Friday, 23 June 2023

හිරුණිකාට සජබේ දිවදෙකේ උන් ගැන කළකිරෙයි..! මෙහෙම නම් අපිට කවදාවත් ජනාධිපතිවරණයක් දිනන්න බෑ..! (Video)

-සම්පූර්ණ කතාව 

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.23, ප.ව.10.45) " මම අතිශයින්ම කම්පා වෙලා සහ ඇත්තටම තරහෙන් ඉන්නේ අපේ මේ පක්ෂේ ඉන්න දිව දෙකේ මිනිස්සුත් එක්ක. මම දන්නවා උදේට සජිත් සර් ගේ රැස්වීමේ ඉඳගෙන ඉන්නවා නායක තුමාගේ, රෑට ගිහිල්ල ඒවා වල කතා කරපු ඔක්කොම එක එක රිපෝට් එක දෙනවා රනිල් ට. මුන් එක්කද අපි මේ පක්ෂේ කරන්න හදන්නේ? මෙහෙම මිනිස්සු ටිකක් එක්කද අපි මේ ආණ්ඩුවක් ගන්න හදන්නේ ? මේවා අපි හැමෝම කව්ද කරන්නේ කියලත් දන්නවා. මන් මේවා නායක තුමාට කියලත් තියෙනවා . දැන් ඔය හරින් ලා මනුෂ ලා පළවෙනියට ගියපු සැරේ එවෙලේම විනය පරීක්ෂණයක් කරා නම් ආයේ ඔය කව්රුත් මුකුත් දේවල් කියන්නෙත් නැහැ. මේ ප්‍රශ්නේ නිසා රටේ බහුතරයක් මිනිස්සු හිතනවා සජිත් ප්‍රේමදාසට මේ control නැති පිරිසක් එක්ක ඉන්නේ කියල . ඉතින් ඒ නිසා දැන් වත් මන් මේ ඉතාමත් හරිම හිතේ අමාරුවෙන් කියන්නේ මොකද මේ අපි විතරයි බලනකොට අවංකව ඉන්නේ. මේක ඇතුලේ හරියට කකුල් දෙක තියාගෙන ඉන්න බැරි නම් නායකයට ගරුත්වයක් නැත්තන් තාමත් තමුන්ගේ නායකයා රනිල් කියල හිතාගෙන ඉන්නවනම් මට හිතාගන්න බැහැ අපි මොකද්ද මේක ඇතුලේ කරන්නේ කියල. අපි කැපකිරීම් කරනවා. අපි කොලඹ කොයි හරි යාපනේට යන්න කිව්වත් හරි අපි කොහොම හරි ඒ වැඩේ කරලා එනවා.හැබැයි වැඩේ තියෙන්නේ අපි ගැන කිසිම තැකීමක් හඳුනා ගැනීමක්, අනේ ඔයා කරපු වැඩේ හොඳයි කියල කියන දෙයක් ඒ මුකුත් නැහැ. ලං කරගන්නෙත් අර දෙපිට කාට්ටු මිනිස්සුන්ව තමයි වටේ තියන් ඉන්නේ. උන් කරන වැඩකුත් නැහැ. උන් නායක තුමා වෙනුවෙන් කරන දේකුත් නැහැ. හැබැයි ඒ මිනිස්සු ටික තමයි ලඟ  තියාගෙන ඉන්නේ. මං මේ කියන්නේ මේ ක්‍රමවේදය වෙනස් උනේ නැත්තම් අපිට ජනාධිපතිවරණය දිනන්න හිතන්නවත් බැහැ."

සජබ කාන්තා අංශයේ ප්‍රධාන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කලකට පසුව මාධ්‍ය හමුවට ඇවිදින් ඉහත දැඩි ආවේගයෙන් අදහස් ප්‍රකාශ කෙළේ පසුගියදා  කඩුවෙල පැවැති පක්ෂ ක්‍රියාකාරින්ගේ හමුවකට සහභාගී වෙමිනි.

එහිදී ඇය මෙසේ ද කීවා ය.

