සජිත් ගේ අලුත්ම අගමැති නාමල්..!
-විජේරාම මාවතේ රාජපක්ෂ නිවසේ ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරු ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.අගෝ.22, ප.ව. 9.00) සජිත් ප්‍රේමදාස හෙවත් පුතානෝ මේ දිනවල තම පක්ෂයට අලුතින් සාමාජිකයන් එකතු කරන්නේ කිසිදු හිරිකිතයකින් තොරව බව ලංකාවේ දේශපාලනය ගැන උනන්දුවන ඕනෑම අයෙකුට වැටහේ.
මහින්ද ගේ සාක්කුවේ සිටි කීප දෙනෙක්, වියත්මගක් කියා අටමගලයක් අටවාගෙන රටම සොහොන් පිටියක් කළ නාලක ගොඩහේවලා මෙන්ම උඩට යටට යමින් ගේම් එකක් ප්ලේ කරන පාඨලී ද දැන් සජිත්ගේ කන්ඩායමේ ය. වැඩේ කියන්නේ පාඨලී සජිත් සමග අවබෝධතා ගිවිසුම් ගහන්නට සතියකට පෙර දී ද සජිත්ගේ පවුලේ හොරකමක් වූ ජනාධිපති මන්දිරයේ තිබූ 'මුල්කිරිගල චිත්‍රය' සොරකම් කිරීම ගැන වොයිස් කට් දීම ය.
අරගලයේ ක්‍රෙඩිට් එක දාගන්න ගොස් පීචං වී මුදල් වංචාවකට බන්ධනාගාර ගත වූ වාචාල කටක් ඇති දමිතා අබේරත්න මෙන්ම, 2010 සිම්බාබ්වේ ක්‍රිකට් සංචාරයේදී අවු 17 ක දැරියක් දූෂණය කිරීමේ වරදට හසුව අදටත් සිම්බාබ්වේ දේශයට ඇතුලුවිය නොහැකි, මහින්ද රාජපක්ෂ ගේ පිහිටෙන් හිරේ නොයා බේරුනු ටී. එම්. ඩිල්ෂාන් පවා දැන් පුතානෝගේ බෝට්ටුවේ ය. (ඩිල්ෂාන් ගැන වෙනම ලිපියක් මෙහි වෙනත් තැනක පළ වේ)
අගමැතිකම් පොරොන්දු වූ 6 ක්..
සජිත් ඉන්නේ තමන් වෙත එන ඕනෑම වහන්තරාවක ට තනතුරක් පූජාකිරීමට සූදානමිනි. එන පුද්ගලයාගේ තරාතිරම මත තනතුර තීරනය වේ. දැනටමත් ඔහුගේ සිහින ආණ්ඩුවේ අගමැතිකම් පොරොන්දු වූ 6 දෙනෙකි. ඇමති පදවි, දිස්ත්‍රික් නායකකම්, තානාපති කම්, සංස්ථා සභාපතිකම් 500 කට අධික ය.
නාමල් සජිත් රහසිගත හමුවීම..
මෙවර ජනාධිපතිවරනයේ නාම යෝජනා බාරදීමට පෙර දිනයේ නාමල් රාජපක්ෂ සජිත් ප්‍රේමදාස රහසිගත හමුවීමේ සියලු විස්තර ලංකා ඊ නිව්ස් අප විජේරාම මාවත වාර්තාකරු අප වෙත වාර්තා කර තිබේ.
ගෝඨාගේ පාලන කාලය තුල රාජපක්ෂ පවුල තුල සියලු සිදුවීම් අපට වාර්තා කිරීමට හැකිවූයේ අප වෙනුවෙන් දිවි පරදුවට තබා ස්වේච්ඡාවෙන් සහය වන මේ ගරිල්ලා මාධ්‍යය කණ්ඩායමේ පිහිටෙනි.
අප මීට පෙරද පවසා ඇති පරිදි අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ ගේ යට ඇඳුමේ වර්ණය වුවද මේ මොහොතේ පැවසීමට ලංකා ඊ නිව්ස් ඔත්තු ජාලය සවිමත් බව කියන්නේ සතුටිනි. රනිල් ගැන ද සජිත් ගැන ද තත්වය එසේමය.
