කොළඹ වරාය තුලින් සමූහ මිනී වළක් මතු වෙලා..! සිද්ධිය යටපත් කරලා..!
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.17, ප.ව. 4.00 - දෙවන සංස්කරණය ප.ව. 6.15) කොළඹ වරාය අභ්‍යන්තරයේ කැනීමක දී සමූහ මිනී වළක් හමු වී ඇතැයි වාර්තා වේ.වරාය නගරය කරා දිවෙන ගුවන් මාර්ගයක ඉදිකිරීමේ කණුවක් කොළඹ වරාය අභ්‍යන්තරයේ ඉදි වීමට නියමිත ය. එම කණුව සඳහා අවශ්‍ය කැනීම සිදුකරද්දී අඩි 6 ක් පමණ හාරන විට සමූහ මිනී වළක අස්ථි කොටස් හමු වී තිබේ. සම්පූර්ණ ඇට සැකිල්ලක් හමු වී ඇති අතර තවත් පාද වල අස්ථි හමුවී ඇත. මෙම ස්ථානය වරාය පොලිසියට ආසන්න අතර ස්ථානය අතීතයේ සිටම අධි ආරක්ෂක කලාපයකි.
සිද්ධිය පිළිබඳ වරාය පොලිසිය දැනුවත් කර ඇති අතර කැනීම් කළ වළ කැනපි යොදා වසා දමා ඇත. වාර්තාවන අන්දමට වරාය පොලිසියට උපදෙස් ලැබී ඇත්තේ වළ වසා දමා සිද්ධිය යටපත් කරන ලෙසයි.
සමූහ මිනී වළ හමු වී ඇත්තේ පසුගිය 13 වැනිදා සෙනසුරාදා ය.
ලංකාවේ සමූහ මිනී වළවල් රාශියක් තැනින් තැන හමු වී ඇති නමුත් ඒ කිසිවක අවසන් පරීක්ෂණයක් දක්වා සිදුකර වින්දිතයන්ට යුක්තියක් ඉෂ්ඨ වී නැත.
(සේයාරුව පුස්තකාල සේයාරුවකි)

No comments:
Post a Comment