Sunday, 18 June 2023

සිරිසේන, උඹ සල්ලි ගත්තේ නැති නම්, ගත්තේ කවුද කියා කියපන්..!

-ඩේලිඑෆ්ටී කතුවැකියක් සිංහලට නැගුවේ ආනන්ද (මෙතෙක් හෙළි නොවූ හේතුවක් සහිත පසු සටහනක් ඇතුලත්ය) 

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.18, ප.ව.8.30) 2005 වසරේ ඉවෝන් ජොන්සන් ඝාතනය සම්බන්ධයෙන් මරණ දණ්ඩනයට නියම වූ රෝයල් පාක් නඩුවේ වරදකරු ජූඩ් ශ්‍රමන්ත ජයමහට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිකාරයා ලබා දුන් ජනාධිපති සමාව පිළිබඳ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කෙරිණ. මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කර ඇත්තේ, හිටපු ජනාධිපතිකාරයාගේ තීරණය අභියෝගයට ලක් කරමිනි.

ප්‍රකට ව්‍යාපාරික පවුලකින් පැවත එන, මරණ දණ්ඩනයට ලක්ව සිටි ජයමහට සිරිසේන විසින් 2019 නොවැම්බරයේ දී සමාව ලබා දෙන විට එ් පිළිබඳව බොහෝ දෙනෙකුගේ විස්මය හා කනස්සල්ල පළ වූයේ “ජරාව කෑම” සිහි ගන්වමිනි.

වරදකරුවෙකුට සමාව දීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති විසින් නීතිපති, දඬුවම් නියම කළ අධිකරණයේ විනිසුරු සහ අධිකරණ අමාත්‍ය යන අයගෙන් වාර්තා කැඳවනු ලැබීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, මෙම නඩුවේ දී සිරිසේන එම බලධාරීන් කිසිවෙකුගෙන් වාර්තාවක් කැඳවා තිබුණේ නැත.

මුදල් හුවමාරු වූ බව දැන සිටිය බව සිරිසේනම කීවා...

තමන් ලබා දුන් සමාව සඳහා මුදල් ලැබුණේ කාට කාට දැයි හෙළි නොකළ ද ආන්දෝලනාත්මක සමාව සඳහා මුදල් හුවමාරු වූ බව මෛත්‍රීපාල සිරිසේන විසින්ම මීට පෙර හෙළිකර තිබුණි.

ශ්‍රී ලංකාව 1976 වසරේ සිට මරණීය දණ්ඩනය පිළිබඳව ඇත්ත වශයෙන්ම තහනමක් පවත්වා ගනිමින් වරදකරු වූ අපරාධකරුවෙකුට අධිකරණමය වශයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කර නැත.

කෙසේ වෙතත්, රටේ ව්‍යවස්ථාපිත අණ පනත්වලට අනුව තවමත් ඇතැම් අපරාධ සඳහා අනිවාර්යයෙන්ම පැණවිය යුතු දඬුවම් ඇති බැවින් නඩුවේ බරපතලකම අනුව විත්තිකරුවන්ට සහන ලබා දීමට විනිසුරුවරුන්ට නොහැකිය. එබැවින්, ප්‍රායෝගිකව මරණ දඬුවම ක්‍රියාත්මක නොකළත්, බොහෝ විට එය ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් දක්වා වෙනස් කළත්, මිනීමැරුම් සම්බන්ධයෙන් වරදකරු වූ ඕනෑම පුද්ගලයකුට අනිවාර්යයෙන්ම මරණ දඬුවම නියම කෙරේ.

විශේෂයෙන්ම, මරණ දණ්ඩනය අහෝසි කිරීම සඳහා ලෝකය බලා සිටින මොහොතක, මරණීය දණ්ඩනය ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් දක්වා වෙනස් කිරීම මානුෂීය ක්‍රියාවක් ලෙස හැඳින්විය හැක්කේ මරණ දණ්ඩනයට නියම වූවන් පෝලිමේ තබා ගැනීම එක්තරා වධහිංසාවක් වන බැවිනි.

ඒ කෙසේ වෙතත්, වරදකරු වූ මිනීමරුවෙකුට සමාව ලබා දී නිදහස් කිරීම, එය ද සිර දඬුවම් විඳිමින් වසර කිහිපයක් ගත වීමෙන් පසුව සිදු වීම වනාහී විකෘතියක් සහ අසාමාන්‍ය ක්‍රියාවකි.

මේ වන විට නිල වශයෙන් මරණ දණ්ඩනයට නියම වී සිටින පුද්ගලයන් දහසකට අධිකය. එසේ නම් මහාධිකරණයෙන් වරදකරු වූ ද අභියාචනාධිකරණයෙන් හා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම දඬුවම ස්ථිර කරනු ලැබුවා ද ශ්‍රමන්ත ජයමහ නමැති තනි පුද්ගලයාට ජනාධිපති සමාවක් ලැබුණේ ඇයි?

එම පුද්ගලයාගේ පවුල අතිශයින් ධනවත් සහ දේශපාලනික වශයෙන් හොඳ සම්බන්ධතා ඇති අය බව රහසක් නොවේ.

