විජේදාසට පයින් ගසා රනිලා කපටි ගැසට්ටුව ගහලා.!
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.19, ප.ව. 10.30) ජනාධිපතිවරණය පීලි පැන්නීම උදෙසා ජන වරමක් නැති රනිල් රාජපක්ෂ ජනාධිපතිකාරයා විසින් ගෙන ආ කැබිනට් අනුමැතිය ලැබුණු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන්නේ යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ඊයේ(18) ප්‍රකාශ කළ නමුත් අදාල විෂය බාර ඇමැතිවරයාට උඩින් ජනාධිපතිකාරයා දුන් නියෝගයක් අනුව ගැසට්ටුව පළ කර තිබේ.
මෙම පනත් කෙටුම්පත මගින් වර්තමාන 83(ආ) ව්‍යවස්ථා වගන්තිය සංශෝධනය කිරීමට අපේක්ෂා කරයි. 83 වැනි ව්‍යවස්ථා වගන්තිය සංශෝධනය කිරීමට උත්සාහ කරන ඕනෑම පනත් කෙටුම්පතකට තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයකින් අනුමැතිය අවශ්‍ය වන බව ද 83 ව්‍යවස්ථා වගන්තියෙහි සඳහන් වේ. මේ අනුව, යෝජිත පනත් කෙටුම්පතට තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය වන බව සැකයෙන් තොරව පැහැදිලිය.
යෝජිත පනත් කෙටුම්පත තුනෙන් දෙකේ බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් දින තිහක් ඇතුළත ජනමත විචාරණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට නියෝග කළ යුතුය. මේ අනුව නුදුරේදීම සිදුවන සමාන්තර ජාතික මැතිවරණ දෙකක් රට මත පතිත වනු ඇත. අවුල් ඇති කරනු ඇත.
වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවට තුනෙන් දෙකක් නැත. නමුත් පැන්ෂන් එක බලාගෙන සිටින මන්ත්‍රීවරුන්ට ජනාධිපතිකාරයා තරවටු කර ඇත්තේ තුනෙන් දෙක නොදුනහොත් පාර්ලිමේන්තුව විසිරුවා හරින බවයි. අනෙක් අතට මුදලට විකිණෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සුලබ ය.
මෙම දුෂ්ට සැලසුම පරාජය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ මේ වන විටත් බලය ලැබී ඇති මැතිවරණ කොමිසම ලවා වහාම ජනාධිපතිවරණයට දින වකවානු ප්‍රකාශයට පත් කරවා ගැනීමයි.
අදාල ගැසට්ටුව පහත ඉමේජ වල දැක්වේ



No comments:
Post a Comment