රනිල් හෙට එනවා..! එද්දී සන්නද්ධ කණ්ඩායමකින් රනිල්ට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වෙතැයි දේශබන්දු බයවෙලා..!
(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.25, ප.ව.4.00) යුරෝපා සංචාරයක යෙදුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (26) උදෑසන 8.35 ට බණ්ඩාරනායක ගුවන් තොටුපොලින් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහිදී සන්නද්ධ කණ්ඩායම් විසින් රනිල්ට කිසියම් ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි බස්නාහිර උතුර භාර ජ්‍යෙ.නි.පොලිස්පති දේශබන්දු බිය වී ඒ සඳහා ආරක්ෂක පියවර ගන්නා ලෙස සෙසු අදාල නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
සිය රට එද්දී රනිල් ට එල්ල විය හැකි තර්ජන වර්ග 6 ක් ගැන දේශබන්ධු කියයි. ඒවා මෙසේය
2. රනිල් ගමන්ගන්නා මාර්ගය හෝ මහජනයා රැස්වන ස්ථානයකට යම් ප්‍රහාරයක් එල්ල කිරීම
3. උස් ගොඩනැගිලි, වන ලැහැබක, බෝක්කු සහ පාලම් හෝ වෙනත් උස් ස්ථානයක සිට ස්නයිපර් වැනි අවියකින් රනිල් වෙත ප්‍රහාරයක් එල්ල කිරීම
4. මහජන කැළඹීම් සහ උද්ඝෝෂන වලින් ඇතිවන බාධා සම්බන්ධව.
5. දැනට රටේ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් ජනාධිපති රනිල් මහජනයා අතරට පිවිසීමට ඉඩ කඩ ඇති බැවින් එවැනි අවස්ථාවක ප්‍රහාරයක් හෝ බාධා කිරීමක් සිදු කිරීම.
6. අනෙක් දේශපාලන ප්‍රතිවිරුද්ධ මත දරන්නන් විසින් යම් කඩාකප්පල්කාරී හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුකිරීමට කටයුතු කිරීම.
(මේ සම්බන්ධයෙන් දේශබන්දු ඊයේ(24) නිකුත් කර ඇති ලිපිය මෙහි ඉමේජ වල දැක්වේ)
ජනාධිපතිවරයාට මෙවැනි තර්ජන ඇතැයි කියා ලැබුණු කිසිදු බුද්ධි අංශ වාර්තාවක් ගැන සඳහන් වන්නේ නැති අතර මෙවැනි නියෝගයක් ලබා දිය යුත්තේ ද නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු නොව පොලිස්පතිවරයා විසිනි. අනෙක් අතට ජනාධිපතිවරයාගේ ආරක්ෂාව බාර පීඑස්ඩී ය ගැන ද ලිපියේ කිසිදු සඳහනක් නැත. ප්‍රභූ ආරක්ෂාව බාර විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියාට ද ලිපියෙන් කිසිදු නියෝගයක් ලබා දී නැත.
මෙම තර්ජන දේශබන්දුගේ හුදු මවාපෑමක් බවට ඇති හොඳමා සාක්කිය නම් මුලදී සන්නද්ධ කණ්ඩායම්, ස්නයිපර් ප්‍රහාර ගැන කියන දේශබන්දු පසුව කියන්නේ දැන් රටේ සාමකාමී වාතාවරණයක් පවතින බවයි.
මෙය හුදෙක් පොලිස්පතිධූරය බලාගෙන සිටින දේශබන්ධු ජනාධිපති රනිල්ගෙන් ලකුණු දමා ගැනීමේ වෑයමක් බව පොලිසියේ සෙසු ඉහල නිලධාරීහු පවසති.




No comments:
Post a Comment