බරපතල ඖෂධ හිඟයක් හැදුවේ කව්ද.? ගෙන්වන ඒවායෙත් ප්‍රමිතිය නැති වුනේ කොහොමද..?
-විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ සහ විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා සාක්කි සහිතව හෙළිකරති
(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.29, ප.ව.7.30) රටේ පවතින බරපතල ඖෂධ හිඟයක් ඇති වුනේ කෙසේද? එමෙන්ම ගෙන්වන ඖෂධවල ද ප්‍රමිතිය නැති වුනේ කෙසේද? යන්න ගැන විශේෂඥ වෛද්‍යවරු දෙදෙනකුම අද පැවැති මාධ්‍ය හමුවකදී කරුණු සාක්කි හෙළි කළහ. එක්සත් ජනරජ පෙරමුණ විසින් අද (29) පැවැති මාධ්‍ය හමුවක දී ඔව්හු මේ අදහස් පළ කළහ.
ඇමැති කෙහෙළිය කියන්නේ බොරු..!
-එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
"අද අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොට රටේ බරපතල ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. මේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ පිළිබඳව. මේ ප්‍රශ්නය දෙයාකාරයකින් තියෙනවා. පළවෙනිම ප්‍රශ්නය තමයි ඖෂධ හිඟය, දෙවෙනි ප්‍රශ්නය ඖෂධවල තත්ත්වය පිළිබඳ ගැටලු මතුවීම.
මේ දවස්වල අපේ ගරු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා අමුතුම නාටකයක් රඟ දක්වමින් ඉන්නවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා එතුමා කිව්වා මේ රටට අවශ්‍ය ඖෂධ ගැනීමට එයාගේ ළඟ මුදල් නැහැ. ඒ මුදල් නොලැබුනොත් එතුමා ඇමති පදවියෙන් අස්වෙනවා කියල. දැන් ඊයේ වෙනකොට කියන්න පටන් අරගෙන තියෙනවා, දැන් මුදල් ලැබුනා. ඒක නිසා මම ඇමති පදවියේ ඉන්නවා කියලා. මේ කරුණු දෙකම බොරු.
මුදල් වල අඩුවක් වෙලා නෑ..
ඇත්ත වශයෙන්ම දැන් අපේ රටට අවශ්‍ය තරම් මුදල් තියෙනවද කියලා අපට දැනගැනීමේ හැකියාව තියෙන්නේ එක් එක් අය වැයෙන් කොතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවද කියලා විමසීමෙන්. මේ වසරට ලංකාවේ සෞඛ්‍ය සඳහා අයවැයෙන් වෙන් කරලා තියෙනවා බිලියන 432ක්. මේක ඊට උඩින් අවුරුද්දේ බිලියන 223ක් වෙලා තිබිලා තියෙනවා. එතකොට මෙය ඇත්ත වශයෙන්ම කියනවා නම් දෙගුණයක පමණ වැඩිවීමක් රුපියල් බිලියන වලින්. අපි දැන් රුපියලේ අවප්‍රමාණය ගත්තත් ඇත්ත වශයෙන්ම කිසිම ආකාරයකින් ලංකාවේ සෞඛ්‍ය සේවයට අනුමත කරලා තියෙන මුදල් ප්‍රමාණය අඩුවක් කරලා නැහැ. මේ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම සිදු වෙලා තියෙන්නේ ඒ අවශ්‍ය ඖෂධ අවශ්‍ය ප්‍රමාණයෙන් මිලදී ගැනීම. ඒවා කාර්යක්ෂම සහ පාරදෘශ්‍යභාවයකින් වංචනික බවකින් තොරව සිදු නොකිරීම නිසා තමයි මේ රටේ මේ ඖෂධ අර්බුදය පැන නැගිලා තියෙන්නේ.
ඔබට තේරෙනවා ඇති මම ඉස්සෙල්ලා කිව්වා වගේ වෙන්කරපු මුදල් වල අඩුවීමක් නැහැ. නමුත් මේ වෙන්කරපු මුදල්වල අඩුවීමක් නැති වුණත් අපි බලමු මොකද මේ රටේ මිනිස්සුන්ට මේ ඖෂධ හිඟය? මේ ඖෂධ හිඟය හැමතැනම දැන් තියෙනවා. පළමුවෙන්ම ගරු ඇමතිතුමා කියනවා නම් මුදල් නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා. මම මතක් කරන්න කැමතියි, මේ ආර්ථික අර්බුදය ඇති කරපු රජයේ ප්‍රබල ඇමතිවරයෙක් හැටියට එතුමා හිටියා. ඒක නිසා, අපි දන්නේ නෑ අනේ මේ රට බංකොලොත් කරලා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ කියලා කියන්න බෑ.