"දැන් හැමකෙනාම රටේ නිදිවර්ජිතව ඉන්නේ අපිට තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා. මගහැරිලා ගිහිල්ලා. අපි මීට මාස කීපයකට කලින් අව්වේ පිච්චි පිච්චි ගෑස් පෝලිම් වල හිටගෙන ඇදගෙන වැටුනා කියල මිනිස්සුන්ට මතක නැහැ. කිපදෙනෙක් මතක අයත් ඉන්නවා ඇති. හැබැයි ගොඩක් දෙනෙක්ට මතක නැහැ. මීට මාස කිපයකට කලින් පෙට්රල් පෝලිම් වල වයසක තාත්තලා තමන්ගේ වාහන ඇතුලේ අවසන් හුස්ම හෙළුවා මතක නැහැ.

ප්‍රභාකරන් කියල තියෙනවා මේ සිංහල මිනිස්සුන්ට ඔ්න දෙයක් මතක සති දෙකයි කියල. අපි මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් බලන්න මේ රටේ තරුණ ළමයි, වැඩිහිටි අය, උගත් විද්වත් මිනිස්සු, දුප්පත් පොහොසත් මේ හැම කෙනාම එළියට බැහැලා අරගලයක් කළා.

අපි ඇඟේ අමාරුවටද එදා එළියට බැස්සෙ..?

ඒ අරගලයේ ප්‍රතිඵලයක් විදිහට තමයි දැන් ඔය වර්තමාන ජනාධිපති රනිල් රාජපක්ෂ කියලයි මම නම් එයාට කියන්නේ. රනිල් රාජපක්ෂ ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නේ ඔබට දැන් පේනවා ඇති සමහරක් චැනල් වල News බලාගෙන යනකොට ඒ අරගලය මොන විදිහට ද දැන් මේ රටට විරුද්ධව නැගී සිටපු කණ්ඩායමක් විදිහට මේ රටේ මිනිස්සුන්ගේ තියෙන සාමය, සමගිය නැති කරන්න නැගී සිටි කණ්ඩායමක් විදිහට මේ අරගලය දිහා දක්වන ආකාරය මේ හිරු එකයි, දෙරණයි බැලුවොත් ඉතාමත් හො‍‍‍ඳට‍ ඔයාලට පේනවා ඇති

මිනිස්සුන්ට මේ වෙලාවේ අමතක වෙලා තියෙනව මේ අරගලයට බහින මිනිස්සුන්ට ඇයි අපි අරගල කරේ කියල? මෙතන අරගල වලට සම්බන්ධ වෙච්ච උදවිය ඇති. මාත් එක්ක එකතු වෙලා පා ගමන් ගිය කාන්තාවෝ ඇති. ජනාධිපතිගේ ගේ ඉස්සරහට ගියපු අය ඇති. එවකට අගමැති ගේ ඉස්සරහට ගියපු අය ඇති. පාර දිගේ පන්දම් පත්තු කරගෙන තිබ්බ ආණ්ඩුවට හිටපු ජනාධිපතිට විරුද්ධව එළියට බැහැපු කට්ටිය ඇති. අපි ඇඟේ අමාරුවටද එදා එළියට බැස්සේ? අපි හැම කෙනාම එදා එළියට බැස්සේ අපි හැමෝටම බඩගින්න දැනිච්ච නිසා. ප්‍රශ්න නිසා. දරුවන්ට ඉගෙන ගන්න විදුලිය නැති නිසා. පෙට්රල් තිබ්බේ නැති නිසා. ගෑස් නැතුව තිබ්බ නිසා.

එතකොට අද වෙනකොට අර ප්‍රසන්න රණතුංග , එක එක ඔය පාර්ලිමේන්තුවේ කෑගහන එලියට වත් බහින්න බැරුව හිටිය උදවිය කියනව අරගලයට සම්බන්ද වෙලා හිටියේ කුඩුකාරයොයි , ගන්ජකාරයෝයි , ගණිකාවොයි ඔය එක එක කට්ටිය කියල .

රටේ ජනතාවගේ කොන්ද මුළු ලෝකයටම පෙන්නුවා..

