සැප්තැම්බර් 21 සහ මේ රටේ මී ළඟට වෙන්න ඉන්න අගමැතිවරු..!
-සතී පනාවැන්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.අගෝ.25, ප.ව. 9.30) ජනාධිපතිවරණ සටන උණුසුම් වෙමින් තියෙනවා. සටන අතරේ බොහෝ දෙනෙක් කතා කරනවා රටේ මී ළඟ අගමැතිවරයා වෙන්න පුළුවන් කවුද කියලා. ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තිස්නම දෙනෙක් ඉදිරිපත් වෙලා සිටියත් ඇත්ත සටන තියෙන්නේ අපේක්ෂකයන් තුන්දෙනෙක් අතර පමණයි. ඒ ජාතික ජන බලවේගෙයේ අනුර දිසානායක මහතා, සජබේ සජිත් ප්‍රේමදාස මහතා සහ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා යන තිදෙනා අතරයි.
මීට සතියකට දෙකකට පමණ පෙර සජිත් ප්‍රේමදාස මහතා යම් තරගකාරී මට්ටමක සිටියත් අද වන විට අභ්‍යන්තර ගැටලු කුලල් කා ගැනීම් සහ රැස්වීම අවලංගු කිරීම් හරහා ඔහු මේ සටනින් ඉවත් වෙන බවක් පෙනෙන්න තිබෙනවා. තවමත් ඔහු තරගයේ ඉන්න බව පේන්නේ, ඔහු වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය ජාලයක් විසින් සැලසුම් සහගතව රැස්වීම්වලින් නැති සෙනඟක් පෙන්වන නිසා. අවම වශයෙන් පසුගියදා සැලසුම් කළ පරිදි ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයවත් එළි දක්වන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ මුදල් ඇමති වෙන්න ඉන්න ගොඩහේවා සහ හර්ෂ අතර සටන නිසා. අද මරික්කාර් සහ හර්ෂ අතර වලිය.
මේ සටන් අතරේ අද වන තවත් ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙනවා, රටේ මී ළඟ අගමැතිවරයා වෙන්නෙ කව්ද කියලා. අපි බලමු දැනට ඉදිරිපත් වෙලා ඉන්න
ප්‍රධාන අපේක්ෂකයන් කිහිපදෙනාගේ, වෙන්න ඉන්න සහ වෙන්න පුළුවන් අගමැතිවරු කවුද කියලා.
ජාතික ජනබලවේගයේ වෙන්න අගමැති..
මුලින්ම අපි බලමු ජාතික ජන බලවේගයේ වෙන්න ඉන්න අගමැති වෙන්න පුළුවන්ද කවුද කියලා. ඔවුන් විසින් මේ ගැන ප්‍රකාශයක් සිදු කර නැතත්, සමාජ මාධ්‍ය මත අනුව මේ සඳහා වැඩි විභවතාවයක් තියෙන්නේ, කාන්තාවන් සහ විද්වත් ප්‍රජාව නියෝජනය කරන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට. ඔවුන් එය ප්‍රකාශ කළහොත්, මේ ඉදිරිපත් කිරීම ඔවුන්ගේ දේශපාලනය තව තවත් ස්ථාවර කිරීමට හේතුවක් වෙන්න පුළුවන්.
රනිල්ගේ වෙන්න අගමැති..
රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන් සමාජ මාධ්‍යවල මත පලවෙලා තියෙනවා ඔවුන්ගේ අගමැති වෙන්නේ රවී කරුණානායක කියල. ස්ථිර කළේ නැතත් ඔවුන්ගේ ඉතුරු වූ ඡන්ද පදනමට මේක දැඩි හානියක් වූ බව නම් කියන්නම ඕනේ. මොකද රවී කියන්නේ මහ බැංකු මංකොල්ලය කියන එකේ මහ මොළ කරුවන්ගෙන් ප්‍රධාන කෙනෙක්.
සජිත්ගේ වෙන්න අගමැති..
ඒ වගේම සජිත් ප්‍රේමදාස එක්ක දෙවැනි ඉනිමෙන් එකතු වුණු පාටලී චම්පික රණවක, ඔහුගේ මාධ්‍ය ලේකම් හරහා ප්‍රචාරයක් ගෙනිච්චා, "සජිත් ජනපති - පාටලී අගමැති" කියලා. අවසානේ මේක සමගි ජන බලවේගයේ අසමගිය තවත් වැඩි වෙන්නෙ හේතුවක් වුනා. ඒක නිසා තමන්ගෙම ප්‍රචාරය නවත්තගෙන, 'අනී අපි දන්නේ නෑ. මේ අපි නොදැනුවත්ව උන වැඩක්' කියලා පියවරක් පස්සට ගන්නටත්, පාටලී ක්‍රියා කළා.
නාමල්ගේ අගමැති තිස්ස කුට්ටිආරච්චි?
අනෙක් අපේක්ෂකයා ගැනනම් කියන්න දෙයක් නෑ. මොකද නාමල් රාජපක්ෂ මේ රේස් එකේ ඉන්නෙ දිනන්න නෙමෙයි. පොහොට්ටුව කියල පක්ෂයක් තියෙනවා කියලා සලකුණු කරගන්න පමනයි. ඔහු දිනුවොත් (එහෙම වෙන්නෙ නෑ ), ඔහුගේ අගමැති වෙන්නේ එක්කො ජොන්ස්ටන්, නැත්නම් තිස්සකුට්ටිආරච්චි.
ඒක නිසා මේ ජනාධිපතිවරණය කියන්නේ ජනාධිපතිවරනයම විතරක් නෙවෙයි. ආයේ මාස තුනකින්, මාල හොරු, මහ බැංකු හොරු, සුදුලූනු හොරු, ස්කාගර හොරු, කාබනික පොහොර හොරු, වැලි බිස්නස්, පස් බිස්නස්, කුඩු බිස්නස්, කරන පරණ 225 න් බහුතරයක් නැවත වටයකින් වසර 5 කට බලයට ගේනවද කියන එකත් තීරණය කරන මැතිවරනයක්.
-සතී පනාවැන්න
https://www.lankaenews.com/category/69

සජිත් ප්‍රේමදාසගේ නම් අනිවාර්යයෙන්ම අගමැති පාටලී තමයි. සජිත් එක්ක එකතු වෙලා ඉන්න පිරිසත් එක්ක බැලුවහම ඒකට හොඳටම ගැලපෙන්නෙ පාටලී. මං හිතන්නේ පක්ෂය එක්ක එකතු වෙලා ඉන්න කිසි කෙනෙක් ඒ සම්බන්ධව විරුද්ධත්වයක් නෑ.
ReplyDelete