ඖෂධ හිඟයට හේතුව මෙන්න..
දෙවනුව දැන් මම අර ඉස්සෙල්ලා සඳහන් කළා වගේ මේ හිඟයට හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ හඳුනා නොගෙන ඒ අත්‍යවශ්‍ය ඖෂධ සඳහා මුදල් වෙන් නො කොට අත්‍යවශ්‍ය නොවන ඖෂධ සඳහා ඒ මුදල් යොදා ගැනීම ප්‍රධාන වශයෙන්. මේ වෙනකොට ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ වලින් සාමාන්‍යයෙන් 150ක පමණ හිඟයක් රෝහල්වල තියෙනවා. මේකට හේතුව තමයි මේ ඖෂධ හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රැස් කළ යුතු විශේෂඥ කමිටු රැස් නොකොට තමන්ගේ හිතුමතයට තීරණ ගැනීම.
දැන් ඔබ දන්නවා වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ කොටස් තියෙනවා. කායික රෝග, ශල්‍ය රෝග, ළමා රෝග, ප්‍රසව හා නාරි රෝග ඒ ආකාරයේ විවිධාකාර ක්ෂේත්‍ර තියෙනවා. මේ ක්ෂේත්‍රවල එක් එක් ක්ෂේත්‍රවලට අවශ්‍ය ඖෂධ මොනවාද කියලා තීරණය කිරීම සඳහා ඒ ඒ විශේෂඥ වෛද්‍යවරුන් කැඳවලා ඒ අයගෙන් විමසන්න ඕන.
විශේෂඥ වෛද්‍ය කමිටු කැඳවා විමසලා නෑ..
විශේෂයෙන්ම එතුමා කියන ආකාරයේ මුදල් අහේනියක් තියෙනවා නම් ඒ මුදල් අහේනිය යටතේ තියෙන සුළු මුදල් ප්‍රමාණය තියෙනවා නම්. මම කියන්නෑ කියලා. එහෙම තියෙනවා නම් ඒ තියෙන සුළු මුදල් ප්‍රමාණය මත මිලදී ගත යුතු අත්‍යවශ්‍ය ඖෂධ මොනවද කියලා අහලා දැන ගන්න ඕන මේ විශේෂඥ වෛද්‍යවරු. ඒ සඳහා ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතන තියෙනවා. කියලා තියෙනවා. කායික වෛද්‍ය ආයතනයක් තියෙනවා. ශල්‍ය වෛද්‍යවරුන්ගේ ආයතනයක් තියෙනවා. ඒ වගේම ප්‍රසව හා නාරි වෛද්‍යවරු මේ ආකාරයෙන් විවිධ විශේෂඥ ආයතන. මේ විශේෂඥ ආයතන වලින් ඔවුන් නම් කරන පිරිස් සෞඛ්‍ය අමාත්‍යාංශයට රැස් කරලා මේ තියෙන ප්‍රශ්නය හමුවේ මිලදී ගත යුතු අත්‍යවශ්‍ය ඖෂධ මොනවා ද කියලා කමිටු රැස් කිරීමක් සිදු කරලා නැහැ.
කෙහෙළිය කරලා තියෙන වැරදි දෙකක්..
මේ බව පැහැදිලි වනවා. මම හිතන්නේ මීට දිනකට හෝ දෙකකට ප්‍රථම අර කෝපා කමිටුවේදී ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කරපු ප්‍රකාශ වලින්. එතකොට මේ වැදගත් කාර්යය ගරු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නායකත්වයෙන් තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරලා නැහැ. එතකොට මෙහෙම හඳුනා ගැනීමකින් තොරව කොහොමද ඖෂධ මිලදී ගන්නේ? ඇත්ත වශයෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ අත්‍යවශ්‍ය ඖෂධ වලට යොමු කළ යුතු මුදල්, අත්‍යවශ්‍ය නොවන ඖෂධ සඳහා යොමු කිරීම එකක්. දෙවනුව මිල අඩු, ප්‍රමිතියෙන් හොඳ ඖෂධ ලබා ගැනීම හැකියාව තියෙද්දි මිලෙන් වැඩි ඖෂධ මිලදී ගැනීම. ඒ වගේම මෙහිදී ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න රාශියක් මතු වෙලා තියෙනවා."
