“සාගරගේ පුකේ බැන්ද මීය වගෙයි...!”
-දි අයිලන්ඩ්හි ෂමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු ලියූ ලිපියක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.15, ප.ව.10.40) සමගි ජන බලවේගයේ (SJB) නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රකාශයට පත් කරන ලද විමර්ශනය කුමක් වුවත්, ආර්ථික අර්බුදය පිළිබඳ ගැඹුරු පරීක්ෂණයකට නායකත්වය දෙන බව කැරලිකාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් අඟහරුවාදා (11) ප්‍රකාශ කළේය.
අර්බුදය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මහින්ද යාපා අබේවර්ධන කථානායකයා විසින් පත් කරන ලද පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්ෂයේ ප්‍රසාදය හිමි නොවූ බව පෙන්වා දුන් මහාචාර්ය හේරත් තම විමර්ශනය මාස තුනක් ඇතුළත අවසන් කරන බවට ප්‍රතිඥා දුන්නේය. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවක දී අවධාරණය කළ පරිදි විපක්ෂයට සිය පරීක්ෂණය ඉදිරියට ගෙන යා හැකි බව ද මහාචාර්ය හේරත් පැවසීය.
බංකොලොත් කළේ කව්ද හොයන්න මුට්ටි දේවි ත්...
අබේවර්ධන කථානායකයා විසින් නම් කරන ලද තේරීම් කාරක සභාවට ඇතුළත් වන්නේ, පොහොට්ටුවේ සාගර කාරියවසම්, පවිත්‍රා දේවි වන්නිආරච්චි, ඩී. වී. චානක, මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත කැටගොඩ, ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ සමගි ජන බලවේගයේ (SJB) ඉරාන් වික්‍රමරත්න, අශෝක් අබේසිංහ, හර්ෂණ රාජකරුණා සහ ජාතික ජනතා බලවේගයේ (NPP) විජිත හේරත් සහ දෙමළ ජාතික සන්ධානයේ (TNA) ශානකියන් රසමානික්කම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීන්ය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව (2010-2014), මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව (2015-2019) සහ ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව (2019-2022 අප්‍රේල්) කේන්ද්‍ර කර ගනිමින් 2010 සිට 2022 දක්වා කාලය පිළිබඳව විමර්ශනය කිරීමේ අවශ්‍යතාව මහාචාර්ය හේරත් නාවල නිදහස් ජනතා සභා කාර්යාලයේ දී මාධ්‍ය අමතමින් පැහැදිලි කළේය.
කථානායකයා පාර්ලිමේන්තුව විහිළුවට ලක් කළා..
පොහොට්ටුවේ අවශ්‍යතා පමණක් නියෝජනය කරන තේරීම් කාරක සභාවක් නම් කරමින් අබේවර්ධන කථානායකයා පාර්ලිමේන්තුව විහිළුවට ලක් කළ බව මහාචාර්ය හේරත් පැවසීය. එබැවින් එම තේරීම් කාරක සභාවෙන් ඉවත් වීම හැර විපක්ෂයට වෙනත් විකල්පයක් නොතිබූ බවත් එමගින් එය පුස්සක් වී ඇති බවත් මහාචාර්ය හේරත් පැවසීය.
පාර්ලිමේන්තු කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ආර්ථික අර්බුදය විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පිහිටු වීමට පසු ගිය වසරේ ජූලි මස මුල දී ඉල්ලා සිටි බවත්, ආර්ථික විනාශයට වග කිව යුතු අය හඳුනා ගන්නා තෙක් රටට ඉදිරියට යා නොහැකි බව තමාට තදින්ම දැනුණු බවත් ඔහු පැවසීය.
සන්නද්ධ හමුදා එල්ටීටීඊයට එරෙහි යුද්ධය සාර්ථක ලෙස අවසන් කිරීමට වසරකට පෙර, එනම් 2008 දී ශ්‍රී ලංකාව ස්වෛරී බැඳුම්කර වෙළෙඳ පොළට ඇතුළු වීම පිළිබඳව තම විමර්ශනය විශේෂ අවධානයක් යොමු කරන බව හේරත් පැවසීය.
ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා සිදු කළ අවිචාරවත් ආයෝජන හේතුවෙන් රට පීඩාවට පත් වූ බවට මහින්ද රාජපක්ෂ පාලනයට එල්ල වූ චෝදනා විමර්ශනය කිරීමට අදහස් කරන බව මන්ත්‍රීවරයා පැහැදිලි කළේය. එම කාලය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිකාරයා මුදල් අමාත්‍යකාරයා ලෙස ද කටයුතු කළේය.
යහපාලන ආණ්ඩුවත්..
යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් අවධානය යොමු වන්නේ එම කාලය තුළ ලබා ගත් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 ක් වටිනා වාර්තා ගත ස්වෛරී බැඳුම්කර පිළිබඳවයි. ඩොලර් බිලියන 16 කින් යහපාලන පාලකයන් විසින් වසර පහක් ඇතුළත ඩොලර් බිලියන 12.5 ක් ගෙන ඇති බව මන්ත්‍රීවරයා පැවසීය. වත්මන් ප්‍රධාන විපක්ෂය වන SJB, යහපාලන පාලන කාලයේ දී එහි කොටස්කරුවෙකු විය.
හිටපු කෝප් ප්‍රධානියා කියන පරිදි, ගෝටාබය රාජපක්ෂගේ පරිපාලනය පිළිබඳව කරන විමර්ශනයට පදනම් කර ගන්නේ, ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ණය පාලනය පිළිබඳ (2018-2022) විශේෂ විගණන වාර්තාවයි.
- 2023 ජුලි 13 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Shamindra Ferdinando ලියූ, “Probe into country’s bankruptcy: Ex-COPE Chief going ahead with own inquiry” නම් ප්‍රවෘත්තිය සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

No comments:
Post a Comment