මාත් අරගල කරා, මාත් එක්ක ඇත්තටම මේ මහා පොළොවේ දුක විඳගන්න බැරි අම්මල ටිකක් තමයි එක්කහු වෙලා හිටියේ . ඒ කව්රුත් දේශපාලන වාසියකට ඒක කලා නෙමෙයි . ඒ කව්රුත් කිසිම දෙයක් බලපොරොත්තුවෙන් ඒ දේ කලා නෙමෙයි . තමුන්ට යම්කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි .මේ රට වෙනස් මාර්ගයකට ගෙනියන්න බලාපොරොත්තුවෙන් තමයි ඒවා කලේ. හැබැයි දැන් බලන්න ඉතාමත් සූක්ෂමව මේ හිරු එකයි, දෙරණයි ඒවගේම ඔය ආණ්ඩුවට කඩේ යන නාලිකා කිහිපයක් එක්කහු වෙලා මේ අරගලය අද ජනතාව එක පිරිසක් විසින් විතරක් කරපු කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට පෙන්නනවා . මමත් පිළිගන්නේ නැහැ ගෙවල් ගිනි තිබ්බ ඒවා . මොකද ගෙයක් කියල කියන්නේ තමුන්ගේ මුළු ලෝකයම එතන. අපි ඔය ප්‍රචණ්ඩකාරී දේවල් වලට කිසිසේත්ම පිළිගන්නේ නැහැ. හැබැයි මේ රටේ යම්කිසි දෙයක් ජනතාවට ලොකු අවස්ථාවක් ලැබුනා. ලංකා ඉතිහාසයේ විතරක් නෙමේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ රටේ තමයි මේ මුළු ලෝකයෙන්ම මන් හිතන්නේ ජනාධිපති පලවා හැරපු ජනතාව බවට පත් වුනේ.

ඒක මේ රටේ මිනිස්සුන්ගේ කොන්ද කොතනද තියෙන්නේ කියන එක පිලිබඳව මේ මුළු ලෝකයටම පෙන්නපු තැනක්. සමහරක් මිනිස්සු කියනවා අපේ රටේ මිනිස්සු පාලකයන්ට, නායකයන්ට නැවිලා නැවිලා, කොන්ද දිග හැරගන්න බැරුව ඉන්නේ කියල. ඒක ජනතාව සම්පුර්ණ බොරුවක් බවට පත් කළා.

හැබයි දැන් තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. මේ අරගලයට මූලික වේලා මේ අරගලය හේතුවෙන් රටේ ජනාධිපති බවට පත් වෙච්ච රනිල් රාජපක්ෂ අද තමුන් ආපු කොන්ත්‍රාත්තුව කරගෙන යනවා. ඒ තමයි මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ කණ්ඩායම ආරක්ෂා කරන එක.

මම අතිශයින්ම කම්පා වෙලා සහ ඇත්තටම තරහෙන් ඉන්නේ...

මන් දැන් තිස්ස අත්තනායක ජාතික සංවිධායකතුමා එක්ක කතා කරපු අවසන් වචන ටික තමයි 'රනිල් වික්‍රමසිංහ ඔබ තුමාට කතා කළාද?' කියල . එතුමා කියනව 'ඔව් හැබැයි මම කිව්වේ එක දෙයයි කරුණාකරලා රාජපක්ෂලාගෙන් අයින් වෙන්න. එහෙම උනොත් අපි හිතල බලන්නම්.' සාදාරන කතාවක් නේ හැබැයි . මෙතන කණගාටුදායක තත්ත්වය තමයි ,

මම අතිශයින්ම කම්පා වෙලා සහ ඇත්තටම තරහෙන් ඉන්නේ දිව දෙකේ මිනිස්සුත් එක්ක අපේ මේ පක්ෂේ මේක ඇත්තටම කියන්න ඕනේ කතාවක්.

මෙතන කණගාටුදායක තත්ත්වය තමයි , මම අතිශයින්ම කම්පා වෙලා සහ ඇත්තටම තරහෙන් ඉන්නේ දිව දෙකේ මිනිස්සුත් එක්ක අපේ මේ පක්ෂේ මේක ඇත්තටම කියන්න ඕනේ කතාවක්.දැන් මට නම් අද වෙනකම් රනිල් රාජපක්ෂ කෝල් කරලා නැහැ. ඇයි කෝල් කරන්නේ නැත්තේ? දන්නවා කෝල් කරොත් හොදවයින් දෙකක් අහගන්නවා කියල . මේ රනිල් රාජපක්ෂ අද වෙනකම් වෛර කරන කිහිපදෙනෙක් ඉන්නවා නම් එක්කෙනෙක් මම, එක්කෙනෙක් සජිත් ප්‍රේමදාස , එක්කෙනෙක් ඔබ තුමා ( තිස්ස අත්තනායක ), එක්කෙනෙක් රන්ජිත් මද්දුම බණ්ඩාර ඒවගේ කිහිපදෙනෙක් ඉන්නවා දැන් මාත් එක්ක නම් තියෙන තරහ වෙන මුකුත් නෙවෙයි .