ජයමහ නිදහස් කර ගැනීම සහතික කිරීම සඳහා මුදල් හුවමාරු වූ බව තමාට දැන ගන්නට ලැබුණු බවට හිටපු ජනාධිපතිකාරයා කළ ප්‍රකාශය වාර්තා ගතව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය විමර්ශනයක් සිදු කර නැත.

දැන සිටියා නම් ගත් පියවර කුමක්ද?

මේ සමාව දීමේ දී සිරිසේනගේ භූමිකාව ගැන මුලින්ම සොයා බැලිය යුතුය. මුදල් හුවමාරු වූ බව ඔහු දැන සිටියේ නම්, ඔහු ගත් පියවර කුමක් ද? එවැනි කරුණක් ඔහුගේ අවධානයට යොමු කර තිබුණේ නම්, පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඔහු වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු වූයේ, විශේෂයෙන්ම ඔහු ද එවැනි ගනුදෙනුවක හවුල්කරුවෙකු ලෙස සම්බන්ධ වී සිටින බැවිනි.

දෙවනුව, ජනාධිපති සමාව අවභාවිතය වහාම නතර කළ යුතුය. අධිකරණයේ බලතල පිළිබඳ “පරීක්‍ෂා කිරීමක්” ලෙස උපයෝගී කර ගැනීම සඳහා විධායකයට “සමාව දීම” නමැති ප්‍රතිපාදනයක් සපයා ඇත, මන්ද එය යුක්තියේ වැරදි නිවැරදි කිරීම සඳහා එක් අවසාන අවස්ථාවක් සලසන බැවිනි.

මුදල්වලට ඇඹලයෙක්..

කෙසේ වෙතත්, දේශපාලනික ගැතිකම්වලට ඔළුව නමා, මුදල්වලට ඇඹලයෙකු වී ජනාධිපතිවරයෙකු විසින් අත්තනෝමතික ලෙස පුද්ගලයන්ට සමාව ලබා දීම නිසා යුක්තිය ඉටු නොවන අතර, එහි ප්‍රතිඵලය වන්නේ සමස්ත අධිකරණ පද්ධතිය සහ නීතියේ ආධිපත්‍යය හෑල්ලු වීමයි.

වින්දිතයින්ට යුක්තිය ඉටු නොවන පරිදි ධනවතුන් සහ බලවතුන් විසින් බොහෝ විට අපයෝජනය කරනු ලබන ශ්‍රී ලංකාවේ නීතියේ දෙවඟන දූෂණය කළ අවස්ථාවක් ලෙස සිරිසේන හිටපු ජනාධිපතිකාරයා විසින් ජයමහට දෙන ලද සමාව වාර්තා ගත වනු ඇත.

- 2023 ජුනි 12 වන දින DailyFT වෙබ් අඩවියේ පළ වූ, “Sirisena must answer for his presidential pardon” නම් කතු වැකිය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

පසු සටහන: මෙම ආන්දෝලනාත්මක ජනාධිපති සමාව ගැන මෙතෙක් හෙළි නොවූ කරුණූ හෙළිකරමින් සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වූ ලියැවිල්ලක් පහත දැක්වේ

මෛත්‍රීපාල සිරිසේන රෝයල් පාර්ක් මිනීමරුවා  නිදහස් කළ හේතුව බලාගන්න:  

රෝයල් පාක් මිනීමරුවා ඔහුගේ පියාගේ  පළමු කසාදයේ දරුවෙක්ය. ඔහුගේ පියාගේ පවුලේ අය පියාව හඳුන්වන්නේ  ප්‍රීති යන නමින්ය.  ඔහුගේ වාසගම ජයමහ ය.

ප්‍රීති ජයමහ පළමු කසාදයෙන් දික්කසාද වී දෙවැනිවර විවාහ වන්නේ කාන්ති ස්ටැනිස්ලෝස් නමැත්තිය සමඟය.

කාන්ති ස්ටැනිස්ලෝස් ගේ පළමු සැමියාගේ නම විජේමාන්නය.  විජේමාන්න සහ ප්‍රීති ජයමහ මිත්‍රයෝය. කාන්ති ස්ටැනිස්ලෝස් විජයමාන්න ගෙන් දික්කසාද වූ පසු දෙවැනි කසාදය කරගෙන ඇත්තේ ප්‍රීති ජයමහ සමගය.

කාන්ති ස්ටැනිස් ලෝස්ගේ මල්ලිගේ නම කුමාරය. කුමාරගේ දුව විවාහ වී ඇත්තේ ඩඩ්ලි සිරිසේනගේ පුතා සමඟය.  Tasty food නැමති කේටරින් සර්විස් අයිතිකාරිය කාන්ති ස්ටැනිස්ලෝස් ය.

ඩඩ්ලි සිරිසේන හිටපු ජනාධිපති ගමරාළගේ සොහොයුරා ය.  මේ ඥාති සම්බන්ධය නිසයි ශ්‍රමන්ත ජූඩ් ජයමහ නමැති රෝයල් පාර්ක් මිනී මරුවාට "ගමරාළ" සමාව ලැබුණේ.

සමාජ යහපත වෙනුවෙන් මෙය සියළු දෙනා ෂෙයා කරත් වා !!!!!

No comments:

Post a Comment