7 ක් මරා 10 කගේ දෑස් අන්ධකළ මිනීමරු කෙහෙළිය පල පල..! බැරිනම් ආණ්ඩුවම ගෙදර පල..! සටන ඇරඹේ..!!
-මාණ්ඩලික වාර්තාකරුවෙක් ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.15, ප.ව.9.40) බාල බෙහෙත් නිසා මේ වන විට 7 දෙනෙකු අකාලයේ මරුට ගොදුරු කර 10 දෙනෙකුගේ දෑස් අන්ධ කළ මිනීමරු සෞඛ්‍ය ඇමැතිකාරයා කෙහෙළිය රඹුක්වැල්ල පන්නා දැමීමේ සටන ආරම්භ වී තිබේ.
මිනීමරු කෙහෙළිය ගෙන්වූ සමහර බෙහෙත් වර්ග ජනතාවගේ භාවිතයට නුසුදුසු ඒවා බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් දැනුම් දී ඇත්තේ ජනවාරි 29 වැනිදා තරම් ඈත කාලයේ දී ය. නමුත් ඒවා භාවිතයෙන් ඉවත් නොකර ඒ බාල බෙහෙත් රෝගීන්ට ලබා දුන්නේ ය. ඒ හේතුවෙන් දැන් අද වන විට රෝගීන් 7 දෙනෙකු මිය ගොස් ඇත. ඉන් දෙදෙනෙකු ගැබිණි මව්වරුන් ය. දෙදෙනෙකු කුඩා දරුවන් ය. බාල විෂ අක්ෂි බෙහෙත් නිසා රට පුරා 10 දෙනෙකුගේ පමණ දෑස් අන්ධ වී තිබේ. (මේ ගණන් හිලව් නිසි ලෙස ගණන් බැලුවහොත් මීට වඩා වැඩි විය යුතුය)
ප්‍රධාන හේතු 3 ක්...
මේවාට ප්‍රධාන හේතු 3 කි. එනම් කෙහෙළිය විසින් ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙන්වීමයි. ඒ බෙහෙත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවන නිෂ්පාදනයන් ය. දෙවැන්න ඒවා ගෙන්වා ඇත්තේ නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ගජමිතුරන් විසිනි. තුන්වන කාරණය නම් ගෙන්වූ ඒ බාල බෙහෙත් ද ගෙන්වා ඇත්තේ නියමිත මිලට වඩා හතර ගුණයක් තරම් වැඩි මිලකට ය.
රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ද මේ තත්ත්වය තුල අර්බුදයට ගොස් ඇත. තමන් රෝගීන්ට දෙන්නේ ප්‍රමිතියෙන් යුක්ත බෙහෙත්දැයි වෛද්‍යවරුන්ට ද දැන් සැකයක් තිබේ.
මේ තිරිසන් දේශපාලුවා තවදුරටත් අවශ්‍යද?
මේ තරම් ජනතාද්‍රෝහී මිනීමරු වැඩක් කළ කෙහෙළිය රඹුක්වැල්ල නම් තිරිසන් දේශපාලුවා තවදුරටත් සෞඛ්‍ය ඇමැතිධූරයේ තබා ගන්නවා නම් තව කී දෙනෙකුට වළපල්ලට යන්නට සිදුවන්නේ දැයි දන්නේ දෙවියන් පමණි. කෙහෙළියගේ විස සහිත බාල බෙහෙත් නිසා එසේ අකාලයේ වළපල්ලට යන්නට සිදුවන්නේ ඊලඟට ඔබගේ සුරතල් දරුවා විය හැකිය. නැතහොත් ඔබගේ ප්‍රිය බිරිඳ හෝ සැමියා විය හැකිය. නැත්නම් ඔබගේ ආදරණීය මෑණියන් හෝ පියාණන් විය හැකිය. ඒ නිසා කෙහෙළිය පන්නා දැමීමේ අරගලය අද අංක එකට ගත යුතුය.
ඒ අරගලයේ කොටසක් ලෙස සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් මිනීමරු කෙහෙළියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා මේ වනවිට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගනිමින් සිටී. හෘද සාක්කියක් ඇති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ද විශ්වාස භංගයට අත්සන් කර කෙහෙළිය සෞඛ්‍ය ඇමැතිධූරයෙන් ඉවත් නොකළහොත් මුළු ආණ්ඩුවටම එහි ප්‍රතිවිපාක ලැබෙනු නියත ය.
මෑත අතීතයෙන් පාඩමක්..
මේ තත්ත්වය හරියටම ගැලපෙන්නේ මෝඩ ගෝටාගේ යුගයේ ඉන්ධන අර්බුදය ආරම්භ වෙද්දීම එවකට ඛනිජ තෙල් ඇමැති ලෙස කටයුතු කළ උදය ගම්මන්පිලට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය යි. විපක්ෂයට 113 නැති බව දැන දැන වුනද ගෙන ආ ඒ විශ්වාස භංගයේ දී පොහොට්ටුවෝ ගම්මන්පිල රැකගත් නමුත් ඉන්පසු තෙල්පෝලිම් වල මිනිසුන් මැරී වැටෙද්දී කුපිත වූ ජනතාව අවසානයේ මෝඩ ගෝටාව රටින් ද පන්නා දැමූහ. රාජපක්ෂලා ප්‍රමුඛ පොහොට්ටුවන්ට සිදුවූයේ ඈත දූපත් වල සැඟවී ජීවිතය බේරා ගන්නට ය. මේ තත්ත්වය පිළිබඳ උකුණූ මොළයක හෝ අවබෝධයක් ඇතිනම් අලි- පොහොට්ටු ගජ මිතුරු හොර කල්ලිය අද මිනීමරු කෙහෙළිය රැක නොගත යුතුය. එසේ නොවේ නම් එහි විපාකය ද නුදුරේ දීම මුළු ආණ්ඩුවටම ලැබෙනු නිසැක ය.
කෙහෙළිය පන්නා දැමීමේ ඒකාබද්ධ අරගලයක් 17 දා කොළඹ දී ආරම්භ කිරීමට නියමිතය.


No comments:
Post a Comment