Friday, 16 June 2023

මංජු නිශ්ශංකට දෙවන වරටත් අපගේ කණගාටුව..!

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.16, ප.ව.6.00) ලංකා ඊ නිව්ස් විසින් 2023 අප්‍රේල් 26 වැනිදා පළ කළ "එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් කෝටි 25 ක් ගිල්ල රටම සොයන "චාමර ගුණසේකර" ගැන සීඅයිඩියට ඔත්තුවක්..!" නම් පුවතින් (දැන් එම පුවත ලංකා ඊ නිව්ස් වෙතින් ඉවත් කර තිබේ) මංජු නිශ්ශංක මහතාට යම් හානියක්, සිත් රිදීමක් සිදුවූයේ නම් අපි ඔහුගෙන් සමාව අයදිමින් අපගේ කණගාටුව දෙවන වරටත් ප්‍රකාශ කරමු. මෙම දෙවන කණගාටුව ප්‍රකාශ කරන්නේ මංජු නිශ්ශංක මහතා සිය නීතිඥ සමාගම හරහා එවන ලද එන්තරවාසියේ ඉල්ලීම් ප්‍රකාරව ය. 

එන්තරවාසියක් එවීමට ප්‍රථමයෙන් ද අපගේ පුවතට සම්බන්ධ කරුණු සත්‍යයෙන් තොර බව අපට ඒත්තු වූ සැනින් 2023 මැයි 16 දින අපගේම උනන්දුව අනුව අප මංජු නිශ්ශංක මහතාට කණගාටුව ප්‍රකාශ කර සිටියෙමු. ( කියවන්න "චාමර ගුණසේකර අවුල් ජාලයක් වේ..! මංජුට ගොඩහේවාට අපේ කණගාටුව..!!")

ඒ අනුව අපට සිතා මතා ද්වේශ සහගතව මංජු නිශ්ශංක මහතාට හානියක් කිරීමේ අරමුණක් නොතිබූ බව සියළු දෙනාට පසක් වනු ඇත. 

-ලංකා ඊ නිව්ස් ප්‍රධාන කර්තෘ

No comments:

Post a Comment