රනිල්ට රාජත්‍රාන්තික කණේ පහරක් ගැසූ තානාපතිනිය කව්ද..?
-විශේෂ වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.04, ප.ව.11.00) රනිල් වික්‍රමසිංහ, බටහිර සම්බන්ධතා තම දෙවන ආගම ලෙස අදහන පුද්ගලයෙකි. මෑතකදී බටහිර රටක තානාපතිවරියක් හමුවීමට ගිය රනිල්, ඔහු ශ්‍රී ලංකාවේ “ආර්ථික පුරෝහිතයා”, සහ තමාගේම අද්විතීය මුල්‍ය දැනුම ගැන පාරම්බාන්නට විය. නමුත් ඔහුට තානාපතිනියගෙන් ලැබී ඇත්තේ ඩිප්ලොමැටික් කණේ පහරකි,
එම හමුවෙහි ආරංචි මාර්ග අනුව, රනිල් වර්ෂ 2 ක් පුරා කරන ලද තම ප්‍රතිඵල ගැන සාමකාමීව හා ඉතාම සරලව කථාව ආරම්භ කළේ ය. “මම මේ රට නගා සිටවූවා,” ඔහු පැවසූ බවයි වාර්තා වන්නේ, එවිට ඔහුගේ මුහුණ දීප්තිමත්ව බැබලී ඇති ආකාරය පෙනෙන්නට විය. “මම ජනපති පදවිය භාර ගන්න කොට, රට අස්ථාවර තත්වයේ තිබුණේ. නමුත් දැන් අපි නැගී සිටිනවා. මම ගත් ප්රශස්ත ආර්ථික පියවර නිසා සතුටක් තියෙනවා.”
තම ආර්ථික තීන්දු ගැන තමාම වර්ණනනා කරමින්,, තමන් රට බේරාගත් ආකාරය ගැන අටුවා ටිකා දමමින්, තම දක්ෂතාවය ගැන රනිල් උදම් අනන්නට විය.
“මේක ධනාත්මක දෙයක්,” ඔහු කීවේය.
එහෙත් , තානාපතිය ප්‍රශ්න කර සිටියේ, “ඇයි? ඹබ රට බංකොලොත් භාවයෙන් මිදුනා කියලා, ඡන්දය කටේ තිබිය දී නිවේදනයක් නිකුත් කරන්න තරම් ඉක්මන් වුනේ? ජන්දදායකයින්ව ගොනාට අන්දන්න සිතුවාද ?" කියා ය.
ඉන් වික්ෂිප්ත වූ රනිල් ගොත ගසමින් පිලිතුරු දුන්නේය. “ නෑ , අයි එම් එෆ්, එක එයට එකඟ වුනා, ඒත් එය ප්‍රමාද වුවා” කියා තවත් බින්නයක් ඇද බෑවේ ය.
“ඔබට මානව හිමිකම් කැඩූ බවට චෝදනා තියනවා නේද? එම චෝදනා නව රජය විසින් නැවතත් විමර්ශනයට යොමු කරලා, ඒ ගැන චෝදනා ගොනු කළොත්, අපිට ඹබට වීසා තහනමක් නිකුත් කරන්න වෙනවා” යි තානාපතිනිය ඇඟට පතට නොදැනී පැවසුවා ය.
ඇයගේ ප්‍රකාශයෙන් බලවත් භීතියට පත් රනිල්, දහඩිය දමමින්, වතුර උගුරක් බි, වහාම තනාපතිනියගෙන් සමුගෙන , නිවස බලා ගමන් ගත්තේ, තමන්ට බටලන්ද ගැන අමතක වූ නමුත්, අනුන්ට අමතක නොවීම ගැනත්, තානාපතිය තමාට ගැසු රාජත්රන්තික කණේ පහර ගැනත් සිතමිනි.
No comments:
Post a Comment