සජිත් රට හදන්න එකතු කරගන්නා කක්කා ගොඩවල්..!
-විශේෂ ලියුම්කරුවෙකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2024.අගෝ.22, ප.ව. 7.30) සජිත් ප්‍රේමදාස පුන පුනා කියන්නේ ඔහු ළඟ දූෂිතයන් නොමැති බවයි. එහෙත් මේ අවස්ථාවේ ඔහු ළඟට රැගෙන එන ඕනෑම කක්කා ගොඩක් භාර ගන්නවා පමණක් නොව තනතුරකුත් ලබා දීමෙන් පෙනෙන්නේ ඔහු තුළ ඇති සහජ ගොන් කමයි.
මේ හේතුවෙන් තමන් ළඟ මෙතෙක් සිටි බොහෝ දෙනා ඔහු හැර යාම මේ දිනවල සිදු වෙමින් පවතී. ළඟ සිටින්නන් හැර යාමට හොඳම උදාහණය තලතා අතුකෝරාල සහ ඇයගේ ප්‍රකාශය යි. නාලක ගොඩහේවලා වැනි අපතයන් නිසා හර්ෂ ද සිල්වා වැන්නන්ද අද හෙට සජබෙ හැර ගියහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.
කක්කා ගොඩවල් ළං කර ගැනීමට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හොඳම උදාහරණයකි.
ඩිල්ස්කූප් නම් පහරක නිර්මාතෘ වුවද ඩිල්ෂාන් යනු ක්‍රිකට් ක්ෂේත්‍රයේ වැඩි දෙනකුගේ අප්‍රසාදයට ලක්ව සිටින අපතයෙකි.
දැරියක දූෂනය කිරීම නිසා සිම්බාබ්වේ වලින් එලවා අදටත් එහි ඇතුල් වීම පවා තහනම් කොට ඇති අයෙකි. මේ සිද්ධියෙන් බේරා ගැනීම හේතුවෙන් ණය ගෙවන්නට ඔහු රාජපක්ෂලාට රෙදි නැතිව කඩේ ගියේය.
බොරු කීමේදී චේතිය රජුත් මොහුට පරදිනු ඇත. මේ බව ඔහුගේ ගම් පළාතේ අය වඩාත් හොඳින් දනී.
නාමල්ලා හා එක්ව කළු සල්ලි සුදු කිරීමේ ඒජන්තයකු ලෙසද ප්‍රකටය.
තරග පාවා දීමේ චෝදනා රැසකට හිමි කම් කියන ඩිල්ෂාන් තම දෙවෙනි බිරිය ද මේ සඳහා යොදා ගන්නා බව ඉතිහාසයේ කියවේ.මේ සිද්ධිය වරක් නිරෝෂන් පාදුක්ක විසින් ලංකා ඊ නිව්ස්හි ලියා තිබිණ.
තම මුල් කසාදයේ එකම පුතණුවන්ට නොසළකන ඩිල්ෂාන් නොබෝදා තමන් ඕස්ට්‍රේලියාවේ පදිංචිය හැර දමා සජබෙට බැඳී දේශපාලනයේ යෙදෙන්නේ රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට බව කීම මහා විහිළුවකි.
මුල් කසාදයේ පුත්‍රයාට මාසිකව ගෙවිය යුතු වන්දි මුදල නොගෙවා පැහැර හැරීම නිසා මුල් බිරිඳ පැවරූ නඩුව වසර තුනක් මුළුල්ලේ ඇද ගෙන ගිය මේ රටේ දරුවන්ට මහා ආදරයක් පෙන්වන නරුමයාට අවසානයේ දෙගුණයක් ගෙවන ලෙස උසාවිය නියෝග කළේය.
මෙම පුත්‍රයා රෝයල් කොලීජියේ ක්‍රිකට් ක්‍රීඩා කරද්දී බැට් පිත්තක් හෝ මොහු නොදෙන විට සංගලා හා මහේලලා ඔහුට උදව් කළ බව පැවසේ.
මොහු දැන් මාස හත අටක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනයේ යෙදෙන අතර ඩිල්ෂාන් අද වන තුරු තම මුල් කසාදයේ පුත්‍රයාට කෝල් එකක් හෝ දී නොමැති බව වාර්තා වේ. තම දෙමව්පියන්ට හෝ කිසිදු සැළකිල්ලක් නොදැක්වූ මොහු තම පියාගේ මළ ගෙදර ගොස් ලෝකෙට පෙනෙන්න කිඹුල් කඳුළු හෙළූ හැටි ප්‍රදේශවාසීන්ම පවසති.
ඩිල්ෂාන් යනු නරුමයකු බව කියන්නට මීට වඩා උදාහරණයක් නොමැත.
මීට සය වසරකට පෙර සිය පවුලම කැටුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ඩිල්ෂාන් එහි පුරවැසිභාවයද රැගෙන ආපසු ආවේ ඇයිද යන්න ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ හොඳින්ම දනිති. ඔහු එහි කළ ජල්තර වැඩ කිහිපයක්ම දැන් හෙළි වෙමින් පවතී.
තම වැඩිමහල් දියණිය රැගෙන මීට මාස කිහිපයකට පෙර ලංකාවට ආ ඩිල්ෂාන් ඇය ජාතික කනිෂ්ඨ පිලට පස්සා දොරෙන් රිංගවීමට තවමත් ප්‍රයත්න දරයි.
මේ අතර කිසිදු පුහුණු සුදුසුකමක් නොමැතිවත් ශ්‍රී ලංකා ජාතික පිලේ පුහුණුකාර කමක් ලබා ගැනීමට නාමල්ලා ලවා ෂම්මි සිල්වාට බලපෑම් කළ ද එය මෙතෙක් ඉටු නොවීම සජිත් සරණ යාමට ප්‍රබල හේතුවක් වූ බව දන්නෝ දනිති.
අතින් සත පහක් වියදම් කිරීමට අකැමැති කුණු ලෝබයකු ලෙසද ප්‍රකට ඩිල්ෂාන් අනුන්ගේ වියදම් තමන්ගෙන් කරන බව කීමේ අති දක්ෂයෙකි.
සජිත්ලා රට හදන්න එකතු කර ගන්නේ මෙවැනි කක්කා ගොඩවල්ය

No comments:
Post a Comment