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලය බිඳලා; ඒ නිසයි බෙහෙත් විස වෙලා තියෙන්නෙ..!
-ස්නායු රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
"වෛද්‍යවරයෙක් හැටියට මමත් රෝගියෙක් හැටියට ඔබත් මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් පසුගිය දින කිහිපය තුළ අපේ රටේ මාධ්‍ය වලින් අපි ඉතා පැහැදිලිව දැක්කා මරණ සහ ශරීරයේ අවයව අහිමි වීම, බෙහෙත් හා සම්බන්ධව සිදුවූ බෙහෙත් අරගන්න ආව රෝගියා, වෛද්‍යවරයා විශ්වාස කරලා ඒ වෛද්‍යවරයා දෙන බෙහෙත අරගත්තායින් පස්සේ අවයවයක් අහිමි වුණා නම්, ඇහැක් අහිමි වුණා නම්, ජීවිතය අහිමි වුණා නම්, කවුද වග කියන්නේ? පළවෙනි වතාවට ඒ ප්‍රශ්නය ඔබ රෝගියා හැටියට අහන්නේ වෛද්‍යවරයාගෙන් ඇයි මට මේ බෙහෙත දුන්නේ වෛද්‍ය වරයා කාගෙන්ද අහන්නේ වෛද්‍යවරයා අහන්නේ මේ රටේ මේ බෙහෙත නිර්දේශ කරන්න කියලා වෛද්‍යවරයාට බල කරන අධිකාරිය ඔබට මේ වෙලාවේ දකින්නට ලැබුණේ මරණ එකක් දෙකක් හෝ අවයව එකක් දෙකක් හෝ පමණක් නැතිවීම නම් හිතන්න ඒ එපමණයි ඇත්තටම මේක නිසා වුනේ කියලා. මේ කාරණය වගේ.
අයිස් කන්දේ මුදුණ අපිට පේනවා. යට තව කොච්චර එහෙම වුණාද කියලා හොයා නොගත්ත විශාල ප්‍රමාණයක් තව ඇති. වාර්තා නොවුණු, එහෙමත් නැත්නම් වාර්තා කරන්න තරම් ඒ පිළිබඳ කල්පනාවක් අපිට නැතිව. ඒ නිසා, මේ වෙච්ච පොඩි දේ මහ විශාල ව්‍යවසනයක ආරම්භය විය හැකි යැයි සිතා වෛද්‍යවරයා දෙන බෙහෙත බය නැතුව, ගිලින්න වෛද්‍යවරයා දෙන එන්නත, බය නැතුව ගන්න. ඔබට අවශ්‍ය ලබාගැනීමට අවශ්‍ය සහයෝගය දීමටයි අපි මේ හමුවෙන්නේ. වෛද්‍යවරයා විසින් ඒ බෙහෙත නිර්දේශ කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තීරණය කළායින් පස්සේ. යම්කිසි බෙහෙතක් මොන බෙහෙතද ගේන්නේ? කොයි ප්‍රමිතියටද ගේන්නේ? ඒ බෙහෙත රට ඉඳන් මෙහාට එනකං කොයි විදිහටද ආවේ? ගෙනාව මොහොතේ ඉඳන් රෝගියාගේ දේහගත වෙනකන් කොයි විදිහටද ඒ බෙහෙත ගමන් කරන, කළමනාකරණය සිද්ධවෙන්නේ? දේහයට ඇතුල් කළායින් පස්සේ. ඒක කොයි විදිහටද වැඩ සාධාරණය රෝගියාට ඉටු වෙන්නේ. අසාධාරණයක් වුණා නම් කොයි විදිහටද අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන මුළු කළමනාකරණය ම ඒ පිළිබඳ හැසිරීම ම ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුයි. ඒ තුළයි අපේ විශ්වාසය තියෙන්නේ.
ඖෂධ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙක් නැතුව මාස ගණනාවක් දුවලා..