එතුමාගේ ගේ පිච්චුනා . එතුමා හිතනවා මම එතුමාගේ ගේ ඉස්සරහට ගියපු නිසා රටේ මිනිස්සු එතුමාගේ ගේ දැනගත්ත කියල. ඊයේ පෙරේදත් එතුමා කොයි හරි තැනක කතා කරනකොට කියනවා, එතනත් ගේ පිච්චිච්ච කතන්දරේ තමයි කියන්නේ. තම එයාගේ හිතෙන් ඒ තරහ ගිහිල්ලා නැහැ. ඒ කෙසේවෙතත් දැන් මේ වගේ ඍජුව රනිල් රාජපක්ෂ ට කියන අයත් ඉන්නවා . හැබැයි

මම පෞද්ගලිකව දන්නවා හරීන් ලා එක්ක රෑ තිස්සේ පබ් වල බොන අපේ පක්ෂයේ කට්ටිය කව්ද කියල..

සර් මම පෞද්ගලිකව දන්නවා හරීන් ලා එක්ක රෑ තිස්සේ පබ් වල බොන අපේ පක්ෂයේ කට්ටිය කව්ද කියල. මන් මේවා නායක තුමාට කියලත් තියෙනවා . මම දන්නවා උදේට සජිත් සර් ගේ රැස්වීමේ ඉගෙන ඉන්නවා නායක තුමාගේ , රෑට ගිහිල්ල ඒවා වල කතා කරපු ඔක්කොම එක එක රිපෝට් එක දෙනවා රනිල් ට. මුන් එක්කද අපි මේ පක්ෂේ කරන්න හදන්නේ? මෙහෙම මිනිස්සු ටිකක් එක්කද අපි මේ ආණ්ඩුවක් ගන්න හදන්නේ ? මේවගේ දෙපැත්තේ කකුල තියාගෙන ඉන්නේ ? ඉන්නවනම් හරි තැනක ඉන්න ඕනේ.

මෙතන හැමෝටම තාම මම හැමවෙලාවෙම කියනව. රනිල්ට ලොකු පන්ති බේදයක් තියෙනවා . ඔය පන්ති බේදය නිසා තමයි සජිත් ප්‍රේමදාසට කවදාවත් අවස්ථාවක් දුන්නේ නැත්තේ . ඔය පන්ති බේදය නිසා තමයි තිස්ස අත්තනයකටත් . මම අහල තියෙනවා මම පක්ෂයට අලුත් හැබැයි ඒ කාලේ ඔය තිස්ස අත්තනායක මැතිතුමා ඔය රනිල් වික්‍රමසිංහත් එක්ක තිබ්බ ප්‍රශ්නයක් අනුව ගිය අනිත් පැත්තට. ඒ කාලේ අපේ පක්ෂේ උදවිය කියල තියෙනවා ඇත්තටම හිටිය නම් ලොකු දෙයක් . මහා ලේකම් හිටපු කාලේ අපිට පෞද්ගලිකව අපේ ප්‍රශ්න හැම එකටම පෙනී හිටියා කියල. එක මිනිස්සුන්ට අමතක නැහැ. හැබැයි තිස්ස අත්තනායක ගියේ ඇයි ?

මේ වගේ පක්ෂය ඇතුලේ විශාල පිරිසක් ගියේ ඇයි ? මේ පන්ති බෙදයත් එක්ක හැප්පෙන්න බැරි හින්ද.

අදටත් ඒ පන්ති බෙදයේ උදවිය තමයි වටේ තියාගෙන ඉන්නේ. අදටත් ඒ පන්ති උදවිය තමයි ආණ්ඩුකාරවරු පත් කරන්නේ , එතකොට තමුන්ගේ staff එකේ උපදේශක තනතුරු දෙන්නේ ඒ පන්තියේ කට්ටියත් එක්ක තමයි එකතු වෙලා වැඩ කරන්නේ කිසි වෙනසක් නැහැ.

මෙච්චර fail වෙච්ච මනුස්සයෙක්ට පුළුවන්ද රටක් හදන්න..?

