විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්..! මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැදගත් කාරණා කීපයක්..!
(ලංකා ඊ නිව්ස් -2024.අගෝ.26, ප.ව.6.35) ජාතික ජන බලවේගය අද නිකුත් කළ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර එය මහජනතාව වෙත ඉදිරිපත් කර, සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදුකොට ජනමත විචාරණයක්ද සමග සම්මත කර ගනු ඇතැයි සඳහන් කර තිබේ. එම කොටසේ රාජ්‍ය පාලනයේ වැදගත් කාරණා රාශියක් ද ඇතුලත් කර ඇත. ඒවා නම්,
• සමාජ හා ආර්ථීක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුකූළ අයිතීන් මූලික අයිතිවාසිකම් ලෙස පිළිගනිමින් බලාත්මක කිරීම
• ළමා, කාන්තා සහ ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ ආණ්ඩුක්‍රම නීතිය ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුකූළ වන ලෙස පුළුල් කිරීම
• රැකියා සඳහා රට තුළ සහ රටින් පිටත සංක්‍රමණික පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම
• ජාතිකත්වයන් අතර අසමගිය සහ ආගමික වෛරය ඇති නොකරන, ස්ත්‍රී පුරුෂභාවය හෝ වෙනත් කරුණු මත වෙනස් කොට නොසැලකීම යන කොන්දේසිවලට යටත්ව භාෂණයේ නිදහස තහවුරු කිරීම
• විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම
• නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම
• ජනාධිපති නිල නිවාස එකකට පමණක් සීමා කිරීම
• විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ කලත්‍රයන්ට දී ඇති විශ්‍රාම වැටුප්, විශේෂ දීමනා හා වරප්‍රරසාද අහෝසි කිරීම
• විද්‍යාත්මකව වෙන්කරන ලද අමාත්‍යාංශ 25කට ඇමතිවරුන් 25ක් සහ අනුරූපී නියෝජ්‍ය ඇමතිවරු පත් කිරීම සහ රාජ්‍ය ඇමති ධුර අහෝසි කිරීම
• සෑම අමාත්‍යාංශයකටම විෂය පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩල පිහිටුවීම
• සිය වගකීම ඉටු නොකරන්නේ නම් හා දූෂණයේ යෙදෙන්නේ නම් මහජන නියෝජිතයා ආපසු කැඳවීමේ බලය ඡන්දදායකයාට ලැබෙන විධිවිධාන
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික කාර්යමණ්ඩලය සඳහා පවුලේ ඥාතීන් බඳවා නොගැනීම වැනි දේ අඩංගු ආචාරධාර්මික පද්ධතියක් හඳුන්වා දීම
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සැසිවාරයට සහභාගී වීම වෙනුවෙන් ගෙවන දීමනා අහෝසි කිරීම
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05කින් පසුව ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම
• මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය ඉවතට
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ධුර කාලය තුළදී එක් වාහනයක් පමණක් ලබාදීම

No comments:
Post a Comment