අද මොකක්ද වෙලා තියෙන්නේ? ඒක විනාශයට පත් කරමින් ඉන්නවා. ඒකේ බලය බිඳලා තියෙනවා. මේ ජාතික නියාමන අධිකාරිය ඉතාමත් ස්වාධීන ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉතාමත් ස්වාධීන ආයතනයක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ පිළිබඳව හසල ප්‍රාමාණික දැනුමක් තියෙන විශේෂඥවරුන් හා වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් ඒකෙ ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාත්මක වීම තුළ ලබා ගන්නා ඉතා නිවැරදි තීරණ වලින් අපට වෛද්‍යවරුන් හැටියට මේ බෙහෙත දෙන්න කියලා නිර්දේශ කලහම අපි විශාල වගකීමකින් ඒ බෙහෙත ඔවුන් කෙරෙහි විශ්වාසය තබා රෝගියාට දෙනවා. එතකොට මේ වෙනකොට ඖෂධ නියාමන අධිකාරියේ සංයුතියේ බරපතල ප්‍රශ්න තියෙනවා ඖෂධ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙක් නැතුව මාස ගණනාවක් දැන් මේක දුවලා. ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙක් හෝ ඒ පිළිබඳව වෘත්තිකයා, ප්‍රධාන කෙනෙක් වැනි වෘත්තිකයෙක් නැතුව, මාස ගණනාවක් දුවලා.
එතකොට බෙහෙත ගැන අපි කොහොමද විශ්වාස කරන්නෙ..?
එතකොට ඒකෙන් එළියට එන බෙහෙතේ ප්‍රමිතිය පිළිබඳව කොහොමද අපි විශ්වාස කරන්නේ? එතකොට අපෙන් අහන ප්‍රශ්නයට ඔබ, ඔබට දෙන බෙහෙත වෙනුවෙන් අපෙන් අහන ප්‍රශ්නයට, මේක බිව්වට කමක් නැද්ද ඩොක්ටර්? මොනවද මේකේ තියෙන වෙනදා තියෙන විශ්වාසයෙන් අපිට කියාගන්න බැරි තැනකට මේ එක එක පත්වෙලා පත්වෙමින් පවතිනවා.
තව සිද්ධි කිහිපයක් නිසා මේක තවත් අකර්මණ්‍ය තත්වයකට පත්වුණාදෝ කියලා අපිට හිතෙනවා. අපිට මේක ප්‍රශ්නයක්. අපිට මේක නිසි පරිදි දුවන්න ඕනේ. ඒ නිසි පරිදි දිවීමේ වගකීම ගරු සෞඛ්‍ය ඇමතිතුමා සතුයි. ඒ දුර්වල වීම ඔහු විසින් සම්පූර්ණ වගකීම භාරගත යුතුයි. ඒ වගේම අපි එතකොට ඒ අතරතුරේ ඉතාමත් කණගාටුදායක සිද්ධියක් තමයි මේ දුර්වල වීමත් එක්ක ආයි නියම ප්‍රමිති ක්‍රමවේදයෙන් තොරව, වේගවත්ව බෙහෙත් ලබාගන්න ගිහිල්ලා, නියම ප්‍රමිතියෙන් පිට බෙහෙත් එනවාදෝ කියන සැකය අපිට නැවතත් ඇතිවෙලා තියෙනවා. එතකොට ආයතනය දුර්වල වීම නිසා, නියම ක්‍රමවේදයට එන, බෙහෙත්වල ප්‍රමිතියට නියම ක්‍රමවේදයෙන් පිටව එන බෙහෙත් වල ප්‍රමිතියට හරි ප්‍රමිතියද කියලා නොදන්නාකමත් අපිට තියෙනවා. ඒ නිසා බෙහෙතක් ගන්නකොට ඒකේ ප්‍රමිතිය අපිට අවශ්‍යයි.
දැනට මරණ එකක් දෙකක් වුනාට අවුරුදු කිහිපයකින් තව වැඩි වෙනවා..
කොටින්ම කියනවා නම් රටකට වස ගෙන්වන කොට ඒකේ ප්‍රමිතියක් තියෙනවා නම්, බෙහෙතේ ප්‍රමිතිය අපි මෙච්චර දුරට අවතක්සේරු කරන්නේ කොහොමද? ඒ නිසා යම්කිසි මරණ වෙනවා නම් අනාගතයේදී, මේ බෙහෙත් හේතුව නිසා, ඔබට අද එකක් දෙකක් දැක්කාට, තව අවුරුදු ටිකෙන් ටික විනාශ වෙන මරණ ටිකෙන් ටික ශරීරයට හානි වීම් අපිට මේ නිසා ඇති වෙන්න පුළුවන්. ඒ ගැන අපි පරිස්සම් විය යුතුයි. ඒ තත්වය වළක්වා ගත යුතුයි. එය වළක්වා ගැනීම සඳහායි අපේ මේ සටන."

No comments:
Post a Comment