කොටින්ම කියනවා නම් කොච්චර ලැජ්ජාවක් ද තියෙන්නේ තානාපති කාර්යාලයේ තානාපති ධුරයක් දෙන්න? පිරට embassy යට කෙනෙක්ව පත් කරන්න පක්ෂයේ මිනිහෙක් නැහැ .පැත්තට දාලා තිබ්බ මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමේම ඉන්න කිහිපදෙනේක්ව අරගෙන යනවා embassy යට තනතුරු දෙන්න. මිනිස්සු නැහැ. ඉතින් මන් මේ කියන්නේ මේ වගේ මෙච්චර මේ fail වෙච්ච මනුස්සයෙක් දේශපාලනමය වශයෙන් 1994 පක්ෂය ගත්තේ අද වෙනකම් මේ පක්ෂයේ අන්තිමට නන්නත්තාර වෙලා එක seat එකක් නැති වෙන තත්ත්වෙට පක්ෂේ විනාස කරපු මනුස්සයෙක්ට රටක් හදන්න පුලුවන්ද?

මේ දේ තේරුම් ගන්න එපැයි මේ මිනිස්සු ටික . උදේට ඇවිල්ල සජිත් ප්‍රේමදාස එක්ක හිනා වෙලා කතා කරනවා රෑට ගිහින් එතන කතා කරපු ඔක්කොම අරයගෙ කනේ තියනවා . මේවා අපි හැමෝම කව්ද කරන්නේ කියලත් දන්නවා. මන් මේවා නායක තුමාට කියලත් තියෙනවා . දැන් ඔය හරින් ලා මනුෂ ලා පළවෙනියට ගියපු සැරේ එවෙලේම විනය පරීක්ෂණයත් කරා නම් ආයේ ඔය කව්රුත් මුකුත් දේවල් කියන්නෙත් නැහැ. මේ ප්‍රශ්නේ නිසා රටේ බහුතරයක් මිනිස්සු හිතනවා සජිත් ප්‍රේමදාසට මේ control නැති පිරිසක් එක්ක ඉන්නේ කියල . ඉතින් ඒ නිසා දැන් වත් මන් මේ ඉතාමත් හරිම හිතේ අමාරුවෙන් කියන්නේ මොකද මේ අපි විතරයි බලනකොට අවංකව ඉන්නේ.

අනික් එවුන් ඔක්කොම අතනටත් හොඳයි මෙතනටත් හොඳයි. දැන් බලන්න මේ අරගලවලට සම්බන්ධ වෙච්ච එක්කෙනෙක්ට නඩු තියෙනවද?

අර සිවිල් ක්‍රියාකාරී කිහිපදෙනෙක්ට නඩු තියෙනවා අපේ එක්කෙනෙක්ට තියෙනවද?

මට නඩු 5 ක් විතර තියෙනවා. දැන් මාත් රනිල් එක්ක හොඳ නම් මට නඩු තියෙන්න විදිහක් නැහැනේ.

තමුන්ගෙ නායකය රනිල් කියා හිතාගෙන මේකෙ ඉන්නවානම්...

ඉතින් ඒ නිසා පළවෙනියට අපි පක්ෂයක් ඇතුලේ ඉන්න ඕනි. දැන් අපි එතන ඕනේ නැති හින්ද නේ වෙනම පක්ෂයක් හදාගෙන වැඩ පිළිවෙලක් කරගෙන යන්නේ. එතන හරි නැති හින්ද නේ මෙතනට ආවේ. එතකොට මේක ඇතුලේ හරියට කකුල් දෙක තියාගෙන ඉන්න බැරි නම් නායකයට ගරුත්වයක් නැත්තන් තාමත් තමුන්ගේ නායකයා රනිල් කියල හිතාගෙන ඉන්නවනම් මට හිතාගන්න බැහැ අපි මොකද්ද මේක ඇතුලේ කරන්නේ කියල

පහු ගිය දවස් වල මගෙන් ගොඩක් ය ඇහුව ඇයි මේ මාධ්‍ය වල පෙනී ඉන්නේ නැත්තේ මොකද්ද කලකිරීමෙන්ද ඉන්නේ කියල . ඔව් කලකිරීමෙන් හිටියේ. අපි මේ මැරී ගෙන මේක ඇතුලේ වැඩ කරනවා හිර ගෙවල් ඇතුලට යනවා , arrest වෙනවා නොයෙකුත් කතා අහගන්නවා . හැමදේම කරන්නේ මේ පුළුවන් කමකට නෙමෙයි සර්.

