීමට බැරිබව මතක තියාගන්න ගනිල්ලා අද රටේ ජනතාවගේ එකම බලාපොරොත්තුව ජාතික ජනබල වේගය පමණ මයි 👍

    ReplyDelete