පසුගියදා සවස 5 ට පමන නාමල් සිය සමීපතම සගයා වන සංජය සමග වෝඩ් පෙදෙසේ සජිත් ගේ නිවසට ( Apartment) එකට ගියේ පෞද්ගලික ආරක්ෂකයා පවා නොමැතිව ය. මේ නිවස ලක්ෂ්මන් ෆොන්සේකා සිය ප්‍රියම්බිකාව වන ජලනි ප්‍රේමදාසට ප්‍රදානය කළ එකකි.
සවස 5 සිට 7.10 දක්වා පැය දෙකකුත් විනාඩි 10 ක් සජිත් නාමල් සංවාදය තුල සම්පූර්ණයෙන් කතා වූයේ රනිල් ගේ ඡන්ද කැඩීමට නාමල් යොදාගන්නා ආකාරයයි.
ප්‍රශ්නයක් නෑ, කෙලින්ම ඔයා PM..
"ඔයා මට ඡන්ද ලක්ෂ 12-15 අරන් පෙන්නන්න. එතැන රනිල්ට යන ඡන්ද 90%ක්ම. එහෙම උනොත් ප්‍රසිඩන්ට් උන ගමන් මම පාර්ලිමේන්තුව විසුරුවනව ඔයාට ඔයාගෙ ටීම් එකත් එක්ක ඇවිත් මට එකතු වෙන්න පුලුවන්. මට කිසි ප්‍රශ්නයක් නෑ, කෙලින්ම ඔයා PM ( Prime Minister) කියල හිතා ගන්න." සජිත් කීවේ ය.
සම්පූර්න සාකච්ඡාව පුරාම නාමල් - සජිත් ගේ එකම ඉලක්කය වූයේ රනිල් ගේ ඡන්දවලින් කුට්ටියක් නාමල්ට හරවාගන්නා හැටි සැලසුම් කිරීමට ය.
සාකච්ඡාවට අනුව නාමල් ගේ කණ්ඩායමට අවශ්‍ය සියලු විය හියදම් දැරීම 'ස්ටාර් ඩස්ට්' කැසිනෝ සහ 'මරීනා බේ නයිට් ක්ල්බ්' අධිපති රවී විජේරත්න බාරගෙන ඇත.
කළුතර අජිත් පී. පෙරේරාගේ පුත්‍රයාගේ විවාහයට සහභාගීවීමට ඇති නිසා රාත්‍රි 7.10 ට සජිත් පිටත්ව ගිය නිසා සාකච්ඡා අවසන් වී ඇත.
පසුදිනෙක රවී සිය සමීපතමයන් සමග කියා තිබුනේ සජිත් ආවාත් කැසිනෝ විතරක් නෙමේ තව බිස්නස් පහ හයක් ලයින් කරගත හැකි බවයි. අවු 10කට අධික කාලයක් රාජගිරිය රෝයල් පාක් හි සජිත් පදිංචිව සිටි නිවසේ කුලිය මෙන්ම , සියලු කෑම බීම සහ අනෙකුත් වියදම් සිදුකරන්නේ 'ස්ටාර් ඩස්ට්' සහ 'මරීනා බේ' ජාලයෙනි.
මේ අතර පොහොට්ටුවේ සාගර කාරියවසම් සිය දුරකථනයේ ඇති, උග්‍ර පොහොටුකාරයන්ව සිට දැන් රාජපක්ෂ කදවුරෙන් ඉවත්ව ඇති සියලු දෙනා අමතා නාමල් ට උදව්කරන ලෙස ඉල්ලා ඇත.
සොයිසාගෙන් අම්මා මුත්තා මතක්කර දේශනාවක්..
මේ අතර මෑත දින කීපය තුල සජිත් ගේ කඳවුරට එල්ල වූ දරුණුතම ප්‍රහාරය වූ බිබිලේ විජිත් විජයමුනි සොයිසා ( අප්පච්චි මලෝ) අහිමිකර ගැනීම ගැන සජිත් මෙන්ම පක්ෂයේ සියලු දෙනා රංජිත් මද්දුමබණ්ඩාරව දැඩි දෝෂ දර්ශනයට ලක්කර ඇත. මොනරාගල දිස්ත්‍රික් නායකකම , පක්ෂයේ ඉහල තනතුරක් මෙන්ම පිහිටුවන සිහින ආණ්ඩුවේ අති ප්‍රබලම ඇමතිකමක් ද දෙන බව පොරොන්දු වී සොයිසා ඇමතූ සජිත් ගේ ගෝලයෙක් ට සොයිසා අම්මා මුත්තා මතක්කර දේශනාවක් දී ඇති බවද වාර්තා වේ.

No comments:
Post a Comment