සර් ජාතික සංවිධායක වගේම මම කාන්තා එකේ ජාතික සංවිධායක අපි මේ පුළුවන් කමකට මේවා කරනවා නෙවෙයි ගොඩක් කැපකිරීම් කරලා තියෙනවා . දැන් ඔබ දැක්කනේ මෙතනත් ඇවිල්ල ඉඳගත්ත ගමන් ළමයි ටික ඇවිල්ල ඉඳගත්තා . ඉතින් ලේසි වැඩක් නෙමෙයි. එත් අපි ඒ කැපකිරීම් කරනවා. අපි කොලඹ කොයි හරි යාපනේට යන්න කිව්වත් හරි අපි කොහොම හරි ඒ වැඩේ කරලා එනවා.හැබැයි වැඩේ තියෙන්නේ අපි ගැන කිසිම තැකීමක් හඳුනා ගැනීමක් 'අනේ ඔයා කරපු වැඩේ හොඳයි' කියල කියන දෙයක් ඒ මුකුත් නැහැ.

ලං කරගන්නෙත් අර දෙපිට කාට්ටු මිනිස්සුන්ව තමයි වටේ තියන් ඉන්නේ. උන් කරන වැඩකුත් නැහැ. උන් නායක තුමා වෙනුවෙන් කරන දේකුත් නැහැ. හැබැයි ඒ මිනිස්සු ටික තමයි ලඟ තියාගෙන ඉන්නේ.මන් මේ කියන්නේ මේ ක්‍රමවේදය වෙනස් උනේ නැත්තම් අපිට ජනාධිපතිවරණය දිනන්න හිතන්නවත් බැහැ.

මේ ක්‍රමවේදය වෙනස් උනේ නැත්තම් අපිට ජනාධිපතිවරණය දිනන්න හිතන්නවත් බැහැ...

දැන් ඔය ජන පවුර වැඩසටහනට අමතරව අපි අවුරුදු 3ක් තිස්සේ මේ පක්ෂේ කරගෙන යනවා.මට කියන්න එක වැඩසටහනක් අපි මේ අවුරුදු 3 ඇතුලත දී මෙච්චර තනතුරු දරන උදවිය ඉන්නවා තරුණ සංගමයක් කියල එකක් තියෙනවා කාන්ත සංගමයක් තියෙනවා මේ අවුරුදු 3 ඇතුලත දී අලුතින් එක චන්දයක් ඇතුලත් කරගන්න මීට කලින් අපිට තිබ්බ වැඩසටහන් මොනාද කියන්නකෝ?

ඉතින් මේවා ගැන ඉතාමත් බරපතල විදිහට අපිට හිතන්න වෙනවා. බොරු කියන්න ඕනේ නැහැ. මගේ මේ ආසනයේ ඉන්න අපේක්ෂක අපේක්ෂිකාවෝ ටික මේ සැරේ මැතිවරණයට ඉදිරිපත් උනොත් අනිවාර්යයෙන්  80% කට්ටියක් දිනනවා.

ඒ තරම් දක්ෂ කණ්ඩායමක් මං දාල තිබ්බේ අලුත් ම කණ්ඩායමක් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තරුණ චන්ද නැති එක ඒ තරුණ චන්ද එක්කහු කර ගැනීම සඳහා මන් තරුණ තරුණියන් විතරක් 10ක් දැම්ම. මේ සැරේ මේ chance එක miss උනොත් අපිට ආයේ chance එකක් එන්නේ නැහැ. ඉතින් මේ chance එක එක්කහු කරන් නයි ටිකත් වටේ තියන් ඉන්නවා. මේ chance එකට අපි ගන්න හදද්දී . කොහොමද අපි මේක කරන්නේ? ඉතින් මන් කියන්නේ මෙකී මේ තනතුරු ලබා දෙද්දී විශ්වාසවන්ත වැඩක් කරන්න පුලුවන් මනුස්සයෙකුට දෙන්න .

මට කියන්න පක්ෂේ promote කරන වැඩසටහනක් කරන මිනිහෙක් ඉන්නවද ?

එක තැනක එක මනුස්සයෙක් නායක තුමා වෙනුවෙන් දෙයක් කියනවද ?

