Wednesday, 28 August 2024

අවුරුදු 86 ක් වෙලත් හොරා කෑම නතර නොකළ ෆවුසිට අධිකරණයෙන් දඬුවම්..! මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයන්..!!

(ලංකා ඊ නිව්ස් -2024.අ‍ගෝ.28, ප.ව.9.00) මෑතකදී රනිල් රාජපක්ෂ කරා පිල් මාරු කළ වයස අවුරුදු 86 ක් වියැති පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසිට වසර 02ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් ඊයේ (27) නියෝග කර කරන ලදී. එමෙන්ම විත්තිකරුට ලක්ෂ 04ක දඩයක් ගෙවීමටද අධිකරණය නියෝග කර ඇත.

රනිල් රාජපක්ෂ කණ්ඩායමේ තවත් ප්‍රධානීන් කිහිප දෙනෙකුම අධිකරණයෙන් වරදකරුවන් කර තිබේ.

මෙම අධිකරණ නියෝගයට විරුද්ධවත් සුපුරුදු පරිදි  රනිල් රාජපක්ෂ ප්‍රහාරයක් එල්ල කරනු ඇත්දැයි දේශපාලන අංශ විමසිල්ලෙන් සිටිති. ඒ මන්ද යත් ෆවුසිට ඉදිරිපත් කළ චෝදනාවන්ට වරදකරු කෙළේ අදාළ චෝදනා සම්බන්ධයෙන් ෆවුසි වරද පිළිගැනීම නිසා ය.

ෆවුසි වරද පිළිගත්තේ පහත චෝදනාවන්ට ය.

මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි 2010 වසරේ දී ආපදා කළමනාකරණ ඇමති ලෙස කටයුතු කරමින් සිටියදී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 2කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම් ඇතුළු බලධාරීන් පෙළඹවීම සහ වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් අමාත්‍යාංශ මුදලින් වැය කිරීම ආදි අධිචෝදනා 04 ක් යටතේ නීතිපති විසින් පවරා තිබූ නඩුව ඊයේ දින කැඳවු අවස්ථාවේ දී මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි සිය නීතිඥයා මාර්ගයෙන් වරද පිළිගෙන තිබිණි.

එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ වසර 62 ක දේශපාලන පලපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු මෙලෙස කටයුතු කිරීම කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි වුවත් ඔහු මුල් අවස්ථාවේ දීම වරද පිළිගැනීම හා මේ වනවිට වයස අවුරුදු 86 ක වයෝවෘධ පුද්ගලයෙකු වීම යන කරුණු සලකා ලිහිල් දඬුවම් නියම කරන බවය.

ඒ.එච්.එම් ෆවුසිගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට ද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කරනු ලැබී ය.

1970 දශකයේ දී ද ෆවුසි කොළඹ නගරාධිපතිවරයා ලෙස කටයුතු කරද්දී කළ දූෂණයක් සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබිණ. හරිනම් ඊයේ වරද පිළිගත් ෆවුසි සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්විය යුතුය.

No comments:

Post a Comment