ඇවිල්ල ඉවර වෙලා තමුන්ගේ අරක මේක ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයේ තමන්ගේ මනාප ටික එක්කහු කරගන්න තමයි campaign එක කරන්නේ.හරිම ආත්මාර්ථකාමී . ඉතින් මෙහෙම අපිට මේ ගමන යන්න බැහැ .

නායක තුමාට කියල මේ නයි ටික අඩු කරන්න...

ඒ හින්ද මම ඔබ තුමාගෙන් ඉල්ලා සිටින්නේ ගරු සංවිධායක තුමණි මේකේ වැඩේ කරුණාකරලා නායක තුමාට කියල මේ නයි ටික අඩු කරන්න.

මොනාද මේ ආණ්ඩුවලින් හැමදාම කරන්නේ ආණ්ඩුව ගත්ත ගමන් සිහියක් නැහැ අර ජොබ් ටිකක් ලැබිච්ච ගමන් අර වෙන පක්ෂ වලින් එක්කහු වෙච්ච මිනිස්සුන්ට ජොබ් ටික දෙනවා.

ඔය ඉහල පෙලේ මිනිස්සුන්ට දැන් පෝලිම් වල යන්න දෙයක් නැහැ කෝටා එකට තෙල් හම්බ වෙනවා. ගෑස් ටික හම්බ වෙනවා ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබ්බද කියලවත් මතක නැහැ. හැබැයි එක බිම් මට්ටමේ මිනිස්සුන්ට එහෙම නැහැ. බිම් මට්ටමේ හැම කෙනාම තාමත් පරණ විදිහටම දුක් විඳිනවා.

දැන් බලන්න අර ඖෂධ අධිකාරියේ සබාපති මේ මිනිස්සු මිනිස්සුද? අර අමල් බිසෝ ගේ කතාව වගේ තමයි ලු එහෙම ඉතින් ඉදල හිටලා මරණයක් වෙන්න පුළුවන් ලු බෙහෙත් වැරදිලා . දැන් මන් ඔගොල්ලන්ගෙන් අහන්නේ pressure වලට sugar වලට එහෙම නැත්තම් මොකක් හරි පොඩි ඔලුව කැක්කුමකට ගත්ත painkiller එක ඉස්සර බෙහෙත් එක්ක සංසන්දනය කරද්දී දැන් අපිට හම්බ වෙන්නේ ඉන්දියාවෙනුයි ඒකත් ඉන්දියාවෙනුත් reject කරන අන්තිම ජරා බෙහෙත්.

ඊයේ දවසේ රාගම හොස්පිටල් එකේ අම්ම කෙනෙක් නැති උනා බෙහෙත් විස වෙලා අද පුංචි දරුවෙක් නැති උනා පේරාදෙණිය හොස්පිටල් එකේ දැන් මේ මරණ වලට කව්ද වග කියන්නේ?

අයි මේ මිනිස්සු හිතාගන්න බැරි හදිස්සි ලෙඩ වලින් මැරෙන්නේ?

මේ මිනිස්සු මැරෙන්නෙ විස සහිත බෙහෙත් හින්ද...

මේ තියෙන විස සහිත බෙහෙත් හින්ද . ඉතින් මේ මේවා පිළිබඳව පාර්ලිමේන්තුවේ තවත් හඬ නගන්න කියල ඔබතුමන් ලාගෙන් ඉල්ලා සිටිනවා.

අපි කතා කරන්නේ නැත්තම් මේ ගැන කව්රුත් කතා කරන්නේ නැහැ මොකද ආණ්ඩුවේ හැමෝම නිධි වර්ජිතව ඉන්නේ එගොල්ලොන් දන්නෙත් නැහැ ඒගොල්ලෝ මොනාද කරන්නේ කියල ඊලඟට ඒගොල්ලොන්ගේ ප්ලැන් එක බැසිල් ව ගේනවා ද රනිල්ව ගේනවද එහෙම නැත්තම් ආයේ සැරයක් ගෝටාබය ව ගේනවද මහින්දව ගේනවද ඒවා තමයි ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්න මේ රටේ මිනිස්සුන්ට මොනා උනත් ප්‍රශ්නයක් නැහැ.

අද දුෂණ විරෝධී පනතක් ගෙනාවා. මම දැක්ක ජී .එල් .පීරිස් මැතිතුමා ඉතාමත් හොඳ කතාවක් ඉදිරිපත් කරා.එතුමා එතැනදී කියනවා රාජපක්ෂ වරු හොරු කියල. හැබැයි රාජපක්ෂවරු හොරකම් කරේ හොරකම් අහුවෙන්න නෙමෙයි. ඔක්කොම පිටරට වල වල තමයි සල්ලි දාන්නේ . එතකොට මේ පිටරටවල් වල තියෙන බැංකු වල ඒ මුදල් මෙරටට ගෙන්වා ගැනීමට කිසිදු විදිහේ වැඩපිළිවෙලක් මේ පනතේ නැහැ. මේ දුෂණ විරෝධී පනත පන නැති කෙසෙල් කඳක් වගේ.

මේක තවත් ශක්තිමත් වෙන්න නම් ජාත්‍යන්තර සංවිධාන එක්ක කතා කරලා දන්වැල් හදාගන්න ඕන එක සම්පුර්ණ ඇත්ත. කව්රුහරි කෙනෙක් හිතනවා අහවල් දේශපාලකයා අහවල් නිලධාරියා හොරකම් කරලා තියෙනව් කියල complain එක දැම්මට පස්සේ බැරිම වෙලාවේ තාක්ෂණික ගැටළු නිසා ඒ complain එක වැරදිලා ඒ පුද්ගලය නිදහස් උනොත් අර complain එක දාපු මනුස්සය අවුරුදු 10ක් හිරේ.

කව්ද complain දාන්නේ එතකොට? අල්ලස් චෝදනාවට ලක් වෙච්ච මනුස්සය අවුරුදු 7ක් හිරේ . ඔබ සියලු දෙන දන්නවා අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ආයතන 3 ක් තියෙනව. අල්ලස් හා දුෂණ කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව, cid එක මේ ආයතන 3 නිලධාරීන් දුෂිත නම්? හොරු අල්ලගන්න පුළුවන් වෙයිද? මේවා නිකම් මේ ජනතාවගේ මතය පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න තියෙන ප්‍රශ්න ටික අමතක කරන්න එක එක මාතෘකා සතියෙන් සතියට කරලියට ගේනවා . මේ ඒවගේ මාතෘකාවක් දූෂණ විරෝධී පනතක් ගේන ගමන් අනික් පැත්තෙන් විකාශන නියාමන පනතක් ගේනවා. බැදුම්කර වංචාව පිළිබඳව පළවෙනියටම කිව්වේ මාධ්‍ය. දැන් මාධ්‍ය විකාශන පනතක් ගෙනල්ල ඉවර වෙලා මාධ්‍ය මර්ධනය කරන්න යනවා නම් ඒ මර්ධනයත් එක්ක කොහොමද දුෂණ විරෝධී පනතක් ඉස්සරහට ගේන්නේ මොන බොරු කතාවක් ද ?

ආයෙත් අරගලයක් ඔ්නෑ වේවි...

සැප්තැම්බර් , ඔක්තෝබර් වගේ වෙනකොට අපිට හරියට අනිත් රටවල් එක්ක එක මේසෙකට ඇවිල්ල සාකච්ඡා සාර්ථක වුනේ නැත්තම් අපි අතිශය අමාරුවක වැටෙනවා.  එහෙම උනොත් එහෙම ආයේ එක සැරයක් මතක් උනොත් එහෙම මේ රටේ ඔය කැගහන මිනිස්සුන්ට දැන් අරගලේ එපා වෙලා තියෙන මිනිස්සුන්ට ආයේ අර එලියට බැහැපු සිවිල් සංවිධායක වරුන්ව සහ අරගල කරුවන්ව මතක් වෙයි.

එතකොට කියයි ඉතින් ආයේ සැරයක් අරගලයක් අවශ්‍ය වෙයි කියල මිනිස්සුම කියයි මේ රනිල් රාජපක්ෂවත් යවන්න.අපි ස.ජ.බ. අපේ අඩුපාඩු ටික හදාගෙන ඉදිරියට ගියොත් අනිවාර්යයෙන්  අපිට ආණ්ඩුවක් ගන්න පුළුවන්. හොඳම කණ්ඩායම ඉන්නේ අපේ ලඟ විතරයි."

අදාල වීඩියෝවක් පහත දිගුවේ දැක්වේ

https://www.facebook.com/watch/?v=280948634495370

No comments:

Post a Comment